දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බිස්නස් වලට සම්බන්ධ නිසා මන්ත්‍රී ධූරය ඉවත්කරන්නැයි රනිල්ට එරෙහි පෙත්සම 31දා විභාගයට
Homeගොසිප්

බිස්නස් වලට සම්බන්ධ නිසා මන්ත්‍රී ධූරය ඉවත්කරන්නැයි රනිල්ට එරෙහි පෙත්සම 31දා විභාගයට

PropellerAds

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 (2) වගන්තිය ප්‍රකාරව, රාජ්‍ය ආයතන සමඟ ගනුදෙනු කරන සමාගමක ප්‍රධාන කොටස්කරුවකු වන රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තු ම...

ඒකාබද්ධයේ විශේෂ සාකච්ඡාවක්‌ අද.
එජාප මහ ලේකම් ඇතුළු 47කගෙන් ජනපතිට ලිපියක්?
උදයංග ගේන්න ගිය පිරිස හිස් අතින් ආපසු එයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 (2) වගන්තිය ප්‍රකාරව, රාජ්‍ය ආයතන සමඟ ගනුදෙනු කරන සමාගමක ප්‍රධාන කොටස්කරුවකු වන රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයක් දැරීමට කිසිදු ආකාරයකින් හිමිකමක්
හෝ අවසරයක් නොමැති බැවින් "ක්වෝ වොරන්ටෝ"(Quo Warranto) ආඥාවක් මඟින් ඔහු දරන මන්ත්‍රි ධුරය හා ඒ අනුව ලබාගෙන තිබෙන අගමැතිකමද අහෝසි කරන ලෙස ඉල්ලා ගොනුකොට ඇති රීට් පෙත්සම සම්බන්ධයෙන් මේ මස 31 දින අධිකරණය හමුවේ කරුණු දැක්වීමට අභියාචනාධිකරණය ඊයේ (22දා)   නියෝග කළේය.

අභියාචනාධිකරණ විනිසුරු, අර්ජුන ඔබේසේකර මහතා නඩුවේ එම පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කෙරිණි. අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරු දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ ප්‍රධානත්වයෙන් යුත් ද්විපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවා තිබුණද ඇයගේ නොපැමිණීම මත ඔබේසේකර විනිසුරුවරයා හමුවේ පෙත්සම කැඳවනු ලැබීය.

මෙම පෙත්සම ගොනුකොට ඇත්තේ 2002 සිට 2006 දක්වා කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ
නාගරික මන්ත්‍රිවරියක්ව සිටි දැනට මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිවරියක්ව සිටින කොළඹ 07 ඇල්බට් චන්ද්‍රවංකයේ 30/02 ලිපිනයේ පදිංචි ෂාමිලා රොවිනා ජයවර්ධන ගෝනවල විසිනි.

ජනාධිපති නීතිඥ උදිත ඉහළහේවා පෙත්සම්කාරිය වෙනුවෙන් කරුණු දක්වන ලද අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටීමට නියමිත නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුත්තකට සහභාගි වන්නට සිදුව තිබීම හේතුවෙන් මෙදින පෙනීසිටීමට නොහැකි බව රජයේ නීතිඥවරයකු විසින් දැනුම් දීම මත පෙත්සම මේ මස 31 වැනි දින යළි කැඳවීමටත් එදින කරුණු දැක්වීමටත් නියෝග කෙරිණි.

රාජ්‍ය ආයතනයකට යම් සේවාවක් සපයා මුදල් උපයන අයකු හට හෝ පෞද්ගලික ආයතනයකට කොටස්කරුවකු හට පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුරයක් දැරීම හා පාර්ලිමේන්තුවේදී ඡන්දය භාවිත කිරීම සහමුලින්ම තහනම්ව තිබියදීත්, අගමැතිවරයාද වන රනිල් වික්‍රමසිංහ ඒ බැව් දැන දැනම පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයක් දරමින් ඒ අනුව හිමිකරගත් අගමැති ධුරයද හොබවන බවත් එය ව්‍යවස්ථා විරෝධී මෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බවත් එම ධුරයන් දැරීම "ක්වෝ වොරන්ටෝ" ආඥාවක් මඟින් අත්හිටුවන ලෙසත් පෙත්සම්කාරිය ඉල්ලා සිටියි.

තවද එම ධුරය දරන ලද්දාවූ සම්පූර්ණ කාලය තුළ ඔහු උපයාගන්නා ලද වැටුප්, දීමනා යනාදී සියලු ලැබීම් ආපසු ඔහුගෙන් අයකර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසට නීතිපතිවරයාට නියම කරන ලෙසද පෙත්සම මඟින් ඉල්ලා ඇත. සීමාසහිත ලේක්හවුස්
ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් ආයතනයේ ප්‍රධාන කොටස්කරුවකු වන වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ සතුව එම සමාගමේ කොටස් 38,964ක් පවතින බවත්, එම කොටස් හිමිකාරිත්වය මත හිමි ලාභාංශ වාර්ෂිකව ඔහු ලබා ගන්නා බවත්, ඒ බැව් තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීත්‍යනුකූල ලියකියවිලි තමා පෙත්සම සමඟ ඉදිරිපත් කරනු ලබන බවත් පෙත්සම්කාරිය ප්‍රකාශ කොට ඇත.

තවද 'ලංකා බැංකුව' හා 'මහජන බැංකුව' යන රාජ්‍ය බැංකු දෙකෙහි චෙක්පත් මුද්‍රණය කිරීමේ කටයුතු වගඋත්තරකරු කොටස් හිමිකාරිත්වය දරන මෙම සමාගම මඟින් සිදුකරනු ලබන බවත්, ඒ බැව් තහවුරු කිරීමට අවශ්‍ය ලිපි ලේඛන හා එකී චෙක්පත් ආදර්ශද එකී බැංකු දෙකෙන් ලබාගන්නා ලද විවෘත තොරතුරුද සමාගම් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාගේ ලේඛනයන්ද පෙත්සම සමඟම ඉදිරිපත් කොට ඇති බවත් ඇය වැඩිදුරටත් කියා සිටියි.

එමෙන්ම මෙමඟින් හිස් වන මන්ත්‍රි ධුරයට ඊළඟ සුදුසුකම් ලද පුද්ගලයා පත්කිරීමට අවශ්‍ය බලධාරීන් හට නියෝග කරන ලෙසත් ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියි. මෙම පෙත්සමෙන් 1 වැනි වගඋත්තරකාර අගමැති රනිල් වික්‍රමසිංහට අමතරව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් හා පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දිසානායක යන අයද ලංකා බැංකුව හා මහජන බැංකුවද සෙසු වගඋත්තරකරුවන් වශයෙන් නම් කොට ඇත.

-කමල් මහේන්ද්‍ර වීරරත්න-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බිස්නස් වලට සම්බන්ධ නිසා මන්ත්‍රී ධූරය ඉවත්කරන්නැයි රනිල්ට එරෙහි පෙත්සම 31දා විභාගයට
බිස්නස් වලට සම්බන්ධ නිසා මන්ත්‍රී ධූරය ඉවත්කරන්නැයි රනිල්ට එරෙහි පෙත්සම 31දා විභාගයට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg02t720roe-6ZO4VduGVkIj3YnG1Jeg8SZVc_ejzo0wRxn08RnDX5gQKIKOwOg2VTnwNFg4whyNJP5cN7BG0lnWii08q6GutUF11ouLzFZED91AvizQfecBoz8zJAkr1hWpAGrOEN3w18/s1600/gossiplanka_2019-01-23-1373.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg02t720roe-6ZO4VduGVkIj3YnG1Jeg8SZVc_ejzo0wRxn08RnDX5gQKIKOwOg2VTnwNFg4whyNJP5cN7BG0lnWii08q6GutUF11ouLzFZED91AvizQfecBoz8zJAkr1hWpAGrOEN3w18/s72-c/gossiplanka_2019-01-23-1373.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/31.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/31.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy