දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සේවකයාගේ අත බේරාගන්න කෝටි ගණනක් වටින මුද්‍රණ යන්ත්‍රය කැපූ ආයතන හිමිකරුවා
Homeගොසිප්

සේවකයාගේ අත බේරාගන්න කෝටි ගණනක් වටින මුද්‍රණ යන්ත්‍රය කැපූ ආයතන හිමිකරුවා

PropellerAds

අ ම්පාර නගරයේ පවත්වාගෙන යන මුද්‍රණ ආයතන සේවකයකුගේ අතක්  එහි යන්ත්‍රයකට හිරවීම නිසා ඇතිවූ අවාසනාවන්ත අනතුර අවස්ථාවේ යන්ත්‍රයට වඩා සේවකයාගේ ව...

චන්ද්‍රිකාගෙ හිනාව ගැන මහින්ද දුන්නු උත්තරේ (සඳුදා කාටූන්)
ඝාතනයවූ රත්ගම ව්‍යාපාරිකයින් දෙදනාගේ ජංගම දුරකථන කලපුවකින් සොයා ගැනේ
දකුණේ ආණ්ඩුකරු සවුත්ලන්ඩ් විදුහල්පතිනියට බැණ තර්ජනය කළැයි විමර්ශනයක්
ම්පාර නගරයේ පවත්වාගෙන යන මුද්‍රණ ආයතන සේවකයකුගේ අතක්  එහි යන්ත්‍රයකට හිරවීම නිසා ඇතිවූ අවාසනාවන්ත අනතුර අවස්ථාවේ යන්ත්‍රයට වඩා සේවකයාගේ වටිනාකම කල්පණා කළ එහි හිමිකරුවා කෝටියක් පමණ වටිනා යන්ත්‍රය කපා දමා එම සේවකයාගේ අත බේරා ගෙන තිබේ.
මෙම සිදුවීම වාර්තාවන්නේ
අම්පාර තරිඳු ප්‍රින්ටර්ස් ආයතනයනෙි. එහි සේවය කරන මුණසිංහ නමැති සේවකයෙකුගේ අත එකවරම මුද්‍රණ යන්ත්‍රයට අසුවී තිබූ අතරඅයිතිකරු සහ අනෙක් සේවකයින් වහාම එම ස්ථානයට  පැමිණ ඔහුගේ අත බේරා ගැනීමට යන්ත්‍රය ආපස්සට කැරකැවීමට උත්සාහ කළ නමුත් එහි අයිතිකරු වන  මෙත්තානන්ද රූපසිංහ මහතා

එයට එකඟ වී නැත. එයට  හේතුව එසේ කළහොත් මෙම සේවකයාගේ අතට තවත් හානි සිදුවන බැවිනි.  පසුව වැල්ඩින්කරුවන් ගෙන්වා කෝටියකට වඩා  වටිනාකමක් ඇති මෙම යන්ත්‍රය කපන ලෙස ඔහු සේවකයන්ට උපදෙස් දී ඇත්තේ වෛද්‍යවරයෙකුට කථාකර වෛද්‍ය උපදෙස්ද ලබාගනිමිනි.

 අම්පාර මහ රෝහලේ සේවය කරන වෛද්‍ය ගයාන්  ගාල්ලගේ මහතාට මේ පිළිබඳව දැනුම් දී ඇති අතර ඔහු  තම බිරිය සමග ගමනක් යමින් සිටියදී එම ගමන නවතා වහාම තරිඳු ප්‍රින්ටර්ස්  ආයතනයට ගොස් අම්පාර මහ රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරී හංස රාමනායක මහතාට මේ පිළිබඳව  දැනුම්දී අතිරේක වෛද්‍ය කණ්ඩායමක් එම ස්ථානයට ගෙවාගෙන තිබේ.

මැෂිම කපන අතරතුර රෝගියාට ප්‍රතිකාර කරමින් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරයා ඇතුළු හෙද කාර්යය මණ්ඩලය කටයුතු කළහ.
අති නවීන යන්ත්‍රයක් වන මෙම යන්ත්‍රය කැපීමට පැය තුනක කාලයක් පමණ ගිය අතර පසුව රෝහියා වහාම අම්පාර මහ රෝහලට ගෙනයාමට කටයුතු කළේය. ඒ වෙන විටත් අම්පාර මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ලෝචන කුමාරගම මහතා ඇතුළු පිරිස ශල්‍යාගාරයේ සූදානම්ව සිටියේ මෙම රෝගියා අම්පාර මහ රෝහලට ගෙන එනතුරුය.

 රෝගියා රෝහලට ගෙන යෑමෙන් අනතුරුව ඔහුගේ අත ශල්‍යකර්මයකට භාජනය කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට යැවීමට කටයුතු කරනු ලැබිය. දැනට මුණසිංහ නමැති මෙම සේවකයා මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සියළු දෙනාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට ඔහුගේ අත බේරා ගැනීමට හැකිව තිබේ.

අයිතිකරු මෙත්තානන්ද රූපසිංහ මහතා මෙසේ පවසයි.
'සිද්ධිය වූ අවස්ථාවේ මමත් ආයතනය තුළ හිටියා. කෑ ගහන ශබ්දයට එතැනට දුවගෙන ගියා. යනකොට මුණසිංහගේ අත මැෂිමට හිරවෙලා. එතකොට මැෂින් එක නැවැත්තුවා.

ඔහු කිවිවා මැෂින් එක රිවස් කරන්න කියලා. මම එහෙම කරන්න ඉඩ දුන්නේ නැහැ මෙයාගේ අත විනාශ වන නිසා. පසුව අපි මැෂිම කපන්න තීරණය කරා. ඒ අවස්ථාවේම වැල්ඩින් කාර්මික ශිල්පීන්ට එන්න කිව්වා.වෛද්‍යවරුන් ඉදිරියේදී මුණසිංහගේ අත නොකපා බේරාගනී කියල බලාපොරොත්තු වෙනවා'
තොරතුරු - වසන්ත චන්ද්‍රපාල


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සේවකයාගේ අත බේරාගන්න කෝටි ගණනක් වටින මුද්‍රණ යන්ත්‍රය කැපූ ආයතන හිමිකරුවා
සේවකයාගේ අත බේරාගන්න කෝටි ගණනක් වටින මුද්‍රණ යන්ත්‍රය කැපූ ආයතන හිමිකරුවා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjPrFVPAGsF-DlKXAGTkTH-FmE4xZNIMTtcMrfeyZQbxKeWz60BaKB-gvXqEfmQCm5bFDDzsYkEVuaZ5VqXR7A9u1qLYVuqWC_a0sEC8KAmhC1bszJNpYgASNx7IVGMP4YB3y4fLGANMxA/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjPrFVPAGsF-DlKXAGTkTH-FmE4xZNIMTtcMrfeyZQbxKeWz60BaKB-gvXqEfmQCm5bFDDzsYkEVuaZ5VqXR7A9u1qLYVuqWC_a0sEC8KAmhC1bszJNpYgASNx7IVGMP4YB3y4fLGANMxA/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_577.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_577.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy