අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවු හානී පිළිබඳව සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) කිළිනොච්චිය ප්‍රදේශයේ නිර...
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවු හානී පිළිබඳව සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) කිළිනොච්චිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතයි.
අද පස්වරුවේ එම චාරිකාවට එක්වන අග්‍රාමාත්‍යවරයා සහන සැලසීම පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
මේ අතර විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි දැනටමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.
දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් උතුරේ ජල ගැලීම්වලින් සිදුවූ හානී සහ ඒවාට යෙදිය යුතු පිළියම් පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (27) කොළඹ දී පැවැත්වුණි.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ පස්වරුව වන විට උතුරු පළාතේ පවුල් 37,000ක් පමණ පීඩාවට පත්ව තිබේ.
ආරක්ෂිත ස්ථාන 32ක පවුල් 3000කට වැඩි සංඛ්‍යාවක් රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.
COMMENTS