ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා කෙටුම්පතක්වත් ඉදිරිපත් කර නොමැති අවස්ථාවක ඇතැම් පාර්ශව නව ව්‍යවස්ථාවකින් රට දෙකඩ වන බවට අසත්‍ය ප්‍රකාශ සිදුකරමින...
ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා කෙටුම්පතක්වත් ඉදිරිපත් කර නොමැති අවස්ථාවක ඇතැම් පාර්ශව නව ව්‍යවස්ථාවකින් රට දෙකඩ වන බවට අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් සිටින බව ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්නේනම් මහා සංඝ රත්නයේ ආශිර්වාදය ඇතිව එය ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ගාල්ල යක්කලමුල්ල කරාගොඩ ශ්‍රී පුර්වාරාම පුරාණ විහාරස්ථානයේ ඉදිකළ නව දෙමහල් සංඝාවාසය, දාන ශාලාව සහ දහම් පාසල් ශාලාව විවෘත කිරීමට එක් වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළේය.
රට කලාපවලට බෙදා කලාප සංගමයක් බවට පත් කිරීමට ප්‍රථමයෙන්ම සහයෝගය ලබා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එහෙත් තමා ඇතුළු එක්සත් ජාතික පක්ෂය ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදාහැරිය යුතුය යන ස්ථාවරයේ අඛණ්ඩව සිටි බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඒකීය රාජ්‍යයක් ආරක්ෂා කරමින් ඉදිරිපත් කරන ඕනෑම වැඩපිළිවෙළකට තම සහයෝගය ලබාදීමට සූදානම් නමුත් ඉන් බැහැරව ඉදිරිපත් කරන කිසිදු වැඩපිළිවෙළකට තම සහයෝගය නොලැබෙන බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.
උත්සව සභාවෙන් අනතුරුව මහා සංඝරත්නය උදෙසා දානමය පිංකමක් ද එම විහාරස්ථානයේදී පැවැත්විණි.
COMMENTS