ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර දුරකතන සංවාදයක් ඇතිව තිබෙන බව වාර්තා වේ. පැපිලියාන සුනේත්...
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර දුරකතන සංවාදයක් ඇතිව තිබෙන බව වාර්තා වේ.
පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙනේ පරිවේනාධිපති, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේගේ මැදිහත්වීම මත මෙම සංවාදය සිදුව ඇතැයි ආරංචි මාර්ග පවසයි.
වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනපතිවරයා හා බැසිල් රාජපක්ෂ අතර දුරකතන සංවාදයක් ඇතිව තිබෙන්නේ පළමු වතාවට බවටද වාර්තා වේ.
COMMENTS