දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මේ අර්බුදය දීර්ඝ වෙන සෑම දිනයක් පාසාම රටේ සෑම පුද්ගලයෙකුටම රුපියල් 100ක පමණ අමතර වැය බරක්"- පාඨලී
Homeප්‍රවෘත්ති

"මේ අර්බුදය දීර්ඝ වෙන සෑම දිනයක් පාසාම රටේ සෑම පුද්ගලයෙකුටම රුපියල් 100ක පමණ අමතර වැය බරක්"- පාඨලී

PropellerAds

මේ අර්බුදය දීර්ඝ වෙන සෑම දිනයක් පාසාම රටේ සෑම පුද්ගලයෙකුටම රුපියල් 100ක පමණ අමතර වැය බරක් යන බව පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ මුහුණු පො...

මාලිමා ආණ්ඩුවේ පොලිස් ඇමති මමයි.. ජනතාවට සහෝදරයා කියන පොලිසියක් හදනවා..
මේ පනින පැනිල්ලට මේ අය අනතුරක් කරගන්නේ පනිනකොට හැප්පිලා…. අනුර කුමාර
රට හොල්ලන තීන්දුවක් අත ලග.. ප‍්‍රබල ඇමතිට ජම්පර්ද කැබිනට්ද තින්දුයි..

මේ අර්බුදය දීර්ඝ වෙන සෑම දිනයක් පාසාම රටේ සෑම පුද්ගලයෙකුටම රුපියල් 100ක පමණ අමතර වැය බරක් යන බව පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මුහුණු පොතට (ෆේස්බුක්) විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සමුළුව අමතා ජනාධිපතිතුමා ප්‍රකාශ කළා අර්බුදය දින හතකින් විසඳන බව. ඒ වගේම මේ අර්බුදය නිර්මාණය කළේ රනිල් වික්‍රමසිංහ මහතා බවයි එතුමා චෝදනා කළේ. එතුමා විසින් මතක තබා ගත යුතු කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි, මේ අර්බුදය දීර්ඝ වෙන සෑම දිනයක් පාසාම රුපියල් මිලියන 2000කට අධික ප්‍රමාණයක්, ඒ කියන්නේ මේ රටේ සෑම පුද්ගලයෙකුටම රුපියල් 100ක පමණ අමතර වැය බරක් මේ අර්බුදයේ නිර්මාපකයො විසින් ලබා දී ඇති බව. දුගී දුප්පත් ජනතාවට නම් මේක එක වේලක් කෑමට වැය වන මුදල. ඒ නිසා මේ ව්‍යවස්ථාව සමඟ, නීතිය සමඟ සිදු කරන මේ සෙල්ලම වහාම නතර කිරීමට ජනාධිපතිතුමා කටයුතු කළ යුතුයි. ඇත්තටම මේ අර්බුදය නිර්මාණය කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. ඔහු එය නිර්මාණය කළේ රටේ ජනාධිපති අපේක්‍ෂකයා වීමේ අරමුණින්. ඒ පොහොට්ටු පක්‍ෂයේ අපේක්ෂකයා ලෙස. ඒ වගේම පසුගිය 14,15, හා 16 දිනවල, පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලනයට එරෙහිව සම්මත කරන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් රාජපක්‍ෂ කල්ලියත් ප්‍රකාශ කළේ සමාන මතයක්. ඒ තමයි එය නීති විරෝධී බව. එය ව්‍යවස්ථාවට එරෙහි බව. එය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට පටහැනි බව. මුලින් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවේ මේ කිසිවක් සඳහන් නොවන බව. දෙවනුව ප්‍රකාශ කළේ හැන්සාඩ් වාර්තාව නිකුත් වූ පසු, එය වෙබ් අඩවියෙන් සියලු දෙනාට දැන ගන්නට සැලසුණු පසු එය කූට ලේඛනයක් බව."

"කූට ලේඛන පිලිබඳ කුප්‍රකට ඉතිහාසයක් තිබෙන චරිත කිහිපයක් විසින් තමන්ට උප්පැන්න සහතික හොරට හදපු අය, තමන්ගේ නොවන චෙක්පත් වලින් ප්‍රකෝටි ගණන් වංචා කරපු අය, විවිධ අය වෙනුවෙන් ඇටෝනි බලපත්‍ර අරගෙන ඒවායින් ප්‍රකෝටි ගණන් ධනය උපයාගත් තක්කඩි රැලක් තමයි මේ කූට ලේඛන ගැන ජනතාවට කරුණු දක්වමින් ඉන්නේ. දැන් ඒ උගුලේ මහින්ද රාජපක්‍ෂ මහතාත් හසුවී හමාරයි. කෙසේ වෙතත් අභියාචනාධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුවත් ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් අතුරු තහනම් නියෝගයත් අප විසින් දිගින් දිගටම පුන පුනා ප්‍රකාශ කළ දේ, එනම් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමත්, මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධූරයට පත් කිරීමත් සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව දැනටමත් සහතික කොට තිබෙනවා.ඒ වගේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත් ඒ අතුරු තහනම් නියෝගය මගින් කිසියම් දුරකට ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කොට තිබෙනවා."යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මේ අර්බුදය දීර්ඝ වෙන සෑම දිනයක් පාසාම රටේ සෑම පුද්ගලයෙකුටම රුපියල් 100ක පමණ අමතර වැය බරක්"- පාඨලී
"මේ අර්බුදය දීර්ඝ වෙන සෑම දිනයක් පාසාම රටේ සෑම පුද්ගලයෙකුටම රුපියල් 100ක පමණ අමතර වැය බරක්"- පාඨලී
http://am.lk/media/k2/items/cache/0886cfa14c8870afc4c0127c565e1439_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/100_9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/100_9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy