එක්සත් ජාතික පක්ෂය තුළ මෙවර මතු වූ නායකත්ව ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහ මහතාට හා සජිත් ප්‍රේමදාස මහතාට මහත්වරු දෙදෙනෙක් මෙන් සාකච්ජා කර විසඳ...
එක්සත් ජාතික පක්ෂය තුළ මෙවර මතු වූ නායකත්ව ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහ මහතාට හා සජිත් ප්‍රේමදාස මහතාට මහත්වරු දෙදෙනෙක් මෙන් සාකච්ජා කර විසඳා ගැනීමට නොහැකි වූ බව එජාප ජාතික සංවිධායක නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක නවීන් දිසානායක මහතා පැවසුවේය.
ඔහු මේ බව සඳහන් කළේ නුවරඑළියේදී පැවති ජන හමුවකදීය.
රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතා වෙත නියෝජ්‍ය නායකකම,විපක්ෂ නායකකම,සන්ධානයේ නායකකම ඇතුළු බොහෝ තනතුරු විරෝධතා මැද වුවද ලබා දුන් තත්ත්වයක පක්ෂය කැඩීමට හේතුවක් නැති බව දිසානායක මහතා කියා සිටියේය.
''අපි සජිත් මහත්තයට කිව්වේ ඔබතුමා තමයි නියෝජ්‍ය නායකයා ඊළඟට නායකයා. කිසිම ගැටළුවක් නැහැ අපිට. සජිත් මේ පක්ෂයේ දෙවෙනිපෙළ හැදුවා ජේ.ආර්.ජයවර්ධන වගේ. මමත් හිටියේ සජිත්ගෙන් පස්සේ නායකත්වය ගන්න. සජිත් ප්‍රේමදාස මහත්තයට තිබ්බේ ඉවසන්න විතරයි. එතුමා ඉවසුවේ නැහැ. ඒ නිසා තමයි මේ ප්‍රශ්නය ඇති වුණේ.''
පසුගිය මාස කිහිපය තුළ සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම පැය පහ හය පක්ෂය ඇතුළේ තර්ක විතර්ක කළ අතර කෑගැසීම් බැන වැදීම්ද පැවති නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ඒ සියල්ල ඉවසීමෙන් දරා සිටි බවද නවීන් දිසානායක මහතා සඳහන් කළේය.
''මම තමුන්නාසේලාට කියනවා අපෙන්ම හැදුණු කණ්ඩායම්, මිනිස්සු අපෙන් පිට ගිහිල්ලා චයිනීස් සජිත් වෙන්න පුළුවන්,දිනේෂ් වෙන්න පුළුවන්. අපේම මේසේ කාලා,අපේම තේ ටික බීලා දැන් අපිටම බනිනවා.'' යනුවෙන්ද දිසානායක මහතා පැවසුවේය.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසු තමන් පක්ෂයේ නායකත්වය බලාපොරොත්තු වන අතර ඒ සඳහා වික්‍රමසිංහ මහතාගේ සහය අවශ්‍ය නොවන බවත් එම සටනේදී වික්‍රමසිංහ මහතා ස්වාධීනව සිටින ලෙසත් තමන් ජනතාවගේ සහයෙන් එම ඉලක්කයට යාමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරන ලදී.
COMMENTS