දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්ද පොහොට්ටුවට බැඳුණා කියල පළවුණ කතා බොරුද?
Homeගොසිප්

මහින්ද පොහොට්ටුවට බැඳුණා කියල පළවුණ කතා බොරුද?

PropellerAds

ජ නපතිවරණ පරාජයෙන් පසු 2015 මහමැතිවරණයට මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් තරග කළේ එජනිස යටතේ ශ්‍රීලනිප මන්ත්‍රී අපේක්ෂකයෙකු ලෙ...

Presidents Awards 2017
රියදුරන් බීලද බලන බැලුම වෙනුවට මින් පසු බටයක්
පාසල් සුදු ඇදුම් පාට කිරීමට අකිල යෝජනා කරයි
නපතිවරණ පරාජයෙන් පසු 2015 මහමැතිවරණයට මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් තරග කළේ එජනිස යටතේ ශ්‍රීලනිප මන්ත්‍රී අපේක්ෂකයෙකු ලෙසයි.නමුත් පසුකාලීනව ශ්‍රීලනිපයේ මෛත්‍රී පිල හා මහින්දගේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ලෙසින් පැහැදිලි බෙදීමක් ඇති විය. නුගේගොඩින් ආරම්භ කර රට පුරා මහින්ද සුළඟ නමින් රැස්වීම් පැවැත්වූයේ
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම වන අතර එයට ශ්‍රීලනිපයෙන් කැඩී ආ අය මෙන්ම එසේ නොවන ජානිපෙ, පිවිතුරු හෙළ උරුමය වැනි පක්ෂද එක්විය.
එසේ එක්වූ අය මෙන්ම මහින්දද මෛත්‍රී පවත්වන ශ්‍රීලනිප පක්ෂ රැස්වීම වර්ජනය කළහ.තනතුරු භාරගත්තේද නැත.සම්මේලන වලට ආවේද නැත.

නාම මාත්‍රිකව 'ඒකාබද්ධ විපක්ෂය' ලෙස එම පිරිස හඳුන්වනු ලැබූවත් එවැනි පක්ෂයක් ලියාපදිංචි කර නොතිබිණි. එම රැළිවලදී මෛත්‍රීපාල විරෝධී හා ශ්‍රීලනිප විරෝධී කතා පැවැත්වුන අතර ඩාලි පාරේ ශ්‍රිලනිප මූලස්ථානය පසුකර යද්දී එම අනුගාමිකයින් බොහෝ අවස්ථාවල හූ හඬින් උසුළු විසුළු කරනු මාධ්‍ය තුළද වාර්තා විය.

මේ අතරවාරයේ මැතිවරණ ඉලක්ක කරගෙන පොහොට්ටුව සංකේතය කරගෙන ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ බිහිකරන ලද්දේ බැසිල් රාජපක්ෂ හා ජීඑල් පීරිස් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන දෙදෙනෙකුගේ නම් යොදවාගෙනය.

එහි අරමුණ වූයේ මෛත්‍රී දිගටම මහින්දට විරසකවූ නිසා ශ්‍රීලනිපයේ හොඳ තැනක් නොලැබ යාමට විකල්පයක් ලෙස සිය ජන බලය උරගා බැලීමට මැතිවරණ සඳහා වෙනත් ලියාපදිංචි පක්ෂයක් අවශ්‍යවීම නිසාය.

පසුගිය පුංචි ඡන්දයේදී ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ වෙනමත් ශ්‍රීලනිප වෙනමත් තරග වැදුණ අතර මහින්දගේ සහයෝගය ලැබුනේ ශ්‍රීලනිපයට නොව පොහොට්ටුවටය. එහි නිල නොවන සාමාජිකයන්වූ මහින්ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂ පිල එහි සාමාජිකත්වය උපායශීලී ලෙස  ලබාගත්තේ නැත. එයට හේතුව ශ්‍රීලනිප පක්ෂ ව්‍යවස්ථාව අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගත්විට ශ්‍රීලනිප මන්ත්‍රී ධූරයක් දරන්නේ නම් මසකින් එය ඉබේම අවලංගුවී යන බැවිනි.
මෛත්‍රීපාල සිරිසේන පසුගිය නොවැම්බර් 9 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය පසු එය නීතිවිරෝධී විසුරවීමක් යයි මෙම පිරිස සිතුවේ නැත.
ඒ නිසා අවලංගුවී යාහැකි ශ්‍රීලනිප මන්ත්‍රීධූරයක් ගැන බියක් පාර්ලිමේන්තුව විසුරවූ පසු නැතිවිය. එයින් දින දෙකක් ගිය තැන 11 වනදාම මහින්ද ඇතුළු ශ්‍රීලනිප 54 දෙනෙකු ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්හ.


ඒ බව මහින්දගේ මෙන්ම නාමල්ගේ නිල ට්විටර් පණිවිඩ ලෙසද සටහන්වූ අතර එම ඡායාරූප හා විස්තර සියලුම මාධ්‍ය තුළද ප්‍රචාරය විය. නාමල් තම පොහොට්ටු සාමාජික කාඩ්පතේ ඡායාරූපයක්ද ප්‍රසිද්ධ කර තිබුණි.

මෛත්‍රී ඇතුළු කිහිපදෙනෙකු ශ්‍රීලනිපයේ තනිකරදමා පක්ෂය බංකොලොත් කර අලුත් පක්ෂයක් හදාගෙන පිරිසක් පිටව ගිය බවට විවේචනද ඇති විය.
කෙසේ නමුත් එම කාරණා හරියටම මසකින් දෙසැම්බර් 13 වනදා අධිකරණ තීන්දුවත් සමග උඩුයටිකුරු විය.

විසුරුවාහැරීම නීතියට පටහැණි බව  අධිකරණය තීරණය කළ අතර පාර්ලිමේන්තුව මේ අයගේ පැරණි මන්ත්‍රීධූර සමග යළි සක්‍රීය විය.
ගැටලුව පැනනැංගේ මෙතැනදීය. පාර්ලිමේන්තුව විසුරුවීමෙන් පසු පක්ෂය අතාරින්නට සිටි පිරිස එය එසේ නොවීම නිසා උගුලකට හසුවිය.

නමුත් දැන් මේ සියල්ල ඒකාබද්ධ විපක්ෂ පිල ප්‍රතික්ෂේප කරති.ශ්‍රීලනිප පෙනුවෙන් මෛත්‍රී පවත්වන රැස්වීම් වලට ඊයේද නොගිය ඔවුන් අද එම පක්ෂයේ මන්ත්‍රීවරුන් බව දිවුරති. අනේකවිධ සාක්ෂි තිබියදී සාමාජිකත්වය ලබාගත්තේම නැතැයි කියති.
එදා දුන්නේ ඇප්ලිකේෂන් එකක් විතරයි සාමාජිකයින් වුනේ නෑ යයි බැසිල් කියා සිටීමත්, මහින්ද තාම ශ්‍රීලනිපට මාස්පතා ගෙවනවා යයි ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීමත් මාධ්‍යවල ගියේ බොරු එහෙම දෙයක් වුණේම නැතැයි මහින්දානන්ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීමත් ගැටලුකාරීය.

කෙසේ වෙතත් මේ ගැටලුව පක්ෂ දෙකක අභ්‍යන්තර ප්‍රශ්න වීමත් ශ්‍රීලනිපයේ මෛත්‍රීපාල ජනපති ඇතුළු පරිපාලනය මේ සඳහා විරෝධයක් දක්වන තැනක දැන් නොසිටීමත් නිසා මහින්දට හෝ අනෙක් සාමාජිකයින්ට මෙමගින් අහිතකර පලවිපාක අත්නොවනු ඇති අතරම  මහින්දට විපක්ෂ නායක ධූරය ලබාගන්නට මෙය බාධාවක් නොවනු ඇති බව දේශපාලන විශ්ලේෂක මතයයි.

මහින්ද පොහොට්ටුවේ නෑ නෑමයි - මහින්දානන්ද ලබාදුන් උත්තර පහතින්
මහින්දගේ මහා නාමල්ගේ ට්විටර් පණිවිඩ හා පුවත්පත් වාර්තා ඊටත් පහතින්





Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද පොහොට්ටුවට බැඳුණා කියල පළවුණ කතා බොරුද?
මහින්ද පොහොට්ටුවට බැඳුණා කියල පළවුණ කතා බොරුද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNFYBADk0nIMtD8ZqcF5pONCknn7G0qgLRM_UByCDfREs6tkvkojXjUhguMCcpK9vFbmffVrH9mNj1zbqTDdpYsh_bdWkNFK-x7CZnE5m0GvYiBmpTx4QYBPwPxL8luIYm4bhZPu5_hJU/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNFYBADk0nIMtD8ZqcF5pONCknn7G0qgLRM_UByCDfREs6tkvkojXjUhguMCcpK9vFbmffVrH9mNj1zbqTDdpYsh_bdWkNFK-x7CZnE5m0GvYiBmpTx4QYBPwPxL8luIYm4bhZPu5_hJU/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_404.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_404.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy