දේශීය ගම්මිරිස් ගොවියා ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී කිසිදු ආකාරයකින් මෙරටට විදේශ රටවලින් ගම්මිරිස් ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බව කෘෂ...
දේශීය ගම්මිරිස් ගොවියා ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී කිසිදු ආකාරයකින් මෙරටට විදේශ රටවලින් ගම්මිරිස් ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
රජය මගින් ක්‍රියාත්මක වන එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ගොවීන් දැනුවත් කිරීම ගොවීන්ට වගා ණය ලබා දීම මුදල් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කළ වැඩසටහනකට එක්වෙමින් දඹුල්ලේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල වලගම්බා පිරිවෙන් පරිශ්‍රයේදී මෙම උත්සවය පැවැත්විණි.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ දේශීය ගම්මිරිස් ගොවියා ශක්තිමත් කිරීම සඳහා කුමන දේශපාලන බලපෑම් පැමිණියද ගොවියා ආරක්ෂා කිරීම සඳහා දැඩි තීන්දු තීරණ ගන්නා බවය.
එමෙන්ම රටපුරා ක්‍රියාත්මක වන සේනා දළඹු මර්දනය සඳහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කොට ඇති බවත් වහාම ගොවීන්ට වන්දි ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ද ඇමැතිවරයා සඳහන් කළේය. සේනා දළඹු ප්‍රහාරය පිළිබඳව බොහෝ දෙනෙකු කතා කළ ද දළඹුවන් අහුලා විනාශ කිරීමට නොහැකි බව හෙතෙම සඳහන් කළේ ය.දළඹු මර්දනය සඳහා ජනමාධ්‍ය මඟින් සිදුකල සේවාව ද ඇමතිවරයාගේ ඇගයීමට ලක්කළේය .
දේශීය වට්ටක්කා ඉතා ගුණාත්මක එළවළුවක් බවත් වට්ටක්කා ආහාරයට ගැනීමෙන් කාන්තාවන් සහ පිරිමින් ඉතා ලස්සන වන බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය. එහි සිටි පාර්ලිමේන්තු මන්ත්‍රිනීරෝහිනී කවිරත්න මහත්මියටද වට්ටක්කා ආහාරයට ගන්නා ලෙස ඇමතිවරයා ඉල්ලීමක්ද කිරීම විශේෂත්වයකි.
මේ අවස්ථාවේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කියාසිටියේ මේ වැඩසටහන යටතේ ණය ඉල්ලීම් කරන ගොවීන්ට මැලි කමකින් තොරව අපහසුතාවකින් තොරව බැංකු වලින් එම ණය මුදල් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසය. කෙසේවෙතත් බැංකු මගින් ගොවීන්ට නිසි පිලිගැනීමකින් තොරව ණය ලබා නොදෙන්නේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි පෙබරවාරි මාසයේ සිට 19 25 අංකය යටතේ දැනුවත් කිරීමට ගොවීන්ට හැකියාව පවතින බව ය.
එමෙන්ම 2025 වන විට ශ්‍රී ලංකාව විවසායකයින් ගේ පාරාදීසයක් බවට පත්කිරීමට රජය අවධානය යොමු වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් අලුවිහාරේ වසන්ත අලුවිහාරේ එරාන් වික්‍රමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න යන මහත්ම මහත්මීන් මෙන්ම රාජ්‍ය බැංකු නිලධාරීන් මෙන්ම ගොවි සංවිධාන නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.
( දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
COMMENTS