දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෝටි 700 දියමන්තිය ගුවනින් මධුෂ්ට ගෙන ගිය සැකයට අමල් හා රයන්ගේ ඩුබායි ගමන ට්‍රේස් කරපු හැටි
Homeගොසිප්

කෝටි 700 දියමන්තිය ගුවනින් මධුෂ්ට ගෙන ගිය සැකයට අමල් හා රයන්ගේ ඩුබායි ගමන ට්‍රේස් කරපු හැටි

PropellerAds

මී ට වසර ගණනකට පෙර සුදු කැස්බෑ සොරකමක් කළ අයෙකු ලෙස ගායක අමල් පෙරේරා ගැන කථාබහට ලක්විය. දුර්ලභ ගණයේ සුදු කැස්බෑවා විකුණන ස්ථානයට ඔහු පැමිණ ...

2018 ජනවාරි 01 සිට මත්පැන් බලපත්‍ර ගාස්තු අඩුවෙන හැටි.
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න රනිල් සමඟ සම්බන්ධ වෙන්නේ මෙහෙමයි.
ඩිලාන්ට - ඉසුරට එරෙහිව ජනපතිට පැමිණිලි.
මීට වසර ගණනකට පෙර සුදු කැස්බෑ සොරකමක් කළ අයෙකු ලෙස ගායක අමල් පෙරේරා ගැන කථාබහට ලක්විය. දුර්ලභ ගණයේ සුදු කැස්බෑවා විකුණන ස්ථානයට ඔහු පැමිණ මිල ගණන් විමසා ටික දිනකින් සුදු කැස්බෑවා අතුරුදන්වී තිබූ අතර එය සොරකම් කරගෙන ගිය අය අතර සැකසහිත අය බවට කැස්බෑ හිමියා අමල් පෙරේරාව සඳහන් කර තිබුණි. සුදු කැස්බෑවා මිලියන ගණනකට මාලදිවයිනට විකුණා දෙන්නට හැකි බවට අමල් පෙරේරා එහිදී කථාකර තිබූ බවක්ද කියැවුණි. නමුත් සාක්ෂි නැතිවම ඒ නඩුව යටපත් විය.
මීට මාස කිහිපයකට පෙර අමල් පෙරේරාගේ නම මාකඳුරේ මධුෂ් හා රයන් වැන්රොවන්ගේද නම් සමග ගෑවෙන්නේ පොලිස් වෙසින් ගොස් පන්නිපිටියේදී කළ රුපියල් කෝටි හත්සියයක් වටිනා දියමන්ති කොල්ලයෙන් පසු
ඩුබායි සිටින මධුෂ් වෙත දියමන්තිය ගුවනින් ගෙන ගිය අයවලුන් ලෙසයි.
මහරගම පොලිස් වසමට අයත් පන්නිපිටිය, ඇරැව්වල නිවෙසකට පොලිස් වෙසින් ගිය කණ්ඩායමක් රුපියල් කෝටි හත්සියයක් වටිනා දියමන්තියක් කොල්ලකාගෙන ගොස් තිබුනේ පසුගිය වසරේ නොවැම්බර් 5දාය.

පැමිණිලිකරු සෞදි අරාබියේ කේටරින් ආයතනයක සේවය කළ අයෙකි. එහි සේවයේ නිරතව සිටි ඔහුට මේ තරම් වටිනා දියමන්තියක් හමුවන්නේ තමන් සේවය කළ සේවා ස්ථානයට ගෙනැවිත් දැමූ පස් ගොඩක තිබියදීය. රේගුවට නොදන්වා මෙරටට එවූ භාණ්ඩ අතරේ සඟවා මේ කියන

දියමන්තිය ඔහු විසින් මෙරටට රැගෙනවිත් තිබුණි. ඔහු සෞදියේදී තම මිතුරන්ටවත් තමන්ට දියමන්තියක් ලද බව නොකියන්නට වග බලා ගත් බව පැවසුණි.

හොර රහසේ තම නිවෙසට දියමන්තිය යැවූ මොහු ඉන් පසුව ලංකාවට පැමිණෙන්නේ මැණික් ව්‍යාපාරිකයකු ලෙසින් ගමනක් අරඹන්නටය. ඔහු මැණික් මිලදී ගෙන විකුණන්නට පටන් ගන්නේ කෙදිනක හෝ දියමන්තිය නිසා තමන් පොහොසතකු වන බව දැනගෙනය.
විවිධ අයගෙන් මැණික් මිලදීගෙන විකුණමින් මැණික් ව්‍යාපාරයට අතගසන ඔහු මැණික් ව්‍යාපාරය ඉහළට යත්ම කෝටි ගණනක් වටිනා දියමන්තිය විකුණන්නට සැලසුම් යෙදුවේය.

ඒ සඳහා විදේශිකයන් කිහිප දෙනකුව සංචාරක මඟ පෙන්වන්නන් මාර්ගයෙන් ගෙන්වා ගත්තේය. ස්වර්ණාභරණ අධිකාරියෙන් මේ සඳහා තක්සේරු වාර්තාවක්ද ගෙන තිබුණේය. සංචාරක මඟ පෙන්වන්නන් සමඟ විදේශිකයන්ට අමතරව ශ්‍රී ලාංකිකයන් පවා දියමන්තිය මිලදී ගැනීමට එහි ආ බව පැවසිණි.
මේ අතරේ ඩුබායි සිටි මාකඳුරේ මධුෂ්ට මේ වටිනා දියමන්තිය ගැන තොරතුරු  ලැබී ඇත්තේ තම ගෝලයන් මාර්ගයෙනි.

මධුෂ් දියමන්ති කොල්ලයට යොදවන්නේ මාතර මල්ලී නමැති පාතාලයකුවය. මාතර, රොටුඹ පදිංචි තුසිත මධුරංග (38) හෙවත් මාතර මල්ලී මංකොල්ලෑම් හා මිනීමැරුම් ඇතුළු අපරාධ සම්බන්ධව නඩු දහයකට වඩා ඇති අයකු වන අතර හිරගෙදර සිට ඇප ලබා පැමිණ වීරකැටියේ පන්සලක රියැදුරකු ලෙස කටයුතු කළ අයෙකි.
 රුපියල් ලක්ෂ පනහක් මාතර මල්ලිට දෙන පොරොන්දුව මත මුලින් අත්තිකාරම් ලෙස රුපියල් ලක්ෂ දෙකක් හා ජංගම දුරකථනයක් ලබාදී කොල්ලය සැලසුම් කර තිබුණි.

 මධුෂ්ගේ උපදෙස් පරිදි මාතර මල්ලී රවීන්ද්‍ර නාලක නමැති ඔහුගේ මංකොල්ල ශූරී ගෝලයෙකුද ඔස්ට්‍රියානු ජාතිකයකු ද තවත් සගයින් දෙතුන් දෙනෙකුද මෙයට සම්බන්ධ කරගෙන තිබුණි.
 නොවැම්බර් 5 වැනිදා දියමන්තිය මිලදී ගන්නා මුවාවෙන් ඔස්ට්‍රියානු ජාතිකයා රවීන්ද්‍ර නාලක සමග පන්නිපිටිය නිවසට ගියේ කලින් දුන් ඇමතුමක් මත වේලාව වෙන් කරගෙනයි. දෙදෙනා නිවසට ඇතුළුවී පැය භාගයකට පසු පිළියන්දල සිට පොලිස් කණ්ඩායමක් වේශයෙන් නිල ඇඳුම් ඇඳගෙන මාතර මල්ලී සිය සගයන් සමග  නිවෙසට කඩා වදින්නේ පොලිස් වැටළීමකට ආ පිරිසක් ලෙස රඟපාමිනි.
විදෙස් ජාතිකයා සොරෙකු බවත් ඔහු අල්ලන්නට ආ බවත් එම අවස්ථාවේදී ව්‍යාජ පොලිස් වෙස්ගත් මාතර මල්ලී ඇතුළු පිරිස නිවැසියන්ට දන්වන අතර
3.8 වර්ගයේ රිවෝල්වරය හා මාංචු කුට්ටම පෙන්වා අත්අඩංගුවට ගන්නා ආකාරය රඟ දක්වා තිබුණි.නිවෙස හිමි ව්‍යාපාරිකයා එසැණින් කාමරයකට දමා එහි වූ රුපියල් කෝටි හත්සීයේ දියමන්තිය හා මැණික් ගල් කිහිපයක්ද රැගෙන ඔවුහු අතුරුදන් වූහ. නිවෙස් හිමියා එළියට එනවිට සියල්ල හමාරය. විදේශිකයා සමඟ හයදෙනාම අතුරුදන්ය. නිවෙසේ වූ දියමන්තිය හා මැණික්ද අතුරුදන්ය.

මෙම කොල්ලය සම්බන්ධව මහරගම පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු විමර්ශන සිදුවූ අතර මුලින්ම කොටුවන්නේ පාදුක්කේ නිවෙසක සැඟ වී සිටි නාලකය. නාලකගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම කොල්ලය මාකඳුරේ මධුෂ් කරවූ එකක් බව හෙළි වූ අතර මාතර මල්ලී ගැනද සැල විය.
මාතර මල්ලීව රත්මලාන මැලිබන් හන්දියේදී කොටු වන්නේ කොල්ලයෙන් මාසයක් යන්නටත් පෙර  ඉකුත් දෙසැම්බර් 01දාය. මාතර මල්ලීගෙන් ප්‍රශ්න කිරීමේදී මෙයට එක්වූ විදේශිකයා හා තවත් අයෙක් නොවැම්බර් 07දාම රටින් පිටව ගොස් ඇතැයි සනාථ විය.නමුත් දියමන්තිය හමුවුනේ නැත.

මින් පසුව කරන ලද විමර්ශනවලදී අනාවරණය වන්නේ කොල්ලකන ලද දියමන්තිය ගුවන් මඟින් මධුෂ්  ඩුබායි වෙත ගෙන්වා ගෙන තිබූ බවයි. දියමන්තිය ඩුබායිවලට රැගෙන ගිය ආකාරය පොලිසියට ගැටලුකාරී විය. මේ ගැන ලැබුන තොරතුරු වලින් ටෙලි නාට්‍ය නළුවකු ගැන සැකයක් මතුවිය.


දෙහිවල පොලිසියට මත්කුඩු පාතාලයෙකු ලබාදුන් ඔත්තු අනුව මාකඳුරේ මධුෂ් සමඟ හිතවත්කම් ඇති රංගන ශිල්පී රයන් වැන්රෝවන් හා ගායන ශිල්පී අමල් පෙරේරාගේ සහාය මාකඳුරේ මධුෂ්ට ලැබෙන බවත් ඩුබායිවලට රයන් එම දිනවල ගිය බවත්  වාර්තාවී තිබේ.
මධුෂ්ගේ උපදෙස් මත සුරක්‍ෂිතව තැබූ දියමන්තිය මාතර මල්ලී හා නාලක විසින් රැකගෙන සිට නාලක විසින් එය කොළඹට ගෙනැවිත් පුද්ගලයෙකුට දී ඇත්තේ නොවැම්බර් 08දාය.
විමර්ශනවලට අනුව ටෙලි නළු රයන් පසුගිය වසරේ නොවැම්බර් 08දා ඩුබායි බලා ගොස් ඇත. ඒ අනුව පොලිස් විමර්ශන කණ්ඩායම් සැක කළේ රයන් හෝ ඔහු සමඟ ගිය අයකු අතේ මධුෂ් මෙම දියමන්තිය ඩුබායි වෙත ගෙන්වාගත් බවය.
රයන්, අමල් වැනි ප්‍රසිද්ධ කලාකරුවන් ගුවන් තොටුපොළේදී වැඩි පරීක්‍ෂාවකට ලක් නොවීම නිසා මධුෂ් ඔවුන්ගෙන් වැඩ ගත් බව පරීක්‍ෂණ කණ්ඩායම් වලට ඔත්තු ලැබී තිබුණි.
ඒ අනුව රයන් වැන්රෝවන් හා අමල් පෙරේරා දියමන්ති සොරකම සම්බන්ධයෙන් පොලිස් ප්‍රශ්න කිරීමකට අවශ්‍ය බවට තීරණයවී ඔවුන් වෙත පොලිස් පණිවිඩ යවා තිබී ඇති අතර මෑතකදී ඔවුන් ඩුබායිහිදී කොටුවන්නට පෙර පොලිසියට කට උත්තර ලබාදී ඇත්තේ රයන් වැන්රොවන් පමණි.

මීට සති තුනකට පෙර රයන් වැන්රෝවන් දියමන්තිය ඩුබායි ගෙනගියේද නැද්ද යන්න ගැන මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයට පැමිණ කට උත්තර දී ගොස් ඇති බව වාර්තාවේ.

විමර්ශනයට අදාළව ගායන ශිල්පී අමල් පෙරේරාට කැඳවීමක් කර ඇතත් ඔහු විදේශ ගතවන බව දක්වා එසේ ගොස් යළි පැමිණි පසු පොලිසියට එන බව දැනුම් දී ඇත.
 කෙසේ වෙතත් කට උත්තර වලදී තමන් ඩුබායිවල සංචාර කළත් මාකඳුරේ මධුෂ් කෙනකු දැක නැති බවත්, මධුෂ් නොහඳුනන බවත් රයන් ප්‍රකාශයක් දී ඇති බව පොලිස් වාර්තා දක්වයි.

කෙසේ වුවද පොලිසිය සිදු කළ රයන්ගේ දුරකථන සම්බන්ධතා ජාල පරීක්‍ෂණය අනුව මාකඳුරේ මධුෂ් සමග ඔහු නිරන්තර සබඳතා දක්වන බව හෙළිව ඇති අතර මෙවර රයන් හා අමල් දෙදෙනාම ඩුබායි යාම පොලිසියට සැකසහිත කාරණයක් කරවන්නට එම දුරකථන සංවාද හා දියමන්ති සංසිද්ධිය හේතුවී ඇත.

මාකඳුරේ මධුෂ්ට යාවුණ කෝටි හත්සීයේ දියමන්තිය මධුෂ්ගේ දෙවැනි බිරිය වන ඩුබායිහි සිටින තිළිණි නිශායා ළඟ ඇති බවට හෝ එය විකුණා ඇති බවට මේ වනවිට පොලිසිය සැකකරයි.

ඩුබායි පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන සිටින මාකඳුරේ මධුෂ් සමඟ අසු වූ ගායක අමල් පෙරේරා හා රංගන ශිල්පි රයන් වැන්රෝවන් දියමන්ති කොල්ලයට සම්බන්ධවූ ආකාරය ගැන මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා විමර්ශන සිදු කරන අතර ඉදිරියේදී ඔවුන් දෙදෙන ලංකාවට පැමිණෙන්නේ නම් අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධව ප්‍රශ්න කිරීමට ලක්වනු ඇති බවද වාර්තාවේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29316,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෝටි 700 දියමන්තිය ගුවනින් මධුෂ්ට ගෙන ගිය සැකයට අමල් හා රයන්ගේ ඩුබායි ගමන ට්‍රේස් කරපු හැටි
කෝටි 700 දියමන්තිය ගුවනින් මධුෂ්ට ගෙන ගිය සැකයට අමල් හා රයන්ගේ ඩුබායි ගමන ට්‍රේස් කරපු හැටි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbqNjjnvVlzRlMNf0TB_Cavd9HNwWCrhygkYa6xYsZhTOoWhSAoN9uLO2JCr35jg65POzB-d2mxbLcH1eOil7IEC80quWCopTcWx2izWxdUg6b2tJWXv70LLbyOA6nKyTn1dip5X8qblg/s1600/amal-ryan.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbqNjjnvVlzRlMNf0TB_Cavd9HNwWCrhygkYa6xYsZhTOoWhSAoN9uLO2JCr35jg65POzB-d2mxbLcH1eOil7IEC80quWCopTcWx2izWxdUg6b2tJWXv70LLbyOA6nKyTn1dip5X8qblg/s72-c/amal-ryan.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/700.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/700.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy