දේශපාලන ව්‍යාපාර, දේශපාලන පක්ෂ පමණක් නොව දෙතුන් දෙනෙකු එක්ව ආරම්භ කළ හවුල් ව්‍යාපාර පවා අවසාන අරමුණට පෙර විනාශ වීම ශ්‍රී ලංකා ඉතිහාසයේ ජාන...
දේශපාලන ව්‍යාපාර, දේශපාලන පක්ෂ පමණක් නොව දෙතුන් දෙනෙකු එක්ව ආරම්භ කළ හවුල් ව්‍යාපාර පවා අවසාන අරමුණට පෙර විනාශ වීම ශ්‍රී ලංකා ඉතිහාසයේ ජානමය හැසිරීමකි. ලාංකිකයෝ පරිණාමය නොවෙති. ශ්‍රීලනිප, එජාප, ජවිපෙ, එල්ටීටීඊ, හෙළ උරුමය, X කණ්ඩායම පමණක් නොව එකම අරමුණක සිටි බොහෝ පිරිස් අවසාන අරමුණට පෙර බිඳ වැටී අවසන් විය .
මේ මොහොතේ ජවිපෙ දේශපාලනය පට්ට ගහන විමල් වීරවංශ, ජවිපෙ හිටපු ප්‍රචාරක ලේකම්වරයා ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම්, ජවිපෙ හිටපු අභ්‍යන්තර නායකයා බව කුප්‍රකට ය. කතානායකවරයාට පුටු ප්‍රහාර එල්ල කරන ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය යූඑන්පී ආණ්ඩුවල කැබිනට් අමාත්‍යවරයෙකි. ගවේෂකයෝ, ජනතා මිතුරෝ, සිහල උරුමය, වීර විදාන හරහා අනාගත දේශපාලන න්‍යාය පත්‍රය කෙටුම්පත් කරන චම්පික රණවක දැන් ඉන්නේ යූඑන්පී පිලේ ය. එස් බී දිසානායක නොහිටපු ආණ්ඩුවක් මෑත ඉතිහාසයේ නැති තරම් ය. කාලයට සාපේක්ෂව දේශපාලනිකව ශිෂ්ට ලෙස පරිණාමය වූයේ නම් ඔවුන් අපෙන් උදුරාගත් මිනිස් පැය ගණන කෙනකුට ප්‍රබුද්ධ වීමට ප්‍රමාණවත් ය.
2015 දී ආගමික මූලධර්මවාදයට, සියලු මිථ්‍යාදෘෂ්ටික ඇදහිලිකරුවන්ට සහ ලංකාව පුරා දිගේලි වෙමින් පැවති ෆැසිස්ට්වාදී ගෝත්‍රික රාජ්‍යත්වයට එරෙහිව පෙනී සිටීමේ සහ මහ මැතිවරණයට ඉදිරිපත් වී පෞද්ගලිකව පරාජයට පත් වී අරගලය ජයග්‍රහණය කිරීමේ සතුට තවමත් මා සතු ය. දැනටත් පාර්ලිමේන්තුවේ දෙපසකට වී මරාගන්නා බොහෝ දෙනා ද වත්මන් ජනාධිපතිවරයා ද මම හොඳින් හඳුනන්නෙමි. ඔවුන් සමඟ තිබූ ළඟ සම්බන්ධතා දුරස් වීම මා ලිට්මස් පරීක්ෂණයකින් සමත් වීමක් වැන්න. අත්දැකීම් මිනිසුන් පොහොසත් කරන්නේ ය. ඒත් අපේ රටේ බොහෝ මිනිස්සු ශිෂ්ට සම්පන්න විශිෂ්ට පුරවැසියන් නොව යටත්වැසි මෝඩයෝ ය.
අප පාලනය කරන්නේ අශිෂ්ට ගං හරක් ය. පාර්ලිමේන්තුවේ බිහිසුණු කොමඩි නටන සියල්ලෝ දුක්ඛදායී දරුණු ඛේදවාචකයකට රටේ අනාගතයත්, අනාගත පරම්පරාවත් තල්ලු කරමින් සිටිති. ඒ බව සිතන්නට තරම් ශිෂ්ට සම්පන්න මනුස්ස සිහි බුද්ධියක් ඇත්තෝ වර්තමාන පාර්ලිමේන්තුවේ දුලබ ය. මහගොනා ඇතුළු දෙතුන් පැත්තේම සිටින බහුතරය පුස්සන් කොට, මිනිස් වාසයෙන් තොර ගන වනයක ගැට ගැසිය යුතු තරම් කුලප්පු පිස්සු අම්බරුවෝ ය.
මිත්‍රවරුනි,
හෙට දවසේ යම් පමණකින් හෝ නිදහස් මිනිසුන් ලෙස ජීවත් වීමට ඔබට අවැසි නම්, මේ මොහොතේ අරගලය කළ යුතු ම ය. දෙන දෙයක් කා, වෙන දෙයක් බලා හිඳීම භයංකර කළු කුහරයක් තුළ අනාගතය සිරගත කිරීමක් බව ලියා තබමි. තනි තනිව, වෙන් වෙන්ව මේ මොහොත පිළිබඳව අතිශය වේදනාකාරී හුදෙකලාවකින් සිටින සියලු දෙනා 'මේ මොහොතේ' අනාගතයට වග කිවයුතු කොටස්කරුවෝ ය. මේ බියකරු තාප්පය පෙරළා දැමීමට ශක්තිය සැපයිය හැකි සිවිල් සමාජ බලවේග බොහෝ ය. ඔවුන් සමඟ ඔබ සම්බන්ධ වුවත් නැතත් තනි තනිව හෝ ගඩොලින් ගඩොල පෙරළා මේ බියකරු පවුර පෙරළා දැමිය යුතු ය.
උපුල් ශාන්ත සන්නස්ගලගේ ෆේස්බුක් පිටුවෙනි
www.reporter.lk

COMMENTS