දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මල්වාන නිවස ඉදිකිරීමට ‍බැසිල් රාජපක්‍ෂ ලක්ෂ 1100ක් දුන්නා - ආකිටෙක්ට් සාක්කි දෙයි
Homeගොසිප්

මල්වාන නිවස ඉදිකිරීමට ‍බැසිල් රාජපක්‍ෂ ලක්ෂ 1100ක් දුන්නා - ආකිටෙක්ට් සාක්කි දෙයි

PropellerAds

‍දො ම්පේ, මල්වානේ කැලණි ගඟට මායිම් වූ අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවෙසක්, නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රාජ්‍ය මුදල...

එෆ්සීඅයිඩීය නාමල්ගෙ උගුරට අත දාලා (සිකුරාදා කාටූන්)
Late Bharatha Lakshman's Political Album
දෙහිවල ප්‍රතිබිම්භාරාම පාරේ කඩචෝරු දී දරුවන් අපයෝජනය කරන මුදලාලි මාට්ටු
‍දොම්පේ, මල්වානේ කැලණි ගඟට මායිම් වූ අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවෙසක්, නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මූල්‍ය විශුද්ධිකරණ පනත යටතේ පවත්වායන නඩුව පසුගිය සතියේ විභාග වූ අවස්ථාවේ සාක්‍ෂිකාර මුදිත උපාලි ජයකොඩි නමැති ගෘහ නිර්මාණ ශිල්පියා
විශේෂ හෙළිදරව්වක් කළේය.
විත්තිකරුවන් වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේ  ගොනු කර ඇති මෙම නඩුවට නඩුවට බැසිල් හා නඩේසන් දෙදෙනාද එදා එක්විය.
 රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර මෙම නඩුවට අදාළ අක්කර 16 රූඩ් 01 පර්චස් 8ක් විශාල ඉඩමේ සහ ඉදිකර ඇති නිවෙසේ මෙන්ම නාන තටාකය ඇතුළු සියලුම දේපොළවල රජයේ තක්සේරුව රුපියල් විසිකෝටි අසූලක්‍ෂයක් බව ප්‍රකාශ විය. නඩු විභාගය ආරම්භ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා සාක්‍ෂිකාර මුදිත උපාලි ජයකොඩි ගෘහ නිර්මාණ ශිල්පියාගෙන් ඇසූ ප්‍රශ්න හා පිළිතුරු පහත පරිදිය.

ර.නි.සො. ජනරාල්: මෙම නඩුවට අදාළ මල්වානේ ඉඩමේ නිවාස ඉදිකිරීම සඳහා මුල්ගල තැබුවේ කවදාද?


  සාක්‍ෂිකාර මුදිත උපාලි ජයකොඩි: 2013 වර්ෂයේ පෙබරවාරි 10

ර.නි.සො. ජනරාල්: පළමු විත්තිකාර බැසිල් රාජපක්‍ෂගේ බිරිය එම නිවෙසේ මුල්ගල් තැබීම සඳහා සහභාගි වුණාද?

  සාක්‍ෂිකරු: ඔව්. පුෂ්පා රාජපක්‍ෂ මහත්මිය සහභාගි වුණා.

ර.නි.සො. ජනරාල්: නඩුවට අදාළ ඉඩමේ සහ නිවෙසේ ඡායාරූප පෙන්වනු ලැබුවහොත් හඳුනා ගත හැකිද? (ඡායාරූප 17ක් සහිත ඇල්බමයක් පෙන්වයි)

  සාක්‍ෂිකරු: හඳුනාගත හැකියි. මල්වාන වත්තට ඇතුළු වන ගේට්ටුව, පොල්වත්ත, විවිධ කෝණවලින් ලබාගත් නිවෙසේ ඡායාරූප, ශාරීරික ව්‍යායාම කරන කාමරය, පිහිනුම් තටාකය, වත්තේ හරක් සිටින ආකාරය ලෙසට ඡායාරූප හඳුනා ගනී.

ර.නි.සො. ජනරාල්: මල්වාන ඉඩමට විදුලිය ලබා ගන්න කළ දායකත්වය මොකක්ද?

   සාක්‍ෂිකරු: මම ඉඩමට අදාළ ඔප්පුවේ ඡායා පිටපතක් කොන්ත්‍රාත්කරු වූ උපුල් කුමාර රාමවික්‍රමට භාර දුන්නා. විදුලිය ලබා ගැනීම සඳහා ඉල්ලුම්කරු ලෙස පෝරම පිරෙව්වේ කොන්ත්‍රාත්කරු.

ර.නි.සො. ජනරාල්: ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන යන අය හඳුනනවාද? හමුවී තිබෙනවාද?

   සාක්‍ෂිකරු: හඳුනනවා. මාතර ඉඩමක නිවෙසක් ඉදිකරන කොට සහ ගම්පහ ඩී.ඒ.රාජපක්‍ෂ පදනමට අදාළ කාර්යාලයට මුල්ගල තබන දිනත්, මල්වානේ ඉඩමේ නිවෙසට මුල්ගල තියන දිනත් සුමනදාස මහතා හමුවී තිබෙනවා.

ර.නි.සො. ජනරාල්: මල්වාන ඉඩමේ නිවෙස හදන්න සැලසුම ඇන්දේ කවුද?
   සාක්‍ෂිකරු: මම සැලසුම නිර්මාණය කළා.

ර.නි.සො. ජනරාල්: නිවෙස ඉදිකිරීමේ සැලසුම නගර සභාවෙන් හෝ ප්‍රාදේශීය සභාවෙන් අනුමත කර ගත්තාද?

   සාක්‍ෂිකරු: සැලසුම ඇඳලා බැසිල් මහතාගේ කාර්යාලයට ගොස් එහි සිටි අයකුට සැලසුම ප්‍රාදේශීය සභාවෙන් අනුමත කර ගැනීමට භාර දුන්නා. සැලසුම භාරගත් අය මා හඳුනන්නේ නැහැ. පසුව ප්‍රාදේශීය සභාවෙන් එය අනුමත කර ඇති බවට මට දුරකථනයෙන් දැනුම් දුන්නා. මා සේවකයකු ප්‍රාදේශීය සභාවට යවා අනුමත කළ ප්ලෑන් එක ගෙන්වා ගත්තා.

ර.නි.සො. ජනරාල්: නිවෙස සෑදීම සඳහා කොන්ත්‍රාත් දුන්නාද?

  සාක්‍ෂිකරු: ඔව්. සමාගමක් ලෙස නිවෙස ඉදිකිරීමට, ලී ඇල්ලීමට, වැහි පිහිලි දැමීමට සහ පිහිනුම් තටාකය සඳහා කොන්ත්‍රාත් ලබා දුන්නා. වැඩ කරපු අයට නැවතී සිටීමට වෙනම ස්ථානයක් නොතිබුණත් සමහර සේවකයන් නැවතී වැඩ කළා. 2015 වර්ෂයේ මැද කාලය වෙනකම් විවිධ ඉදිකිරීම් කළා.

ර.නි.සො. ජනරාල්: 2014 නොවැම්බර් මස වන විට මල්වාන නිවෙසේ කොපමණ ප්‍රතිශතයක් පමණ ඉදිකර තිබුණාද? වැය වූ මුදල කොපමණද?

  සක්‍ෂිකරු: 80%ක් පමණ ඉදිකර තිබුණා. රුපියල් මිලියන 100ක්, 110ක් (ලක්ෂ 1000- 1100) පමණ වැය වුණා. බැසිල් මහතා එම මුදල් ලබා දුන්නා.

ර.නි.සො. ජනරාල්: මුල්ගල තැබීමෙන් පසුව පළමු විත්තිකාර බැසිල් රාජපක්‍ෂගේ බිරිය නිවෙස ඉදිකරන ස්ථානයට ඔබත් සමඟ ගියාද?

  සාක්‍ෂිකරු: මා සමඟ පුෂ්පා මහත්මිය ගියේ නැහැ. පුෂ්පා මහත්මිය දෙවරක් පමණ නිවෙස ඉදිකරන ස්ථානයට ගොස් කොන්ත්‍රාත්කරුවන්ට උපදෙස් ලබාදී තිබුණා.


ර.නි.සො. ජනරාල්: මෙම නඩුවට අදාළ නිවෙස ඉදිකිරීම සම්බන්ධව පළමු විත්තිකාර බැසිල් රාජපක්‍ෂ සමඟ කාර්යාල පරිශ්‍රයට අමතරව වෙනත් තැනක සාකච්ඡා කර තිබුණාද?

 සාක්‍ෂිකරු: බැසිල් රාජපක්‍ෂ මහතාගේ ශ්‍රී ලංකා මහ බැංකුව පිටුපස ඇති නිවෙසේදී සාකච්ඡා කර තිබෙනවා. එම නිවෙස නිල නිවෙසක්ද කියන්න මම දන්නේ නැහැ. එම නිවෙසේදී පුෂ්පා රාජපක්‍ෂ මහත්මියවත් හමුවී තිබෙනවා. නිවෙස ඉදිකිරීම සම්බන්ධව මූලික සැකසුම් සෑදීමේදී බැසිල් මහතා උපදෙස් ලබා දුන්නා.

ර.නි.සො. ජනරාල්: නිවාස සෑදීම සඳහා අවශ්‍ය මුදල් ලැබුණේ කොයි ආකාරයෙන්ද?
  සාක්‍ෂිකරු: විටින් විට මට එක් එක් අයගෙන් මුදල් ලැබුණා. මා කාර්යාලයේ සිටින විට හෝ නිවෙසේ සිටින විට විවිධ පුද්ගලයන් මට මුදල් ගෙනත් දුන්නා. මට මුදල් ලබාදෙන අය මා හඳුනන්නේ නැහැ. මුදල් රැගෙන එන පුද්ගලයා මා හමුවීමට පැමිණීමට පෙර බැසිල් මහතා මට කෝල් කර කියනවා.

වැඩිදුරටත් සාක්‍ෂි දුන් සාක්‍ෂිකරු: දෙවැනි විත්තිකාර නඩේසන් මහතා ඉඩම මිලට ගත්ත අවස්ථාවේ පමණයි මා සමඟ සම්බන්ධ වුණේ. නිවෙස ඉදිකිරීම සම්බන්ධව නඩේසන් මහතා මා සමඟ සම්බන්ධ වුණේ නැහැ. 2015 ජනාධිපතිවරණයෙන් පසුව නඩේසන් මහතා මට කෝල් කළා. නඩේසන් මහතා මිලට ගත් ඉඩමේ නිවෙසක් ඉදිකරන බව නොදන්නා බව මට පවසා සිටියා. බැසිල් මහතා එම කාලයේ සිටියේ පිටරට. නඩේසන් මහතා නිතර නිතර මට කතා කරමින් එයාගේ ඉඩමේ නිවෙසක් හැදුවේ කොහොමද? සැලසුම් පාස් කරගත්තේ කොහොමද? කියා අසමින් මාව පීඩාවට පත් කළා. ඉඩම මිලට ගන්නා ලෙසට මට බල කළා. බැසිල් මහතාට සහ පුෂ්පා මහත්මියට හොඳට බැන්නා මා සමඟ. එයාට ඉඩමේ අයිතියෙන් අයින් වෙන්න ඕනෑ කිව්වා. බැසිල් හෝ ඔබ අයිතිය භාර ගන්න ඕනෑ කිව්වා. බැසිල් රට නිසා ඉඩමේ අයිතිය ඔබ භාර ගන්න ඕනෑ කිව්වා. නඩේසන් මහතාගේ ඉඩමට අයුතු ලෙස ඇතුළුවී නිවෙසක් ඉදිකිරීමට සම්බන්ධව මට නඩු දානවා කිව්වා. පසුව නඩේසන් මහතා මාව නීතිඥ මහතකු වෙත එක්කගෙන ගියා. ඒ 2015 වර්ෂයේ ජනවාරි මස 14, 15, 16 යන දිනයන්හිදී. මේ අතරතුර පළමු විත්තිකාර බැසිල් මහතා රට ඉඳන් කතා කළා.

පළමු විත්තිකාර හමුවෙන්න බැරි වුණා. එයා විදේශගතව සිටි නිසා. පසුව මල්වානේ ඉඩම මගේ සමාගම නමට ලිව්වා. නඩේසන් මහතා මුදල් එපා චෙක්පතක් මගෙන් ඉල්ලා සිටියා. මා ළඟ බැසිල් මහතා දුන්න සල්ලි තිබුණා. නඩේසන් මහතා සල්ලි ගන්න බැහැ කොම්පැනියේ චෙක්පතක් ඉල්ලා සිටි නිසා මගේ ස්ථිර ගිණුමෙන් ණයක් අරන් මිලියන 40ක චෙක්පතක් නඩේසන් මහතාට මම දුන්නා. බැසිල් මහතා මල්වානේ නිවෙසේ වැඩ ඉවර කරන්න මට ලබාදී තිබූ මුදල්වලින් මා බැංකු ණය පියවා ගත්තා යැයි පැවැසීය.

ර.නි.සො. ජනරාල්: ඔබ පූගොඩ මහෙස්ත්‍රාත්තුමා හමුවේ මෙම නඩුවට අදාළ ප්‍රකාශයක් ලබා දුන්නාද?

  සාක්‍ෂිකරු: ඔව්

ර.නි.සො. ජනරාල්: මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබාදුන් හේතුව කියන්න පුළුවන්ද?

 සාක්‍ෂිකරු: බැසිල් මහතාගේ නෝනාගේ නංගිට මාතරින් ඉඩමක් ගත්තා. මම ඒකට මුල්වෙලා කටයුතු කළේ. එම ඉඩමේ ප්‍රශ්නයක් මත මාව අත්අඩංගුවට පත්වෙලා බන්ධනාගාර ගත වෙන්න වුණා. බන්ධනාගාරගතව සිටින විට මා තීරණය කළා අනුන්ගේ බැඳීම්වලින් ඉවත් වෙන්න. ඒ නිසයි මා පූගොඩ මහෙස්ත්‍රාත්තුමා හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේ යැයි පැවැසීය. නැවත නඩු විභාගය ජූලි මස 09 සහ 12 වැනි දිනවලට නියම කෙරුණි.

 -ටෝනි කේ. අතුකෝරල-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මල්වාන නිවස ඉදිකිරීමට ‍බැසිල් රාජපක්‍ෂ ලක්ෂ 1100ක් දුන්නා - ආකිටෙක්ට් සාක්කි දෙයි
මල්වාන නිවස ඉදිකිරීමට ‍බැසිල් රාජපක්‍ෂ ලක්ෂ 1100ක් දුන්නා - ආකිටෙක්ට් සාක්කි දෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiyUk2sejNfpxtrOmVBDvWVu7P0mahjjS8XRFIOP2CoZ04ZBxOWPtT_9upJLbpuSwVeSxA4XQ7XXVnblJ_vhawgy6grm8YkuTjnTAS_eymeDfIu8D18-Jka5aZYauORlvarQYXumv-e_gk/s1600/gossiplanka_2019-02-18-1829.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiyUk2sejNfpxtrOmVBDvWVu7P0mahjjS8XRFIOP2CoZ04ZBxOWPtT_9upJLbpuSwVeSxA4XQ7XXVnblJ_vhawgy6grm8YkuTjnTAS_eymeDfIu8D18-Jka5aZYauORlvarQYXumv-e_gk/s72-c/gossiplanka_2019-02-18-1829.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/1100.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/1100.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy