2019ට අදාළ අය වැය විසර්ජන පනත් කෙටුම්පත අද (05) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි...
2019ට අදාළ අය වැය විසර්ජන පනත් කෙටුම්පත අද (05) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම විසර්ජන පනත් කෙටුම්පතට පසුගිය දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. ඒ අනූව අය වැය යෝජනා ලබන මාර්තු 5 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 2312ක් වන අතර ආරක්ෂක අමාත්‍යාංශය සඳහා මෙවර වැඩිම මුදලක් වෙන් කර තිබේ. එය රුපියල් කෝටි 39,309ක්.
2019 අයවැය යෝජනා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම(දෙවන වර කියවීම) මාර්තු මස 05 දින පැවැත්වේ. තුන්වැනි වර කියවීමේ විවාදය මාර්තු13 දින ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත .
2019 ජාතික අයවැයේ අවසන් ඡන්ද විමසීම 2019 අප්‍රේල් මස 04 දින සිදුකිරීමට නියමිතයි. 2019 වර්ෂය සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මගින් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 17%කට වඩා වැඩි අගයක් දක්වා වර්ධනය කිරීම ප්‍රධාන අපේක්ෂාව වන අතර මෙම අයවැය ප්‍රධාන වශයෙන් කාර්ය සාධනය මත පදනම්වූ අයවැයක් ලෙස ඉදිරිපත් කිරීමට රජය බලාපොරොත්තු වේ.
COMMENTS