උතුරු පලාතේ ජීවත්වන ගොවීන්ගේ ගැටලු විසඳීම සඳහා දිස්‍ර්තීක්ක පහම ආවරණය වන පරිදි ප්‍රධාන කමිටුවක් හා අනුකමිටුවක් පත්කිරීමට උතුරු පලාත් ආණ්ඩු...
උතුරු පලාතේ ජීවත්වන ගොවීන්ගේ ගැටලු විසඳීම සඳහා දිස්‍ර්තීක්ක පහම ආවරණය වන පරිදි ප්‍රධාන කමිටුවක් හා අනුකමිටුවක් පත්කිරීමට උතුරු පලාත් ආණ්ඩුකාර ආචාර්ය සුරෙස් රාඝවන් මහතා පියවර ගෙන ඇත.
කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජලය එහි ගොවීන් සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් කිලිනොච්චියේ ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් සමග උතුරු ආණ්ඩුකාරවරයා සිදු කළ සාකච්ඡාවකදී මේ බව අනාවරණය කොට සිටියේය.
එහිදී උතුරු පලාත වන වව්නියාව, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම හා යාපනය යන දිස්ත්‍රීක්කයන්හි ගොවීන් ,වාරිමාර්ග ඉංජිනේරුවරුන් , සහ රාජ්‍ය නිලධාරීන්ගේ එකතුවෙන් ගොවි ගැටලු විසඳීම සඳහා ප්‍රධාන කමිටුවක් හා අනුකමිටුවක් පත්කිරීමට පියවර ගෙන ඇති බවට උතුරු ආණ්ඩුකාරතුමන් දැනුම් දෙනු ලැබීය.
එමෙන්ම පසුගිය දශක පහක කාලය පුරාවට කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට වර්ෂාපතනය ලැබුනු අයුරු පිළිබඳව පූරණ වාර්ථාවක් ගෙන ඉදිරියේදී ගොවීන්ට කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ඉරණමඩු ජලාශයේ ජලය ගැටලුවකින් තොරව ලබා ගන්නා අයුරු සම්බන්ධයෙන්ද උතුරු ආණ්ඩුකාර තුමන් දීර් වශයෙන් සාකච්ඡා කොට විසඳුම් ලබා දෙන බවට පවසා සිටියේය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS