ජනාධිපතිවරයාගේ සහ නිවාස හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝගයක් යැයි පවසමින් ජනතාව නොමඟ යවමින් දඹුල්ල කණ්ඩලම හන්දිය ප්‍රදේශයේ...
ජනාධිපතිවරයාගේ සහ නිවාස හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝගයක් යැයි පවසමින් ජනතාව නොමඟ යවමින් දඹුල්ල කණ්ඩලම හන්දිය ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරියේ සතු ඉඩමට ඇතුළු වී ඉදිකිරීමක් සිදු කරමින් සිටි කාන්තාවක් සැකපිට 02 දින පස්වරුවේ පොලිස් භාරයට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.
කන්තලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් තවත් පෙදරේරු වරු සමග දඹුල්ල කණ්ඩලම හන්දිය ප්‍රදේශයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට සහ රජයට අයත් වටිනා ඉඩමක ඉදිකිරීම් ද්‍රරව්‍ය ගෙනත් දමා අත්තිවාරම් කපන බවට දඹුල්ල පාදේශිය ලේකම් කාර්යාලය ලැබුණු තොරතුරක් මත පොලිසියේ සහයෝගය ඇතිව එම ස්ථානයට ගිය බව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරියකු පැවැසීය.
මෙම කාන්තාව පොලිස් නිලධාරීන්ට ග්‍රාම නිලධාරීවරියට මෙන්ම එම ස්ථානයේ රැස්ව සිටි ජනතාවට ද දැඩිලෙස වාග් ප්‍රහාර එල්ල කරමින් පහර දෙන්නට ද උත්සාහ දැරූ බව පොලිසිය කියයි.
මෙම කාන්තාව කියා සිටියේ රජයේ ඉඩම් අයත්වන්නේ ප්‍රාදේශීය ලේකම් වරයාට නොව අමාත්‍යවරුන්ට බවය. දඹුල්ලේ මෙම ඉඩමේ නිවාස ඉදිකිරීම සඳහා යොදා ගන්නා ලෙස තමන්ට නිවාස හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් දැනුම් දුන් බව ඇය පොලීසියට එහිදී කීවාය. එහෙත් පොලිසිය දිගින් දිගටම ඇයට ඉදිකිරීම් කටයුතු සිදු නොකරන ලෙස අවවාද කරන්නට වුහ. එම අවවාද සමග ඇය පොලිසිය සහ රාජ්‍ය නිලධාරීන් සමග දැඩි වාග් ප්‍රහාර වලට එන්නට පටන් ගත්තාය.
දඹුල්ල පොලිසියේ රාජකාරියට ගිය පොලිස් නිලධාරීන්ට ඇය කියා සිටියේ ජනාධිපතිවරයාගේ නියෝගයක් මත තමන් මෙම ස්ථානයට පැමිණි බවත් පොලිස් නිලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ඇය අභියෝග කළා ය .
පොලීසිය කියා සිටියේ ඇමතිවරුන් හෝ ජනාධිපතිවරයා ඉඩම් ලබා දුන් බව කියැවෙන ලියවිල්ලක් රාජ්‍ය නිලධාරීන්ට පෙන්වා ඉඩම් අත්පත්කර ගැනීම් ඉදිකිරීම් සිදුකිරීමට හැකියාව ඇති බව ය.
කෙසේ වෙතත් පොලිසිය හ රාජ්‍ය නිලධාරීන් පැය එක හමාරක පමණ කාලයක් එම ස්ථානයේ රැඳී සිටිමින් ඉදිකිරීම් කටයුතු වැළැක්වීමට පියවර ගත්හ. මෙම කාන්තාව ඒවනවිටත් නිවාස ඉදිකිරීම සදහා අවශ්‍ය වැලි ගඩොල් ආදී රජයේ ඉඩමට ගෙනත් දමා තිබුණු බව පොලිසිය කියයි.
ග්‍රාම නිලධාරීවරයාගේ සහ පොලිසියේ අණ නොතකා රජයේ ඉඩමකට ඇතුළුවී ඉදිකිරීම් සිදු කළ මෙන්ම ජනාධිපතිවරයා ගේ සහ අමාත්‍යවරයාගේ නම භාවිතා කරමින් ජනතාව රාජ්‍ය නිලධාරීන් නොමඟ යවා රජයේ ඉඩම් අත්පත්කර ගැනීමට ගිය මෙම කාන්තාව දඹුල්ල පොලිසියේ භාරයට ගැනිණි.
දඹුල්ල පොලීසියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මෙම ඉඩම පිලිබඳවත් ග්‍රාම නිලධාරීවරයාගේ ප්‍රකාශ සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරි නිතිමය පියවර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ය.
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
COMMENTS