මුලතිව් මුහුදේ පාවෙමින් තිබෙන අරුම පුදුම යාත‍්‍රාවක් ගොඩට ගැනීම සඳහා පළාතේ ධීවරයෝ යුද හමුදාව පොලිසිය හා සෙසු ආරක්ෂක අංශ සමග එක්ව පැය තුනකට ...
ගොඩට ගැනීමට ඔවුන්ට හැකි වී නැත.
මේ පිළිබදව ධීවර නිලධාරීන්ට හා පොලිසියට දැනුම් දීමෙන් පසුව ඔවුන් මේ පිළිබදව විමර්ශනය කිරීමේදී යුද හමුදා නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ තිබේ. මුහුදේ පාවෙමින් තිබූ අරුම පුදුම යාත‍්‍රාවට විශාල කඹයක් ගැට ගසා යුද හමුදාවේ ට‍්‍රැක්ටරයක හා සියලූ දෙනාගේ මහන්සියෙන් යාත‍්‍රාව ගොඩට ඇදීමට උත්සාහ කොට ඇතත් එම උත්සාහය අසාර්ථක වී ඇත.
මෙම යාත‍්‍රාව අරුම පුදුම යාත‍්‍රාවක් ලෙස සලකා ඇත්තේ එහි හැඩය හා එය නිෂ්පාදනය කොට ඇති ආකාරය අනුවය. කෙසේ වෙතත් මුලතිව් නාවික හමුදාව පවසා ඇත්තේ විශේෂිත කොට මෙම යාත‍්‍රාව මසුන් මැරීමේ කටයුතු හෝ සංචාරක කටයුතු සදහා නිර්මාණය කරණ ලද යාත‍්‍රාවක් වියහැකි බවයි. මේ යාත‍්‍රාව ඉන්දියාවට අයත් යාත‍්‍රාවක් බවටද නාවික හමුදාව විශ්වාසය පළකොට තිබේ.
-දිනසේන රතුගමගේ-
COMMENTS