අපි අවුරුදු හතරක කාලයක් තුළ මේ රටේ තිබුණ ණයබර ගෙවා දමමින්, නිරෝගී ජාතියක් සහ දැනුමැති උගත් පරපුරක් බිහි කිරිමට සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර...
අපි අවුරුදු හතරක කාලයක් තුළ මේ රටේ තිබුණ ණයබර ගෙවා දමමින්, නිරෝගී ජාතියක් සහ දැනුමැති උගත් පරපුරක් බිහි කිරිමට සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය ඇතුළු හැම කෙෂ්ත්‍රයකම මුදල් වැයකරමින් වැඩකලා මිස බෙර ගැසුවේවත්, කෑගැහුවේවත් නැති බවත් ඉවසීමෙන් යුතුව ඒ සියල්ල කළ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසිය.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (17) සබරගමු විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පිඨය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙම වෛද්‍ය පීඨය පිහිටුවීමට සමගාමීව රත්නපුර මහ රෝහල ශීක්‍ෂණ රෝහලක් බවට උසස් කිරීමද මෙදින අගමැතිවරයා අතින් සිදුවිය.
එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් දැක්විය.
"සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මැතිතුමා යටතේ මේ රටේ සෞඛ්‍ය සේවයට විශාල පෙරළියක් ඇති වෙලා තියනවා. යම් සැලැස්මක් ඇතිවයි දැන් සෞඛ්‍ය කෙෂ්ත්‍රය දියුණු වෙන්නේ. පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ සංකල්පයක් තිබුණා මේ අධ්‍යාපන පහසුකම් නගරයට නොගෙන තියන ස්ථානවල ස්ථාපිත කරන්න. නමුත් පසුගිය කාලේ අපි අනවශ්‍ය දේවල් වලට වැඩිපුර වියදම් කර තිබුණා. මත්තල ක‍්‍රිකට් පිටියක් හැදුවා. ශ‍්‍රී ලන්කන් එකට අනවශ්‍ය ගුවන් යානා ගත්තා. ඇමරිකාවට යන්න පුළුවන් ගුවන් යානා අරගෙන ලන්ඩන් දක්වා යනවා. ඒ මුදල් සෞඛ්‍යයට දැම්ම නම් නිරෝගි ජනතාවක් හදන්න තිබුණා. ඒ මුදල් අධ්‍යාපනයට දැම්මා නම් විශාල වෙනසක් තියනවා. ඒත් ඒක සිදු කළේ නෑ."
COMMENTS