වත්මන් නාවික හමුදාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ සේවා කාලය ජනපතිවරයා විසින් මසකට පමණක් දීර්ඝ කිරීම සමබන්ධයෙන් ආරක්ෂක අංශවල...
වත්මන් නාවික හමුදාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ සේවා කාලය ජනපතිවරයා විසින් මසකට පමණක් දීර්ඝ කිරීම සමබන්ධයෙන් ආරක්ෂක අංශවල දැඩි විමතිය මතුව ඇති බව වාර්තා වේ.
ඒ ඔහු අදාළ ධූරයට පත්වී තවමත් ගෙවී ඇත්තේ මසක කාලයක් පමණක් වීම නිසාය.
සින්නයියා මහතා එම ධූරයේ වැඩ බාරගනු ලැබුවේ පසුගිය අගෝස්තු 22 වැනිදා වන අතර ඔහු සිය 55 වැනි උපන්දිනය සමරනු ලැබුවේ ඉකුත් සැප්තැම්බර් 26 වැනිදාය.
ඒ අනුව නාවික හමුදාපතිවරයාට ජනාධිපතිවරයා ලබාදී ඇති සේවා දිගුව ලබන ඔක්තෝබර් 26 වැනිදායින් අවසන් වේ.
වසර 1973 සිට මේ දක්වා සිටි නාවික හමුදාපතිවරු අඩුම වශයෙන් ඔවුන් අදාළ ධූරයේ වසරක කාලයක් සිට තිබේ.
අවසන් වරට නාවික හමුදාපතිවරයාව සිටි රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතාද එම ධූරයේ වසර දෙකයි මසක කාලයක් සිටියේය. (පහත ලයිස්තුවෙන් එය තහවුරුකරගත හැකිවේ)
එසේම රවීන්ද්‍ර මහතාට අවස්ථා තුනකදී ජනපතිවරයා විසින් සේවා දිගු ලබාදී තිබිණි.
ප්‍රසාදය අප්‍රසාදයට හැරෙන ලකුණු !
කෙසේවුවද, සින්නයියා මහතා නාවික හමුදාපති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් දේශීය මෙන්ම විදේශීයවද ජනාධිපතිවරයාට පැසසුම් ලැබුණු අතර ඒ මහතාගේ ධූර කාලය දෙමසකට පමණක් සීමා කළහොත් අදාළ ප්‍රසාදය අප්‍රසාදයක් බවට පෙරලෙනු ඇති බවද මැදහත් විචාරක මතය වී තිබේ.
අම්බලන්ගොඩ බාල්දිය
මේ අතර, සින්නයියා මහතා හැකි ඉක්මනින් විශ්‍රාම යැවීමට ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධානියකුට ද අවශ්‍යතාවයක් ඇති බව වාර්තා වේ.
ඒ අදාළ ආරක්ෂක අංශයේ ප්‍රධානියාගේ ගම වන අම්බලන්ගොඩ අයකුට නාවික හමුදාපති ධූරය ලබාදීමට ඇති අවශ්‍යතාවක් හේතුවෙන් බව පැවසේ.
අම්බන්ගොඩ නාවිකයාට අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේද සහය ලැබෙන බවත් ඒ ඔහුද අම්බලන්ගොඩින් පැමිණි අයකු නිසා බවටත් මේ අතර රාවයක් පවතී.
ගේත් නෑ වාහනෙත් නෑ
කෙසේවුවද, නාවික හමුදාපතිවරයාට මෙතෙක් අදාළ ධූරට හිමිවිය යුතු නිල නිවස හා නිල මෝටර් රථය ලබාදී නොමැති බවද අප කළ සොයා බැලීමකදී හෙළිවිය.
(SLM)
COMMENTS