දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රජයේ අරමුණ ගැන ජනපති අමෙරිකාවේදී කියයි
Homeප්‍රවෘත්ති

රජයේ අරමුණ ගැන ජනපති අමෙරිකාවේදී කියයි

PropellerAds

තිරසාර සංවර්ධනය සහ සංහිඳියාව ශී‍්‍ර ලංකා රජයේ ප‍්‍රමුඛතම අරමුණ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි. මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල...

නිදහස් සෞඛ්‍ය සේවය පිරිහී රෝගීන් දුක් විදිද්දී, සෞඛ්‍ය ඇමතිගෙන් සෞඛ්‍ය ඇමතිටම උපහාර උළෙලක්
පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු ස්වාධීන වෙයි
තිලංගගේ හදිසි චෝදනාව පිටුපස හදිසි හස්තයක්? අර්ජුනගෙන් අරවින්දගෙන් තිලංගට කණේ පහරක්!
රජයේ අරමුණ ගැන ජනපති අමෙරිකාවේදී කියයි

තිරසාර සංවර්ධනය සහ සංහිඳියාව ශී‍්‍ර ලංකා රජයේ ප‍්‍රමුඛතම අරමුණ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ තේමාව වූ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම මේ වන විටත් තම රජය විසින් කි‍්‍රයාත්මක කරමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා ඒ පිළිබඳ තමා නිහතමානීව සතුටුවන බව ද කියා සිටියේය.

අමෙරිකාවේ රාජ්‍ය නියෝජිතායතනයක් වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හි ප‍්‍රධාන විධායක නිලධාරිනී ඩැනා ජේ හයඩ් (Dana J Hyde) මහත්මිය ඇතුළු එහි නියෝජිත පිරිසක් සමඟ ඊයේ (20) නිව්යෝර්ක් නුවර පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

තිරසාර සංවර්ධන අරමුණු ජය ගැනීමේ විශේෂ ව්‍යාපෘති සඳහා ශී‍්‍ර ලංකාවට සහාය දැක්වීමට මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය ඉදිරිපත්වී සිටින අතර ඒ පිළිබඳව මෙහිදී සිය විශේෂ ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ එය ශී‍්‍ර ලංකාවේ ඉදිරි ආර්ථික අරමුණු ජය ගැනීමට මහත් ශක්තියක් වනු ඇති බවයි.

එම ව්‍යාපෘති සඳහා රටවල් තෝරා ගැනීමට මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය අනුගමනය කරන ක‍්‍රමවේදය ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

තිරසාර සංවර්ධනය තුළ සංහිඳියාව ශක්තිමත් කරමින් නව මානයක් ඔස්සේ ශී‍්‍ර ලංකාව ඉදිරියට ගෙන යන බව ද මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් මෙන්ම සාමය සහ නිදහස සුරක්ෂිත කිරීමට රජය ගෙන ඇති පියවර ද පැහැදිළි කළේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස තහවුරු කිරීමට පියවර රැසක් ගත් අතර නව ආණඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ද රජය මේ වන විට කටයුතු කරමින් සිටින බවත් මෙම සියලු පියවර ගනු ලබන්නේ නැවත මේ රටේ යුද්ධයක් ඇති වීම වළක්වා ස්ථිර සාර සාමයක් රට තුළ ගොඩනැගීමට බවත් කියා සිටියේය.

මාස 20 ක කාලයක් තුළ ශී‍්‍ර ලංකා නව රජය ලබාගත් ජයග‍්‍රහණ මෙහිදී ඩැනා ජේ හයිඞ් මහත්මියගේ විශේෂ ප‍්‍රසාදයට ලක් වූ අතර ආර්ථික, සමාජයීය මෙන්ම දේශපාලන වශයෙන් ජනතාවට ලබාදුන් ජයග‍්‍රහණ පිළිබඳ තමන් සතුටුවන බව ද ප‍්‍රකාශ කළාය.

ඉදිරියේදී තම කණ්ඩායම ශී‍්‍ර ලංකාව සමඟ ඉතා සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද හයිඩ් මහත්මිය සඳහන් කළාය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජයේ අරමුණ ගැන ජනපති අමෙරිකාවේදී කියයි
රජයේ අරමුණ ගැන ජනපති අමෙරිකාවේදී කියයි
http://ift.tt/2cYpJr9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_509.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_509.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy