"සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම යටතේ නිකුත් කල අංක 2069/2 ගැසට් නිවේදනය ට අනුව භාණ්ඩ වර්ග හාර දහසකට කිට්ටු ප්‍රමාණයක් තීර...
"සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම යටතේ නිකුත් කල අංක 2069/2 ගැසට් නිවේදනයට අනුව භාණ්ඩ වර්ග හාර දහසකට කිට්ටු ප්‍රමාණයක් තීරු බදු රහිතව සිංගප්පූරුවෙන් ආනයනය කළ හැකියි" යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කල ප්‍රකාශය සාවද්‍ය බව වෙරිටේ සමීක්ෂණ ආයතනය කල සොයා බැලීමකදී අනාවරනය වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා උපුටා දැක්වූ 2069/2 ගැසට් නිවේදනයේ නිෂ්පාදන 3,539 ක් දක්වා ඇත.
ඉන් නිෂ්පාදනයන් 3,509 ක්ම සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුමට පෙර සම්පූර්ණයෙන්ම තීරු බදු රහිතව ආනයනය කිරිමේ හැකියාව තිබු බව වෙරිටේ සමීක්ෂණ ආයතනය පෙන්වා දෙයි.
වෙරිටේ සමීක්ෂණ ආයතනයට අනුව ශ්‍රී ලංකා-සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ සම්පූර්ණයෙන්ම තීරු බදු වලින් නිදහස්ව ඇත්තේ නිෂ්පාදනයන් 30 ක් පමණි.
කෙසේ වෙතත් බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කලේ සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම නිසා භාණ්ඩ වර්ග හාර දහසකට කිට්ටු ප්‍රමාණයක් තීරු බදු රහිතව සිංගප්පූරුවෙන් ආනයනය කළ හැකි බවය.
වෙරිටේ සමීක්ෂණ ආයතනය පවසන්නේ මෙම කරුණු මත ශ්‍රී ලංකා-සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙසට නිෂ්පාදන 4,000 කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම තීරු බදු වලින් නිදහස් වන්නේ යැයි බන්දුල ගුණවර්ධන විසින් කළ ප්‍රකාශය අතිශයින්ම සාවද්‍ය බවට වර්ගීකරණය කළ හැකි බවය..
(අංක 2069/02 ගැසට් නිවේදනය සඳහා සබැඳිය: http://www.documents.gov.lk/files/egz/2018/5/2069-02_E.pdf)
COMMENTS