දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බකමූණ පොලිසිය ඇතුලේ පුද්ගලයෙකුට පහරදී මරා දාලා
Homeගොසිප්

බකමූණ පොලිසිය ඇතුලේ පුද්ගලයෙකුට පහරදී මරා දාලා

PropellerAds

ආරවුලක් සම්බන්ධයෙන් ලැබුණු  පැමිණිල්ලට අනුව එය විසඳීම සඳහා පොලොන්නරුව, දියබෙදුම පොලිස් මුරපොළට කැදවා සිටි කාන්තාවක ඇතුළු තිදෙනකුගෙන් එක් ...

'ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම්'- ජනාධිපති.
කාලයකට පසු ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්!
සාගලගේ ඩීල් එක මොරවක දී හෙළිවෙයි.


ආරවුලක් සම්බන්ධයෙන් ලැබුණු  පැමිණිල්ලට අනුව එය විසඳීම සඳහා පොලොන්නරුව, දියබෙදුම පොලිස් මුරපොළට කැදවා සිටි කාන්තාවක ඇතුළු තිදෙනකුගෙන් එක් අයෙකු ආරවුලට සම්බන්ධ පාර්ශවයේ පුද්ගලයකුට පොලිස් මුරපොළ තුළදී යකඩ පොල්ලකින් හිසට පහරදීම නිසා බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව මිය  ගොස් ඇතැයි බකමූණ පොලිසිය කියයි.

ඉකුත් සිකුරාදා (22) රාත්‍රී 10ට පමණ ඇතිවූ බව  කියන මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ 07, විජයාරාම මාවත, අංක 37/1/2 යන ලිපිනයේ පදිංචි හේෂාන් ප්‍රේමසිරි ද සිල්වා නමැති 44 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

පහරදීම සිදුකළ බව කියන 36 හැවිරිදි
විවාහක පුද්ගලයකු ඒ පහරදීම සඳහා උපයෝගි කරගත් බව කියන යකඩ පොල්ලක් ද සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මැදිරිගිරිය, දියසෙන්පුර මහතලාකොළවැව, පුල්ලෙයාර් හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට අනාවරණය වි තිබේ.

මරණකරු සහ සිද්ධියට අදාළ කාන්තාව දියබෙදුම අත්තනකඩවල ප්‍රදේශයේ පිහිටි කුලී පදනම මත ලබාගත් නිවසක රැදී සිටින විට,
මේ පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරු එහි පැමිණ ආරවුලක් ඇති කරගෙන තිබෙන අතර ඒ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) දැනුම්දීමක් කර ඇත. ඒ අනුව පොලිසිය ඒ ස්ථානයට ගොස් ආරවුල සමථයකට පත් කිරිම සඳහා පොලිස් මුරපොළට පැමිණෙන ලෙසට පාර්ශවකරුවන්ට දැනුම්දී තිබේ.

 ඔවුන් දෙපිරිසම පොලිස් මුරපොළට පැමිණි පසුව රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු දෙපාර්ශවයේ කරුණු විමසා පැමිණිලි සටහන් කිරිමේ පොත රැගෙන ඒම සඳහා සැරයන්වරිය අසල  පිහිටි කාමරයකට ගොස් ඇත.

ඒ අවස්ථාවේ මේ පහරදීම සිදු කළ බව කියන පුද්ගලයා තමාට මුත්‍රා කිරීමට අවශ්‍ය බව පොලිස් කොස්තාපල්වරයාට දන්වා ඔහුගේ අවසරය ඇතිව පොලිස් මුරපොළෙන් පිටතට පැමිණ තිබේ. ඒ පැමිණ ටික වේලාවකින් ඔහු පැමිණි ත්‍රිරෝද රථයේ තිබු යකඩ පොල්ලක් රැගෙන විත් මරණකරුගේ හිසට පහරදී තිඛෙන බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත.

 පසුව තුවාලකරු පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ. එහෙත් රෝහලට ඇතුළු කිරීමට
පෙර රෝගියා මියගොස් ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

(පොළොන්නරුව න. ග. කරුණාරත්න සහ ඇළහැර සරත් නිශ්ශංක)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බකමූණ පොලිසිය ඇතුලේ පුද්ගලයෙකුට පහරදී මරා දාලා
බකමූණ පොලිසිය ඇතුලේ පුද්ගලයෙකුට පහරදී මරා දාලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjz2FSSTGzVDFdppkPNeggHXXc9utpiKia6WuDxHui_ZquWSXaUvWpEEWGksgdG8HfCG3AkBy_zdKiVF0-MI9aae6bW7GtuiSpZ_4Jvot_2YgRZ1489VVgVQbiU3eQ_ishCxX4UtpCH_Z8/s1600/IMG_20151023_130434.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjz2FSSTGzVDFdppkPNeggHXXc9utpiKia6WuDxHui_ZquWSXaUvWpEEWGksgdG8HfCG3AkBy_zdKiVF0-MI9aae6bW7GtuiSpZ_4Jvot_2YgRZ1489VVgVQbiU3eQ_ishCxX4UtpCH_Z8/s72-c/IMG_20151023_130434.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_317.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_317.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy