ඉදිරි මැතිවරණවලදී මැතිවරණ ප්‍රචාරක වියදම් සීමා කිරීම සඳහා නව නීති ගෙන එන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඉල්ලා සිටින බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍ර...
ඉදිරි මැතිවරණවලදී මැතිවරණ ප්‍රචාරක වියදම් සීමා කිරීම සඳහා නව නීති ගෙන එන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඉල්ලා සිටින බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් තම සංවිධානය සහ පැෆරල් සංවිධානය එක්ව ලේඛනයක් සකස් කළ බවත්, වැදගත් වන්නේ මෙය නීතියක් බවට පත් කිරීම බවත් හෙතෙම අවධාරණය කළේය.
දේශපාලන පක්ෂ නායකයන් මෙයට කැමැති වන්නේ නම් පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙස හෝ මෙය පාර්ලිමේන්තුවට ගෙන එන්නැයි මන්ත්‍රිවරුන්ට ආයාචනා කරන බවද ඔහු පැවැසුවේය.
සමහර අපේක්ෂකයන් රුපියල් සියය බැගින් එකතු කොට මිලියනපතියන් වන විට තවත් සමහර අපේක්ෂකයන් කිසිදු මූලාශ්‍රයක් නැති මාධ්‍ය හරහා රුපියල් කෝටි ගණන් මුදල් ලබාගන්නා බවටද චෝදනා කරන බවද මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල ඉල්ලීම වන්නේ මැතිවරණ ප්‍රචාරක වියදම් සීමා කිරීම සඳහා නව නීති ගෙන එන ලෙසයි.
COMMENTS