ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ක ක්‍රියාත්මක වන ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සියලූ වැඩසටහන්වලින් දෙසැම්බර් 1 වන දි...
ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ක ක්‍රියාත්මක වන ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සියලූ වැඩසටහන්වලින් දෙසැම්බර් 1 වන දින සිට සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන් සියලු දෙනා ඉන් ඉවත් වෙන බව සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය දෙසැම්බර් 1 දින දඹුල්ලේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළහ.
සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ක්‍රියා සිටියේ තම සංගමයේ නිලධාරීන්ට ගමන් වියදම් දීමනා ලබා නොදීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹි බව ය.
එහි ප්‍රධාන ලේකම් අනුරාධ සෙනවිරත්න මහතා මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේ දීවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ජනතාවගේ සංවර්ධනය සඳහා ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය නමින් වැඩසටහනක් ක්‍රිරියාත්මක කර තිබෙන බවය. ඒ අනුව තමන්ට ගමන් වියදම් ලබා දෙන ලෙස ඉල්ලීම් කළ ද මෙතෙක් ඒ සඳහා කිසිදු අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගත් බවය.
නැවත ගමන් වියදම් දීමනාවක් ලබා දෙන තුරු මෙම වැඩසටහනින් සම්පුර්ණයෙන්ම දිවයින පුරා විසිරී සිටින සංවර්ධන නිලධාරීන් ඉන් ඉවත් ව කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම එහි ලේකම් මහතා වී .ඒ .පි .බස්නායක කියා සිටියේ දැනට සංවර්ධන නිලධාරීන් සඳහා යම්කිසි දීමනාවක් ලබා දී තිබෙන නමුත් එම ලබාදී ඇති මුදල් ද නැවතත් රජය අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවය .එමෙන්ම එම මුදල් නැවත රජයට ගෙවීම සඳහා සංවර්ධන නිලධාරීන්ට තම අත කනකර බඩු පවා උගස් තැබීමට සිදුව තිබෙන බවද ඔහු සඳහන් කළේය. ඒ නිසා දෙසැම්බර් පළමුවැනිදා සිට දීමනාව ලැබෙනතුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපතිවරයාගේ නියමයෙන් යුතුව ක්‍රියාත්මක ග්‍රාමශක්ති ජනතා සංවර්ධන ව්‍යාපාරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බවය.
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
COMMENTS