දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිගේ චෝදනාවලට රනිල් බුදුදහමින් පිළිතුරු දෙයි (VIDEO)
Homeප්‍රවෘත්ති

ජනපතිගේ චෝදනාවලට රනිල් බුදුදහමින් පිළිතුරු දෙයි (VIDEO)

PropellerAds

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චෝදනාවලට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බුදුදහමින් පිළිතුරු දෙනු ලැබිය. ඒ ඊයේ වත්මන් අර්බුදය සම්බන්ධ...

විමල්ගේ පක්ෂයේ වීරකුමාර, පියසිරි, පී.ඩී. කුමාර ශ්‍රීලනිපයට
ජනපති සහ බැසිල් අතර හදිසි දුරකතන සංවාදයක්
ආවා කල්ලියේ 4ක් ආයුධ සමඟ අත්අඩංගුවට
ජනපතිගේ චෝදනාවලට රනිල් බුදුදහමින් පිළිතුරු දෙයි (VIDEO)

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චෝදනාවලට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බුදුදහමින් පිළිතුරු දෙනු ලැබිය.

ඒ ඊයේ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් වෘත්තීයවේදීන් දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“මේ තාච්චිය කතා කරන්නේ. අපි ඔක්කොම එකතු වෙලා. ආප්පයක් පිච්චුවා. අපි බලාපොරොත්තු වුණේ ප්‍රජාතන්ත්‍රවාදය, දූෂණය ගැන විභාග කිරීම සංවර්ධනය. සංහිදාවය. ඔක්තෝබර් 26 දා ඇතිවුණ පියවර ගැන බොහෝ දෙනෙක් මවිතයට පත්වුණා. විශ්වාසය නැතිවුණා. අපි ඡන්දේ දුන්න අපේක්ෂකයා කොහොමද මේක කරන්නේ කියලා හිතුවා. අපි මේ ගමන ඇති කළේ හොඳ සමාජයක් හදන්න. ඔබට ජීවත්වෙන්න පුළුවන් සමාජයක් හදන්න. අපි ගමන් කළා. අපේ අඩුපාඩු තිබුණා. අපි නොකරපු දේවල් තිබුණා. ඔබ අපිට දොස් කිව්වා. ඔබ අපිට දොස් කිව්වේ අපි පැරණි ක්‍රමයට යන්න නෙමෙයි වේගයෙන් ඉදිරියට යන්නයි. මම හිතුවා මෙතනින් සියල්ල ඉවරයි කියලා. මම හිතුවා මේ රෑ මම අරලිය ගහ මන්දිරයේ ගත කරන්න ඕන කියලා. මොකද අගමැති කාලේ දවස් දෙකයි එහි ගත කරලා තිබුණේ. මම දැක්කා ඊළඟ දවසේ ඔබ මේ සටන ඉදිරියට ගෙන ගියා. සමාජ මාධ්‍ය ජාලය කලු මාධ්‍ය පරදවන තරම් විශාල ව්‍යාපාරයක් ආරම්භ කළා. ඇයි එහෙම කළේ පුද්ගලයෙක් වෙනුවෙන් වත් රට වෙනුවෙන් වත් නොවෙයි. ඔබ ඒ කළේ රට දියුණු කරන්නයි. 2015 ජනවාරි 8 බලාපොරොත්තුව කඩලා දාන්න ඔබ සූදානම් නෑ. අපි ලෑස්තියි ඉදිරියට යන්න. මම හැමදෙනාගෙන්ම ඇහුවා ගෙදර යන්නද කියලා. ඔබතුමාට ගෙදර යන්න බෑ මේක අවසන් වුණාම ගෙදර යන්න පුළුවන් කිව්වා."

"අපි මේ අවුරුදු තුනේදී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා.ඇමෙරිකානු ජනපතිතටත් සීමා තියෙනවා. අපි සීමා නැතිව යන්න බෑ. 2015 පස්සේ කිසිම විනිශ්චයකාරයෙකුට මමත් ඇමතිවරුත් කථා කරලා නෑ. ඒ ශක්තිය නිසා මේ ආයතන අද ක්‍රියා කරනවා. පොලීසිය නිතීය අනුව ක්‍රියාත්මක කරනවා. අපි ඒවා තවත් ශක්තිමත් කරන්න ඕන. මෛත්‍රීපාල ජනපතිතුමා කිව්වා මහානායකගේ වැඩ කටයුතු විහාරාධිපති කරන්න යනවා කිව්වා. මම එතුමාට මතක් කරන්නේ මේක මහානායකගේ වැඩක් නෙමෙයි. විහාරාධිපති හාමුදුරුවන්ගේත් වැඩක් නෙමෙයි. මෙතත තියෙන්නේ විනය පිටකයේ ප්‍රශ්නයයි. විනය අනුව වැඩ කරනවාද නැත්ද කියන එකයි. ප්‍රශ්ණය ව්‍යවස්ථාවයි. අපි ජනාධිපතිගේ බලතල සීමා කරලා ජනපතිති ව්‍යවස්ථාවට යටත් කළා. මහානායක ස්වාමීන්වහන්සේ විනය පිටකයෙන් පිට වැඩ කරන්නේ නෑ. අපි ජනාධිපති පාර්ලිමේන්තුවට යටත් කළා. මහානායක ස්වාමීන්වහන්සේ කාරක සභාවට පිටින් වැඩ කරන්නේ නෑ. දැන් විනය පිටකයත් ඉරලා, කාරක සභාවටත් පිටින් වැඩ කරලා ක්‍රියාත්මක වෙන එක තමයි වෙන්නේ. අපිට ඕන ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නයි. ව්‍යවස්ථාව අනුව බහුතරයක් තියෙන කෙනාට අගමැතිකම දෙන්න. තුනෙන් දෙකක් එකතුවුණ තැන ඡන්දයක් තියන්න. ඊයේ ජනාධිපතිතුමා කිව්වලු 225ම කැමති වුණත් මම අගමැතිකම දෙන්නේ නෑ කියලා. ඒක මගේ ප්‍රශ්ණයක් නෙමෙයි. ඒක ජනාධිපතිවරයාගේ ප්‍රශ්ණයක්. ඔබ බලනවද පාර්ලිමේන්තුවට පයින් ගහලා පිටින් යන්න."

"අපි පාර්ලිමේන්තු ප්‍රජාතත්ත්‍රවාදය ආරක්ෂා කළා. රට පාලනය කරන්නේ විධායක ජනපති නෙමෙයි. රට පාලනය කරන්නේ ආණ්ඩුව කැබිනට් මණ්ඩලය. ආණ්ඩුව මෙහෙයවන්නේ කැබිනට් මණ්ඩලය සාමූහිකව වැඩ කරලා. එහෙනම් කොහොමද පාර්ලිමේන්තුවට ඇහුම්කම් නොදී යන්නේ. අපි දැක්කා නොවැම්බර් මාසයේ මේ අය හැසිරුණ හැටි. පාර්ලිමේන්තුවට නිග්‍රහයක්. පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධව හැසිරුණ අයට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. අපි ජනාධිපතිගේ විධායක බලතල ඉවත් කරන්න ඕන. අපි මේ ගමන ආරම්භ කළේ විධායක ජනපති නැති කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනය පැවැත්වූයේ පක්ෂය ගැන කතා කරන්නවත් දිවංගත එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා ගැන කථා කරන්නත් නෙමෙයි. කථා කළේ රනිල් වික්‍රමසිංහ ගැන මම එක දවසක්වත් ඕකේ සාමාජිකත්වය අරගෙන නෑ.මට දේශපාලන කරුමයක් කිව්වා. මට දොස් කිව්වා. බැන්නා අවලාද කිව්වා. එ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා. මගේ සංස්කෘතිය අනුව පිළිතුරු දෙනවා. මම පිළිතුරු දෙන්නේ සංයුක්ත නිකායේ ආකෝෂ සූත්‍රෙයන්. ආකෝෂ බමුණා බුදුරාජානන් වහන්සේට බැන්නා. බමුණ ඔබට මිත්‍රයින් ඉන්නවද? නෑදෑයින් ඉන්නවද? දන්න අය ඉන්නවද කියලා ඇහුවා. ආකෝෂ බමුණා කිව්වා ඔව් මට මිත්‍රයින් ඉන්නවා, නෑදෑයන් ඉන්නවා, දන්න අය ඉන්නවා කිව්වා. ඒ අය ඔබේ නිවසට පැමිණියාම ආහාර දෙනවද? සංග්‍රහ කරනවද? ඔව් මම එහෙම සංග්‍රහ කරනවා කිව්වා. කවුරුහරි ඒ ආහාර බාර ගන්නේ නැත්නම්, අනුභව කරන්නේ නැත්නම් කාටද ඒක අයිති කියලා ඇහුවා. ඒක මට අයිති කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ කිව්වා. මට කිව්වේ දොස්, මම දොස් කිව්වේ නෑ. මට කිව්වේ අවලාද මම අවලාද කිව්වේ නෑ. මට නින්දා කළා මම නින්දා කළේ නෑ. බමුණ මට කරපු නින්දා ඔක්කොම ඔබට භාරයි කියලා කිව්වා. මම ඊට වඩා ජනාධිපතිට කියන්නේ නෑ.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

එම වීඩියෝව පහතින්,

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිගේ චෝදනාවලට රනිල් බුදුදහමින් පිළිතුරු දෙයි (VIDEO)
ජනපතිගේ චෝදනාවලට රනිල් බුදුදහමින් පිළිතුරු දෙයි (VIDEO)
http://am.lk/media/k2/items/cache/a5afed7cf896ea105f78d0fd162cad77_S.jpg
https://i.ytimg.com/vi/J2fHvDQTHug/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/video_6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/video_6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy