දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සීඝ්‍රගාමී යකඩයා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී තිදෙනෙක් බිලි අරන්
Homeගොසිප්

සීඝ්‍රගාමී යකඩයා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී තිදෙනෙක් බිලි අරන්

PropellerAds

තම මස්සිනා පැදවූ යතුරුපැදියෙන් පසුගිය සෙනසුරාදා (19දා) සවස 2.30ට පමණ තම අට හැවිරිදි දියණිය උපකාරක පන්තියකට ගෙන යමින් සිටිි මවක සහ එම දියණිය...

බංග්ලාදේශ - එංගලන්ත චැම්පියන්ස් ශූරතා තරගය LIVE
ආපදාව මැද මාතරදී ඔරුවක් පෙරළී තිදෙනෙක් මරුට
මහ බැංකුව තමුන්ට දාන නීති නවතන්නැයි ඉල්ලා පර්පෙචුවල් ට්‍රෙෂරීස් දැමූ පෙත්සම විසිවෙයි
තම මස්සිනා පැදවූ යතුරුපැදියෙන් පසුගිය සෙනසුරාදා (19දා) සවස 2.30ට පමණ තම අට හැවිරිදි දියණිය උපකාරක පන්තියකට ගෙන යමින් සිටිි මවක සහ එම දියණිය ජාඇල තුඩැල්ල කුඩහකපොල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී ඔවුන් ගමන් ගත් යතුරු පැදිය හලාවත -කොළඹ ශීඝ‍්‍රගාමී දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇත. බරපතළ තුවාල ලැබූ ඔවුන් ජාඇල රෝහලට ගෙනයමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර
යතුරුපැදිය පදවාගෙන ගිය
මරණකාරියගේ මස්සිනාද බරපතළ තුවාල සහිතව ප‍්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බව ජා ඇල පොලිසිය පවසයි.

 මෙසේ මියගොස් ඇත්තේ ජාඇල දඬුගම පදිංචිව සිටි 38 හැවිරිදි ලියනගේ සුමාලි සිලාසිනි සහ අට හැවිරිදි ආර්. බී. චංචලා සමුධ්‍යා නමැති ඇගේ දියණියත්, ජාඇල දඬුගම පදිංචිව සිටි 47 හැවිරිදි සුසන්ත ප‍්‍රනාන්දු නමැති අනතුරට පත් යතුරුපැදිය පදවාගෙන ගිය පුද්ගලයාත්ය.

 මරණකාරිය විසින් ප‍්‍රමාද වී තම දියණිය උපකාරක පන්තියකට රැුගෙන යමින් සිටියදී අතරමගදී හමුවු ඇයගේ මස්සිනා එම දෙදෙනා තම යතුරුපැදියෙන් උපකාර පන්තියට රැුගෙන ගොස් ඇති අතර, තුඩැල්ල කුඩහකපොල දුම්රිය හරස් පාරේදී දුම්රිය එනු දැක දැක යතුරුපැදිය ආරක්ෂිත ගේට්ටුවක්ද නැති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කිරීම නිසා මේ අවාසනාවන්ත සිද්ධිය සිදුව ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වු බව පොලිසිය පවසයි.

 අනතුර සිදුවූ දුම්රිය හරස් මාර්ගය ආරක්ෂිත ගේට්ටුවක් හෝ ගේට්ටුකරුවකු හෝ නොමැති මීට පෙරත් අනතුරු සිදුවූ අනාරක්ෂිත අනතුරුදායක ස්ථානයක් බව අවට ප‍්‍රදේශවාසීහු පවසති.

 ජීවිතක්ෂයට පත් මව සහ දියණිගේ මෘත ශරීර රාගම ශික්ෂණ මහරෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ජාඇල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක සිල්වා මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී. ඇම්. ඞී. සෙනෙවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් සැරයන් බණ්ඩාර (23282) සහ පොලිස් කොස්තාපල් (67338) ජයසිංහ යන නිලධාරීහු සිදු කරති
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සීඝ්‍රගාමී යකඩයා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී තිදෙනෙක් බිලි අරන්
සීඝ්‍රගාමී යකඩයා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී තිදෙනෙක් බිලි අරන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS9LKhOzr2vHIAmM8jTmq9d5uNzkIUCH6E3rLOzvSYXLO_9V9LdcDys8vu6nHd_9O4Ug8Gawf3M2Tf0O4VUGQScRoC_WN_ejQc7FQedCO3DPhhiXIQN3A_XmU96pMQBGDkx8vgH_3Fb08/s1600/firefox_2019-01-21_11-38-24.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS9LKhOzr2vHIAmM8jTmq9d5uNzkIUCH6E3rLOzvSYXLO_9V9LdcDys8vu6nHd_9O4Ug8Gawf3M2Tf0O4VUGQScRoC_WN_ejQc7FQedCO3DPhhiXIQN3A_XmU96pMQBGDkx8vgH_3Fb08/s72-c/firefox_2019-01-21_11-38-24.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_623.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_623.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy