දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දඩ කොළේ ලිව්ව ට්‍රැෆික් පොලිස් නිලධාරියා සහකරු කරගත් නෙතූ
Homeගොසිප්

දඩ කොළේ ලිව්ව ට්‍රැෆික් පොලිස් නිලධාරියා සහකරු කරගත් නෙතූ

PropellerAds

ටෙ ලි නාට්‍ය නිළි නෙතු ප්‍රියංගිකා පසුගියදා විවාහ දිවියට පිවිසියා. ඇය අතගත්තේ වෘත්තියෙන් පොලිස් නිලධාරියෙකු වූ නුවන් ගලප්පත්ති සමගයි. ඇය මා...

නත්තල් ගෙනියන්න හැදූ තිස්ස පියා නැතිව දුල්මිණි දියණිය ඕස්ට්‍රේලියාවේ තනිවේ
පූජා උමශංකර් ඇත්තටම බැඳලා රට ගිහින්
2015 සරසවි සම්මාන දිනූවන්
ටෙලි නාට්‍ය නිළි නෙතු ප්‍රියංගිකා පසුගියදා විවාහ දිවියට පිවිසියා. ඇය අතගත්තේ වෘත්තියෙන් පොලිස් නිලධාරියෙකු වූ නුවන් ගලප්පත්ති සමගයි. ඇය මාර්ග නීති උල්ලංඝනය කළ එක්තරා අවස්ථාවක ඇයට දඩ කොළයක් ලියා දුන් පොලිස් නිලධාරියා වූයේ ඔහුය. එම අවස්ථාවේ ඇතිවූ කතාබහින් පසු ගොඩනැගුණු මිතුදම පසුව ප්‍රේම සම්බන්ධයක්වී එය විවාහයකින් කෙළවර වූ අයුරු ගැන
ඇය මින් ඉහත මාධ්‍ය වෙත හෙළි කර තිබුණි.

‘අර කතාවකුත් තියෙනවනේ පතාගෙන ආපු කෙනාව තමයි අන්තිමට හම්බවෙන්නේ කියලා. මටත් මගේ උරුමක්කාරයාව හම්බවෙන්න ඇත්තේ ඒ විදියට වෙන්න ඇති. හැබැයි අපි දෙන්නගේ හමුවීමේ ඉඳන් ඉදිරියට ඇදුණු ආදර කතාවත් හරියට චිත්‍රපටයක් වගේ. දැනට අවුරුදු තුනකට වැඩි කාලයක් වෙනවා අපේ ආදර කතාව පටන්ගෙන. මම හිතුවේ නැහැ අපේ ආදර කතාව විවාහයක් දක්වා දුර දිග යයි කියලා.

එයා ඇත්තටම  ‍පොලිස් නිලධාරියෙක්. එයාගේ නම නුවන් ජීවන්ත ගලප්පත්ති. මට ඔහුව මුණගැසුණේ නුවරදී. දවසක් නුවර යනකෙට මාර්ග නීති
කඩකරලා මගේ වාහනයට නුවන් දඩ කොළයක් ලිව්වා. ඇත්තටම එයා මම රංගන ශිල්පිනියක් කියලා ඒ වෙලාවේ අඳුනගෙනත් තිබ්බා.
ඒත් මම රංගන ශිල්පිනියක් වුනා කියලා මගේ පැත්ත ගත්තේ නැහැ. ඒ වෙලාවේ අවංක ‍පොලිස් නිලධාරියෙක් විදිහට එයා නීතිය අකුරටම ක්‍රියාත්මක කරලා මට දඩ කොළයකුත් ලියලා දුන්නා. ඒ වගේම තදින් හිටියා.

ටික දවසක් ගතවුනාට පස්සෙ එයාට මගේ මුහුනු පොත හොයාගන්න අමාරු නැතිවෙන්න ඇති. පස්සේ තමයි මගේ මුහුණු ‍පොත හරහා ඔහු මට ‘Hi’ කියලා මැසේජ් එකක් එවලා තිබ්බේ. අපේ සම්බන්දය ඇරඹෙන්නෙ ඒකත් එක්ක.

මමත් ඇත්තටම හිත යටින් එයා ගැන හිතුවා බලාගෙන හිටියා කවදාහරි දවසක එයා මට කතා කරයි කියලා. දැන් ඉතින් මට ජීවිත කාලෙටම දඩ කොළේ ගෙවන්නයි සිද්ධ වෙලා තියෙන්නේ. (සිනා)
අපි දෙන්නා යාළු වෙලා අවුරුද්දක් විතර කාලයක් ගියාට පස්සේ තමයි ගෙවල්වලට කිව්වේ. මගේ අම්මා නම් ‍පොඩි කා‍ලේදීම නැති වුණා. ඒත් මගේ තාත්තයි අයියලා දෙන්නයි අම්මා නැති අඩුව කවදාවත් මට දැනෙන්න දුන්නේ නැහැ. ගෙවල්වලට කිව්වට පස්සේ අපිට ගෙවල් දෙකෙන්ම ආශීර්වාදේ ලැබුණා.

මං විවාහ වුනාට රංගනයෙන් ඉවත්වෙන්න අදහසක් නෑ. සැමියා නුවන් මටත් වඩා මගේ රඟපෑම ගැන උනන්දුයි. මගේ රංගන වැඩ අතපසු වුණොත් නුවන් තමයි මාව උනන්දු කරවන්නේ. ‘


https://gallery.gossiplankanews.com/wedding/nethu-priyangika-wedding.html
Pix By-Event Media
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29335,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දඩ කොළේ ලිව්ව ට්‍රැෆික් පොලිස් නිලධාරියා සහකරු කරගත් නෙතූ
දඩ කොළේ ලිව්ව ට්‍රැෆික් පොලිස් නිලධාරියා සහකරු කරගත් නෙතූ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifOTbY_orkzYbn2cYH4eHYEUpcsF7_FH78g8tYWbiMbiMjvz5OrmkIRc-5Fso6cy0RG9yokXsW1j_8apcpi1wuWvzI1oNNFRh1VYlKypAb-jdOG1iLYNpstxY3fR8P4NSNj_BU9Ocn-zA/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifOTbY_orkzYbn2cYH4eHYEUpcsF7_FH78g8tYWbiMbiMjvz5OrmkIRc-5Fso6cy0RG9yokXsW1j_8apcpi1wuWvzI1oNNFRh1VYlKypAb-jdOG1iLYNpstxY3fR8P4NSNj_BU9Ocn-zA/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_825.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_825.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy