දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තංගල්ල සිව් පුද්ගල ඝාතන ව්‍යාපාරික බල අරගලයක ප්‍රතිඵලයක් කොන්ත්‍රාත්තුව මදුෂ්ගේ බවට සැක
Homeගොසිප්

තංගල්ල සිව් පුද්ගල ඝාතන ව්‍යාපාරික බල අරගලයක ප්‍රතිඵලයක් කොන්ත්‍රාත්තුව මදුෂ්ගේ බවට සැක

PropellerAds

ඊ යේ (25 දා) උදෑසන  තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය නිසා 4 දෙනෙකු මියගිය අතර 8 දෙනෙකු තුවාල ලබා තිබුණි. මෙය එම ධීවර ව...

සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවට වසා තැබෙන පාසල් 68
රවී වෙස්වළාගෙන ඇවිත් නත්තල් තෑගි බෙදනවලු (බ්‍රහස් කාටූන්)
මනුෂ අහක බලා වසර 5 කට පසු රොෂානා අලූත් ජීවිතයකට
යේ (25 දා) උදෑසන  තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය නිසා 4 දෙනෙකු මියගිය අතර 8 දෙනෙකු තුවාල ලබා තිබුණි. මෙය එම ධීවර වරායේ මාළු ව්‍යාපාරික ආධිපත්‍යය දරන මහින්ද නමැත්තාගේ පුත්‍රයන් ඉලක්ක කරගෙන සිදු කළ ප්‍රහාරයක් බව වාර්තාවේ. මිය ගිය අය අතර ඝාතකයින්ගේ ප්‍රධාන ඉලක්කය වූ මහින්දගේ ලොකු පුතා බව කියන ලතීෂ් උදයකුමාර (37) හෙවත් 'රණා' සිටින අතර මියගිය අනෙක් තිදෙනාගෙන්
සමීර හා තිවංක නමැති දෙදෙනෙකුද ඔහුගේ සගයින්ය. නමුත් මෙම අනපේක්ෂිත වෙඩි ප්‍රහාරය නිසා මාළු මිලට ගැනීමට එහි පැමිණි පාරිභෝගික මහතෙකුද මියගිය අතර ඔහු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවය කරන දෙල්ගොඩ පදිංචි සඳුන් චානක ගමගේය.

මෙම ඝාතනවලට හේතුව මහින්ද නමැති ව්‍යාපාරිකයා සමග විරුද්ධව කටයුතු කරන තවත් ව්‍යාපාරිකයෙකු කාලයක් තිස්සේ සිදු කරන එකට එක කිරීම් බව අනාවරණයවී තිබේ. වසර 15 ක් පමණ කාලයක සිට තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ මාළු ව්‍යාපාරය සිදුකරන මහින්ද සතුව ට්‍රොලර් යාත්‍රා 21 ක් තිබෙන අතර ඔහු එහි ආධිපත්‍යය දරන බව කියැවේ. ඔහු දැන් වයස්ගත බැවින් ව්‍යාපාරය ගෙනයන්නේ ඔහුගේ පුත්‍රයින් තිදෙනා බවද කියැවේ.

ඊයේ පෙරවරුවේ මහින්දට අයත් 

"කළණ" නමැති යාත්‍රාවේ රැගෙන ආ මසුන් තොගයක්‌ අලෙවි කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ලවී ඇත. මහින්දගේ වැඩිමල් පුත් රණා සිය සේවක පිරිසක්‌ ද සමඟ කළණ බෝට්‌ටුවේ තිබූ මාළු තොග සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට අලෙවි කරමින් සිටියදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු යතුරුපැදියකින් ධීවර වරායට ඇතුළුවී ඇත.
මුහුණු ආවරණය වන හෙල්මට්‌ පැළඳ සිටි එම දෙදෙනා කළණ බෝට්‌ටුව නවතා තිබූ ස්‌ථානයට කඩා වැදී ටී 56 ගිනි අවියක්‌ සහ මිලි මීටර් නවය වර්ගයේ පිස්‌තෝලයක්‌ යොදාගෙන හතර අතට වෙඩි තබා ඇත. ප්‍රහාරය එල්ලවීමත් සමඟම ධීවර වරායේ සිටි ව්‍යාපාරිකයන් සහ මාළු මිලදී ගැනීමට පැමිණි පිරිස්‌ හිස්‌ ලූලූ අත දුවගොස්‌ ඇත.

පෙ.ව. 7.30 ට පමණ කඩා වැදුණු සන්නද්ධ ඝාතකයන් දෙදෙනා කුලී ඝාතකයින් බවත් මාකඳුරේ මදුෂ්ට ලැබුණ කොන්ත්‍රාත්තුවක් මත පැමිණෙන්නට ඇති බවත් සැකකෙරේ. මෙවැනි කොන්ත්‍රාත්තුවක් ලබාදීමට ආසන්න හේතුව වී ඇත්තේ මීට දින කිහිපයකට පෙර "රණා" විසින් පොලිසියට ලබාදුන් ඔත්තුවක්‌ මත

දික්‌වැල්ල ප්‍රදේශයේ පුද්ගලයකු හෙරොයින් සමඟ අත්අඩංගුවට පත්වී තිබීමත් එම පුද්ගලයා මහින්ද හා රණාගේ විරුද්ධ පාර්ශ්වයේ ව්‍යාපාරිකයාගේ සමීපතමයකු වීමත් බව සැකකෙරේ.

වසර 15 ක පමන කාලයක සිට මෙම දෙපාර්ශ්වය අතර එකට එක කිරීම් සිදුව ඇත. විරුද්ධ පාර්ශ්වයේ වෙඩි තැබීමකින් මහින්දගේ සොහොයුරෙක්‌ ද මීට පෙර ඝාතනයට ලක්‌ව තිබෙන අතර දෙපාර්ශ්වය අතර ආරවුලකදී "රණා"ගේ ප්‍රහාරයකින් විරුද්ධ පාර්ශ්වයේ පුද්ගලයකු සදාකාලික ආබාධිතයකු බවටද පත්වී ඇත. දිනෙන් දින වර්ධනය වූ වෛරය හා පාතාල ක්‍රියාකාරකම් මුසු ධිවර ආධිපත්‍යය මෙම ගැටුම් පසුපස තිබී ඇත.
සිද්ධිය විමර්ශනයට විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් හතරක්‌ යොදවා ඇත. මීට අමතරව පොලිස්‌පති  නියෝග මත කොළඹ අපරාධ කොට්‌ඨාසයේ විශේෂ කණ්‌ඩායමක්‌ ද ඝාතකයන් අත්අඩංගුවට ගැනීම සඳහා තංගල්ලට පිටත් කර යවා තිබේ.

මෙම ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙතෙක්‌ සමත් නොවූ අතර යතුරුපැදියෙන් පලා ගිය දෙදෙනා අතරමගදී මෝටර් රථයක නැගී ගිය බවට තොරතුරු ලැබී ඇත.
මේ අතර අද (26) අලුයම 1.30 ට පමණ කුඩාවැල්ල හන්දියේ මාර්ග බාධකයක් පසුකර නොනවත්වා ධාවනය වූ වෑන් රථයකට පොලිසිය වෙඩි තබා ඇති නමුත් එම රථය පොලිසියට හසුනොවී පැනයන්නට සමත්ව තිබේ. එම වාහනය ගැන පරීක්ෂණයක්ද අරඹා තිබේ.
මෙම ඝාතන සිද්ධිය වූ ස්‌ථානයේ සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශන අනුවද ඝාතකයන් හඳුනා ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තංගල්ල සිව් පුද්ගල ඝාතන ව්‍යාපාරික බල අරගලයක ප්‍රතිඵලයක් කොන්ත්‍රාත්තුව මදුෂ්ගේ බවට සැක
තංගල්ල සිව් පුද්ගල ඝාතන ව්‍යාපාරික බල අරගලයක ප්‍රතිඵලයක් කොන්ත්‍රාත්තුව මදුෂ්ගේ බවට සැක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjX9chdsG4mg1I76RZoJZdhgivFolCfaocjZEyCXi9kb-PhXmH-S49rah7RLbplPKhQXg9_679P7AxgqdrqSWvsU-xcAcTw3LVWB1FK4KiytXZ8a0aa5odyMKdyptIBqFISgfAqD7ma8g0/s1600/tangalle.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjX9chdsG4mg1I76RZoJZdhgivFolCfaocjZEyCXi9kb-PhXmH-S49rah7RLbplPKhQXg9_679P7AxgqdrqSWvsU-xcAcTw3LVWB1FK4KiytXZ8a0aa5odyMKdyptIBqFISgfAqD7ma8g0/s72-c/tangalle.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_611.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_611.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy