දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලන්කන් ප්‍රතිසංවිධානයට අදාළ කමිටු වාර්තාව ජනපතිට
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලන්කන් ප්‍රතිසංවිධානයට අදාළ කමිටු වාර්තාව ජනපතිට

PropellerAds

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් එහි නව ප‍්‍රතිව්‍යුහගත කිරීමකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරී...

පාස්කු ප‍්‍රහාරයේ පරීක්ෂණ වැරදි පාරේ යැවීමට එරෙහිව කලු හර්තාලයේ ආරම්භය කටුවාපිටියෙන් - (video)
සාම්පල 88කින් 84ක්ම ඩෙල්ටා.. ලංකාවෙන් නව ප‍්‍රභේදයක් බිහිවීම ආසන්නයේ!
කොළඹ JMO මෘත ශරීරාගාරයේ දැඩි තදබදයක්... රාගම රෝහලේ කොරිඩෝවේත් කොවිඩ් මළ සිරුරු - (video)
ශ්‍රී ලන්කන් ප්‍රතිසංවිධානයට අදාළ කමිටු වාර්තාව ජනපතිට

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් එහි නව ප‍්‍රතිව්‍යුහගත කිරීමකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂඥ කමිටුව සිය කමිටු වාර්තාව ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.

රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව ජනාධිපතිවරයා විසින් පත්කරන ලද්දේ පසුගිය ජනවාරි 07 වනදා යි.

ආයතනය ඈවර කිරීම හා නැවත ස්ථාපනය කිරීම, කළමනාකරණ ගිවිසුම, ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම හා ප‍්‍රාග්ධන උත්පාදනය යන අංශ තුන පිළිබඳව මෙම කමිටු වාර්තාව මගින් නිර්දේශ යොමු කර තිබෙන අතර, එහි තුන්වන කරුණ වන ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම හා ප‍්‍රාග්ධන උත්පාදනය යන කොටස පිළිබඳ අවධානය යොමු කර ඉදිරි කටයුතු කිරීම වඩා යෝග්‍ය බව මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා පෙන්වා දුන්නේ ය.

ආයතනය ප‍්‍රතිව්‍යුහගතකරණය යටතේ ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩලයක් හා කළමනාකාරිත්වයක් හඳුනාගැනීම, ව්‍යාපෘති ආකෘති සංශෝධනය,මානව සම්පත් ප‍්‍රතිව්‍යුහගත කිරීම, ස්වාධීන ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලියක් ඉදිරිපත් කිරීම, සන්නාම ප‍්‍රවර්ධනයේ දී සහයෝගීතාවය පිළිබඳ සොයා බැලීම යන කරුණු පිළිබඳව අවධානය යොමු කර කටයුතු කළයුතු බවට ද කමිටුව නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

කමිටු වාර්තාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර, කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු කමිටුවේ සෙසු සාමාජිකයෝ එම අවස්ථාවට එක්ව සිටියහ.

නියමිත කාලයට අනුව කමිටු වාර්තාව භාරදීමට පියවර ගැනීම පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා එහි සියලු සාමාජිකයන්ට තම ස්තූතිය පිරිනැමී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලන්කන් ප්‍රතිසංවිධානයට අදාළ කමිටු වාර්තාව ජනපතිට
ශ්‍රී ලන්කන් ප්‍රතිසංවිධානයට අදාළ කමිටු වාර්තාව ජනපතිට
http://am.lk/media/k2/items/cache/c165ccbc81e645332328e3787812e149_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_882.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_882.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy