සේනා දළඹුවන් තම වගාවන්ට සිදුකර ඇති හානිවලට වහා වන්දි මුදල් ලබාදෙන්නැයි බලකරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරිගු ගොවීන් අද(19) පෙරවරුවේ අන...
සේනා දළඹුවන් තම වගාවන්ට සිදුකර ඇති හානිවලට වහා වන්දි මුදල් ලබාදෙන්නැයි බලකරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරිගු ගොවීන් අද(19) පෙරවරුවේ අනුරාධපුර ගල්කුලම, ගලෙන්බිදුනුවැව මාර්ගය ගල්වඩුවාගම මංසන්ධියෙන් අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත විය.
එම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා ද එක්ව සිටියේය.
එමෙන්ම අනුරාධපුර සිදෝගම ප්‍රෙද්ශයේ සේනා දළඹුවන් හා පුරුක්පණුවන්ගෙන් වගාවන්ට සිදුව ඇති හානිය හේතුවෙන් සිය වගාවන්ට හා රටට සෙත් පතමින් තුරුවිල වැව මධ්‍යයේ පිරිත් සජ්ඣායනයක් පැවැත්විය.
එසේම බඩඉරිඟු, කුරක්කන්, උක් ඇතුලු වගාවන්ට හානි සිදුකළ සේනා දළඹුවන් වී සහ එළවලු වගාවන්ද ආක්‍රමණය කරමින් මේ වනවිට දිවයිනේ සියලු දිස්ත්‍රික්ක වෙත ව්‍යාප්ත වී ඇති බව අද අනාවරණ විය.
සේනා දළඹු උවදුර පිළිබඳව අද දෙරණ පසුගියදා දෙසැම්බර් 22 වනදා රටට අනාවරණය කරන විට එය ප්‍රචලිතව තිබුණේ අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක පමණයි.
නමුත් අද වනවිට සේනා දළඹුවන් දිවයිනේ සියලු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇතැයි සේනා දළඹු මර්දන විශේෂ ඒකකයේ ප්‍රධානී , නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා අද දෙරණට අනාවරණ කළේය.
මෙතෙක් සේනා දළඹුවන්ගේ ව්‍යාප්තිය වාර්තා නොවු නුවරඑළිය දිස්ත්‍රික්කයේ බඩඉරිගු වගාවකින් ද සේනා දළඹුවන් සොයා ගෙන තිබෙන අතර ඒ හැටන් රුවන්පුර ගම්මානයේ ගොවියෙකු සිය එළළුලු වගාව තුළ අමතර ආදායමක් වශයෙන් සිටුවා ඇති බඩඉරිගු ගස් කිහිපකි.
මීට අමතරව සේනා දළඹුවන්ගේ ව්‍යාප්තිය පළමු වරට කලුතර දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වුණේ හොරණ , මීමන ප්‍රදේශයේ වෙල් යායක් අසල සිදුකරගෙන යන එළවළු කොටුවකිනි.
එහි මෑකරල් සහ බණ්ඩක්කා භෝගයන්හි බීජ වලට සහ පත්‍ර වලටද සේනා දළඹුවන් හානි කර තිබුනි.
මේ අතර වැලිමඩ හා ඌවපරණගම ප්‍රදේශයේ තක්කාලි හා බෝංචි වගාවන් වලටද සේනා දළඹුවන් ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව පවතින බව එම ප්‍රදේශයේ ගොවීන් පෙන්වා දෙයි.
මෙලෙස බඩ ඉරිගු, කුරක්කන් සහ උක් වගාවට හානි සිදුකළ සේනා දළඹුවන් මේ වන විට මෙරට වී වගාවද ආක්‍රමණය කර තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ රඹුක්වැල්ල බටහිර සහ නැගෙනහිර යන ප්‍රදේශයන්හි කුඹුරු අක්කර 500කට පමණ සේනා දළඹුවන්ගේ ව්‍යාප්තිය සිදුව ඇති බව ගොවීන් පැවසීය.
උදෑසන කාලයේ ගොයම් ගසේ පත්‍ර වලට හානි කරන මෙම දළඹුවා සේනා බවට ප්‍රදේශයේ ගොවි ජන සේවා නිලධාරින් තහවුරු කළ බව ගොවීන් සඳහන් කළේය.
මේ අතර සේනා දළඹුවන් මොණරාගල දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වල වගා භූමි මේ වන විට ආක්‍රමණය කර තිබේ.
ඉන් වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන්නේ මොණරාගල සහ සියඹලාණ්ඩුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වලටයි.
එම කොට්ඨාස වල බඩඉරිගු , වී සහ අනෙකුත් භෝග වලටද සේනා දළඹුවන් හානි සිදු කර තිබේ.
COMMENTS