කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ අද (07) දහවල් 11.30 ට පමණ හදිසියේම විදුලි සැපයීම විසන්ධි වී ගිය නිසා ගුවන් තොටුපොළ අත්‍යවශ...
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ අද (07) දහවල් 11.30 ට පමණ හදිසියේම විදුලි සැපයීම විසන්ධි වී ගිය නිසා ගුවන් තොටුපොළ අත්‍යවශ්‍ය රාජකාරි සිදු කිරීම දුෂ්කර තත්වයකට පත්විය.
මේ සමගම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන විදුලි ජනක යන්ත්‍ර පද්ධතිය පණ ගැන්වීම සිදු නොවූ අතර , පසුව එම යන්ත්‍ර ක්‍රියාත්මක විය.
එහෙත් මෙම විදුලි ජනක යන්ත්‍ර මගින් සැපයෙන විදුලි බලයෙන් ගුවන් තොටුපොළ තුළ ආලෝකය සැපයීම සහ වායු සමීකරණ යන්ත්‍ර පමණක් ක්‍රියාත්මක කිරීම සිදු වූ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
එහෙත් ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය ද මේ නිසා අක්‍රියව ගොස් තිබුණද , එම නිලධාරීන් එම රාජකාරි කටයුතු අතින් සිදු කරමින් , ඇති විය හැකි ගුවන් ගමන් ප්‍රමාදය වලක්වා ලීමට පියවර ගෙන තිබුණි.
මේ අතරතුර වරින්වර විදුලිය පැමිණ යළිත් විසන්ධි වූ අතර , දහවල් 12.45 ට පමණ විදුලිය ස්ථාවර ලෙස ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත විය . ඒ වනවිට පැයකුත් විනාඩි 15 ක පමණ කාළයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විදුලිය විසන්ධි වී පැවතුණි.
COMMENTS