මෙරට ගල් අගුරු ගෙන්වීමේ කොන්ත‍්‍රාත්තුව ඉන්දියාවේ මත්පැන් ජාවාරම්වලට සම්බන්ධ සහ දේශපාලන පක්ෂවලට අල්ලස් ලබා දුන් පුද්ගලයෙකුට අයත් සමාගමකට ...
මෙරට ගල් අගුරු ගෙන්වීමේ කොන්ත‍්‍රාත්තුව ඉන්දියාවේ මත්පැන් ජාවාරම්වලට සම්බන්ධ සහ දේශපාලන පක්ෂවලට අල්ලස් ලබා දුන් පුද්ගලයෙකුට අයත් සමාගමකට ලබා දී ඇති බව හිටපු ඇමති පාඨලී චම්පික රණවක මහතා විශේෂ සම්මන්ත්‍රණයක් අමතමින් අනාවරණය කළේය.
මෙම ගල් අගුරු ගනුදෙනුව පිටුපස සිටින ප්‍රධානියා සරත් රෙඩ්ඩි නැමැත්තෙකු බවත්, ඔහු 2021-22 කාලසීමාවේදී දිල්ලියේ ව්‍යාජ අරක්කු විකිණීමේ ජාවාරමකට සම්බන්ධව වරදකරුවෙකු වූ අයෙකු බවත් රණවක මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම, ඉන්දියාවේ දේශපාලන පක්ෂවලට "ඉලෙක්ටරල් බොන්ඩ්" හරහා ඉන්දියන් රුපියල් කෝටි පහක මුදලක් පගාව ලෙස ලබා දුන්, රණවක මහතා "දිල්ලියේ කසිප්පු සුල්තාන්" කෙනෙකුට මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා ඇති බවට ඔහු චෝදනා කළේය.
මෙම කොන්ත්‍රාත්තුව හරහා අදාළ පුද්ගලයාට අතිශය විශාල ලාභයක් ලැබෙන බව හිටපු අමාත්‍යවරයා මෙහිදී හෙළි කළේය.
ඔහු පෙන්වා දෙන පරිදි, නියමිත ප්‍රමිතියෙන් යුත් 6150 ප්‍රමාණයේ ගල් අගුරු වෙනුවට 5500-5600 ප්‍රමාණයේ ගල් අගුරු ගෙන්වීම හරහා සෑම ටොන් එකකින්ම ඩොලර් 30 කට ආසන්න ලාභයක් උපයා ගන්නා බවත්, මේ වන විට ඔහු උපයා ඇති මුළු ලාභය රුපියල් කෝටි 450 ක් පමණ වන බවත් රණවක මහතා සඳහන් කළේය.
මෙලෙස උපයා ගන්නා කළු සල්ලි අනාගතයේදී දේශපාලන කටයුතු සඳහා, එනම් "ගම්වලට බෙදන ක්‍රෙඩිට් කාර්ඩ්" වැනි දෑ සඳහා යොදා ගනු ඇත්දැයි රණවක මහතා ප්‍රශ්න කළේය.
මෙම මූල්‍ය වංචාව පිළිබඳව තමන් දිගින් දිගටම සොයා බලන බවත්, මෙයට සම්බන්ධ මූලිකයන් කවුදැයි තමන් දන්නා බැවින් මෙයින් ගැලවීමට ඔවුන්ට ඉඩ නොදෙන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න

COMMENTS