අධිකරණයට අපහාස කළ බවට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව පවතින නඩුව ලබන මාර්තු මස 26 වැනිදා දක්වා කල් තබා තිබේ. වගඋත්තරකාර පාර්ශ...
අධිකරණයට අපහාස කළ බවට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව පවතින නඩුව ලබන මාර්තු මස 26 වැනිදා දක්වා කල් තබා තිබේ.
වගඋත්තරකාර පාර්ශ්වය විසින් මතුකළ විරෝධතාවයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගැනීම හේතුවෙන් නඩු විභාගය කල් තැබීමට තීන්දු විය.
සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (30) තෙවැනි වන දිනටත් නඩුව කැඳවා තිබුණි.
නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළබව කියන වීඩියෝ පට දෙකක් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය කර ඇති අතර එම වීඩියෝ පට සාක්ෂි වශයෙන් මෙහෙයවීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයෙන් ඉල්ලා සියි අ.තර වගඋත්තරකාර රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනීසිටි ඒ. සුමන්තිරන් මහතා ඊට විරෝධතාව පළකළේය.
සාක්ෂි විශේෂ ආඥා පනතේ විධිවිධානවලට අනුව මෙවැනි සාක්ෂියක් මෙහෙය වීමට දින 45 කට පෙර අදාළ වීඩියෝ දර්ශන තමන් වෙත ලබාදිය යුතු බව සඳහන් කළ ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා එම නීතිමය ප්‍රතිපාදනය නීතිපතිවරයා විසින් අනුගමනය කර නොමැති හෙයින් මෙම සාක්ෂිය මෙහෙයවීම සම්බන්ධයෙන් තමන් විරෝධය පළ කරන බව කියා සිටියේය.
ඒම විරෝධතාව පිළිගනිමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර සිටියේ සාක්ෂිය මෙහෙයවීමට අද දින අවසර ලබා නොදී සිටීමටත් වීඩියෝ දර්ශනවල පිටපත් වගඋත්තරකාර පාර්ශ්වයට භාරදීමෙන් කටයුතු කරන ලෙසත් නඩු විභාගය මාර්තු මස 26 සහ 27 යන දිනයන් දක්වා කල් තබන ලෙසත්ය.
COMMENTS