දුම්රිය රියදුරන් , නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ අධික්ෂණ කළමනාකරුවන් අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තිබු පැ...
දුම්රිය රියදුරන් , නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ අධික්ෂණ කළමනාකරුවන් අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තිබු පැය 48 ක වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
අද පස්වරුවේ මෙම තීරණය ගත් බව බව දුම්රිය ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරින් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.
තම ගැටලුව සම්බන්ධව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ වෘත්තිය සමිති නියෝජිතයින් හා පැවැති සාකච්ඡාවේදී ගැටළුවට මාසයකදී විසඳුමක් ලබා දෙන බවට ලිඛිතව දුන් පොරොන්දුව අනුව වර්ජනය අත්හිටුවීමේ තීරණයට පැමිණ ඇතැයිද ඔහු සඳහන් කළේය.
දුම්රිය ශ්‍රේණි විෂමතාව සඳහා ලබා දී තිබු කැබිනට් අනුමැතිය මෙතෙක් ක්‍රියාත්මක නොකිරිමට විරෝධය දක්වා මෙම වර්ජනය පැවැත්වීමට තීරණය කර තිබිණි
COMMENTS