නිවාස ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නියමය පරිදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිකරන උදාගම්මාන 4කට ලසන්ත වික්‍රමතුංග, උපාලි තෙන්නකෝන...
නිවාස ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නියමය පරිදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිකරන උදාගම්මාන 4කට ලසන්ත වික්‍රමතුංග, උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් සහ පෝද්දල ජයන්ත යන මාධ්‍යවේදීන්ගේ නම් තබන බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ .
ඒ පිළිබඳ පෝද්දල ජයන්ත විසින් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමුකර ඇත.
ඒ තම නම උදා ගම්මාන වලට යොදා නොගන්නා බව පවසමිනි.
පෝද්දල ජයන්ත මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කළ සම්පුර්ණ ලිපිය පහතින්,
පෝද්දල ජයන්ත
poddalaj@gmail.com
නිව්යෝර්ක්
12.01.2019
නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය
සජිත් ප්‍රේමදාස මහතා,
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.
අමාත්‍යතුමනි,
යෝජිත උදාගම්මානයකට මගේ ‘නම’ නොතබන ලෙස කරනු ලබන ඉල්ලීමයි
රාජපක්ෂ පාලන සමයේ දී ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමතුංග, පැහැර ගැනීමට ලක්වූ කීත් නොයාර්, පෝද්දල ජයන්ත හා පහර දීමට ලක්වූ උපාලි තෙන්නකෝන් යන සිව් දෙනාගේ නමින් ‘උදාගම්මාන’ හතරක් ඉදි කිරීම සඳහා ඔබතුමන් විසින් මුල් ගල් තැබූ බව සිරස ප්‍රවෘත්ති විකාශයෙන් දැන ගන්නට ලැබුණි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මේ උදාගම්මාන හතර ඉදිකෙරෙන්නේ මාධ්‍ය නිදහස වෙනුවෙන් ඇප කැප වූ මාධ්‍යවේදීන් සිව් දෙනෙකුට උපහාර පිණිස යැයිද මුල්ගල් තැබීමේ උළෙලේ දී ඔබතුමා විසින් කරනු ලැබූ කතාවක්ද එම ප්‍රවෘත්ති විකාශයෙන්ම විකාශය කෙරිණ.
ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් කැපවුණු පිරිසක් පිළිබඳව ඔබතුමා තුළ එවැනි හැඟීමක් පහළ වීම ගැන මගේ ස්තූතිය පළමු කොට ප්‍රකාශ කරමි. එහෙත් පහත සංසිද්ධීන් හේතු කොටගෙන මගේ ‘නම’ එකී උදාගම්මානයට නොතබන ලෙස ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිමි.
- ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැර ගැනීම්වලට ලක් කිරීම, ප්‍රහාරවලට ගොදුරු කිරීම, මාධ්‍ය ආයතන වලට ප්‍රහාර එල්ල කිරීම, ගිනි තැබීම ආදී සිදුවීම් පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකර අපරාධකරුවන්ට දඬුවම් ලබා නොදී ඇති පසුබිමක් තුළ උදාගම්මාන ඇතුළු රජයේ ව්‍යාපෘතිවලට ඔවුන්ගේ නම් දැමීමෙන් කිසිදු සමාජ ඵලයක් සිදු නොවීම.
- ජනමාධ්‍ය ‘මාෆියාවක්’ විසින් ගෙන යන ‘ජඩමාධ්‍යකරණයට’ එරෙහිව සිවිල් සංවිධාන එකතුවක් විසින් පසුගියදා සිදුකළ ඉතාම සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා වූ විරෝධතාවය ‘ජනමාධ්‍ය නිදහසට’ එල්ල කළ මහා තර්ජනයක් ලෙස හෙළා දකිමින් ‘ජඩමාධ්‍යකරණය’ ආරක්ෂා කරන ඔබතුමා වැනි අයෙකුගෙන් උපහාර ලැබීම ලැජ්ජා නැති ක්‍රියාවක් වීම.
- රටේ පොදු මහජනතාවගේ බදු මුදල් වලින් ඉදිකරන විවිධ ව්‍යාපෘතිවලට දේශපාලකයන්ගේ සහ ඔවුනට අවශ්‍ය නම් ගම් තබා ගැනීමේ තුච්ඡ ක්‍රියාවලියට මුළුමනින්ම විරුද්ධ අයෙකු ලෙසද, පුළුල් ජනමාධ්‍යකරණයේ අල්පයක් දත් මා වැන්නෙකුගේ නම එවැනි ව්‍යාපෘතියකට දැමීම නොගැලපෙන කාරණයක් වීම.
ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැර ගැනීම, මාධ්‍ය ආයතන විනාශ කිරීම
ඔබතුමාගේ පියා ජනාධිපතිධූරය දැරූ සමයේ සිට ඇරඹි, ඡායාරූප ශිල්පී විජේසුන්දරගෙන් පටන් ගෙන රිචඩ් ද සොයිසාගේත්, චන්ද්‍රිකා සමයේත්, රාජපක්ෂ පාලන සමය දක්වාත් විහිදී ගිය මාධ්‍යවේදීන් ඝාතනය, පැහැරගෙන යෑම, නොතිත් වධ බන්ධන වලට ලක් කිරීම්වල ලැයිස්තුව ඉතා දිගු එකකි. ඒ කවර හෝ සිද්ධියක් පිළිබඳ කිසිදු රජයක් නිසි පරීක්ෂණ පවත්වා අපරාධකරුවන්ට දඬුවම් ලබා දී නැත.
වර්ෂ 2015 දී යහපාලන රජය බලයට පත්වන්නේ ද ඉතිහාසයේ නොවූ විරූ ලෙස රාජපක්ෂ පාලන කාලය තුළ සිදුකළ ජනමාධ්‍යවේදීන් ඝාතනය, පහර දීම්, මාධ්‍ය ආයතන ගිනි තැබීම්, පිළිබඳව වහා පරීක්ෂණ අරඹා අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබා දෙන පොරොන්දුව පිට ය. පැහැර ගැනීමට ලක්ව අමානුෂික වධ බන්ධනවලට ලක්වූ මේ ලියුම්කරුගේත්, ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංගගේත්, අතුරුදහන් කළ ප්‍රගීත් එක්නැලිගොඩගේත්, පහර දීමට ලක්වූ උපාලි තෙන්නකෝන්ගේත්, කීත් නොයාර්ගේත් නම් මැතිවරණ වේදිකාවල ඇති තරම් ගෙන හැර පෑවෝය. ඔබතුමාද අනේක අවස්ථාවල රාජපක්ෂ පාලන කාලයේ සිදුකළ මාධ්‍ය මර්දනයන් ගැන කතා කළා පමණක් නොව, බලයට පත්වූ සැණින් එකී අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන බවට දිව්රා ශපථ කෙළේය.
ලසන්ත, ප්‍රගීත්, කීත්, උපාලි, පෝද්දල යන නම් දකුණේ වේදිකාවල පට්ටා ගැසුවද, උතුරු-නැගෙනහිර ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් ගැනවත්, විනාශ කළ මාධ්‍ය ආයතන ගැනවත් කිසිවෙකු කතා කෙළේ නැත. අන්තර් ජාතිකව කීර්තියට පත් සිවරාම් ‘තාරකී’ ගේ ඝාතනය අමතක විය. නිමලරාජන්, සුගීදරාජන් අමතක විය. කෙසේ හෝ මේ මොහොත වන විට ඒ සියල්ල කාලයේ වැලි තලාවෙන් වැසී යමින් තිබේ.
ජඩමාධ්‍යකරණයට එරෙහිවීම තර්ජනයක් ද?
රටේ පොදු මහජනතාවට අයිති සංඛ්‍යාත පාවිච්චි කරන රාජ්‍ය පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නාලිකාත්, රාජ්‍ය-පෞද්ගලික මුද්‍රිත මාධ්‍යයත් ගෙන යන නිර්ලජ්ජිත ‘ජඩමාධ්‍යකරණය’ නිසා රටේ අන්ත අශීලාචාරල පාදඩ දේශපාලනය හිස ඔසවමින් රට විශාල පරිහානියකට පත්වෙමින් තිබේ. මෑතම උදාහරණය ලෙස ඔක්. 26 සිදුකළ ආණ්ඩුව පැහැර ගැනීමේ කුමන්ත්‍රණය ඉහත ‘ජඩමාධ්‍ය’ විසින් සාධාරණීකරනය කිරීමට නොගත් වෙහෙසක් නැත. ශ්‍රේෂ්ඨාධිකරණය හරි තීන්දුව නොදුන්නේ නම්ල අද එකී ‘ජඩමාධ්‍ය’ විසින් 2015 දී අවසන් කළ ඒකාධිපති වියරු පවුල් පාලනය රටතුළ ස්ථාපිත කර හමාරය.
මේ ක්‍රියාවලියට එරෙහිව සාධාරණ ජනමාධ්‍ය ක්‍රියාවලියක් ඇතිකර ගැනීම වෙනුවෙන් ඉතා ප්‍රජාතන්ත්‍රවාදීව රටේ ජනතාවගේ අයිතිය පිණිස මාධ්‍ය ආයතන වෙත ගොස් ඉල්ලීමක් ඉදිරිපත් කිරීම ඔබත්, ඔබ රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු වූ හර්ෂ ද සිල්වාල එරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා යන අය අර්ථ කථනය කෙළේ මාධ්‍ය නිදහසට එල්ල කළ තර්ජනයක් ලෙසයි. ඔබතුමා ඇතුළු ඒ අමාත්‍යවරුන්ගේ මුවින් පිටවූයේ ඔබතුමාලාගේ ඇත්ත හඬ නොව ඒ ජඩමාධ්‍ය ආයතනවලට අවශ්‍ය දේ බව රටේ ජනතාව නොදන්නවා නොවේ.
රාජපක්ෂලාගෙන් වැඩිම ප්‍රහාරයන් එල්ල වූයේ සිරස වෙතය
රාජපක්ෂ පාලන සමයේ දී වැඩිම ප්‍රහාර ප්‍රමාණයක් එල්ල වූයේ ‘සිරස’
COMMENTS