හැටන් ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන යන බාහිර පන්තියක් තුළ මත්පැන් පානය කළ පාසල් සිසුන් තිදෙනෙක් හැටන් පොලිසිය මඟින් පෙරේදා (16දා) පොලිස්...
එම පාසල් සිසුන් තිදෙනා දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමෙන් පසු මේ මස 23 වැනි දින හැටන් පොලිසිය හමුවේ යළිත් පෙනී සිටින ලෙස දන්වමින් පොලිස් ඇප මත මුදා හැර ඇත.
සිසුන් තිදෙනා හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය හදාරන අතර ඔවුන් මේ වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත බව හැටන් පොලිසිය කියයි.
ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පානය කළ මත්පැන් බෝතලය සිසුවකුගේ බෑගය තුළ තිබූ බවත් එම බෑගය තුළ ප්ලාස්ටික් කෝප්පයක් සහ කටගැස්මක් තිබූ බවත් සිසුන් තිදෙනා පොලිසිය භාරයට ගන්නා අවස්ථාවේදී දැඩි ලෙස වෙරි මතින් සිටි බවත් හැටන් පොලිසිය කීය.
මත්පැන් අලෙවි කළ රට බීම වෙළෙඳසලේ කළමනාකාරවරයාට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කරන බව හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ප්‍රදීප් මහතා පැවැසීය.
COMMENTS