අ ග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ කැබිනට් මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වීමත් සම...
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ කැබිනට් මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වීමත් සමඟම එම රජයේ ඇමතිවරු ඉල්ලා අස්වෙමින් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබා දීම මේ වන විට ආරම්භ කර ඇත.
ඒ අනුව වනජීවී හා සංචාරක අමාත්‍යධූරයේ කටයුතු කළ වසන්ත සේනානායක මහතා සියධූරයෙන් ඉල්ලා අස්වී ඇත. තමා ආණ්ඩුවට එකතු වුයේ බහුතරය ඇති බවට විශ්වාස කරමින් වුවත් අද (14) දිනයේ පාර්ලිමේන්තුවේදී බහුතරය නොමැති බව අද පෙනී ගිය බවත් ඒ මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.
එසේම රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිව්රුම් දී රාජපක්ෂ රජය නියෝජනය කළ ඒ.එච්.එම් ෆවුසි, පියසේන ගමගේ සහ වඩිවේල් සුරේෂ් යන අයවළුන්ද එක්සත් ජාතික පෙරමුණට සහයෝගය දීමට කටයුතු කර ඇත. එසේම පසුගිය දා නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ මනූෂ නානායක්කාර මහතාද අද පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පෙරමුණ සමඟ අසුන් ගත්තේය.
COMMENTS