දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රට අනතුරේ හෙළා පසෙකට වී සිටින්නට පුළුවන් දැයි ගෝඨා අසයි
Homeප්‍රවෘත්ති

රට අනතුරේ හෙළා පසෙකට වී සිටින්නට පුළුවන් දැයි ගෝඨා අසයි

PropellerAds

රට අනතුරේ හෙළා පසෙකට වී සිටින්නට අපට පුළුවන් දැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අසයි. ඒ පසුගියදා පැවති එළිය වැඩසටහනට සහභාගි වෙමි...

ගෑස් හිගය දරුණු වෙයි.. ගෑස් නැවු තවත් සති ගණනක් ප‍්‍රමාදයි..
ලොවම කම්පා කරමින් කුහරයක සිරවූ සුජිත් මිය යයි - (video)
sajith premadasa
රට අනතුරේ හෙළා පසෙකට වී සිටින්නට පුළුවන් දැයි ගෝඨා අසයි

රට අනතුරේ හෙළා පසෙකට වී සිටින්නට අපට පුළුවන් දැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අසයි.

ඒ පසුගියදා පැවති එළිය වැඩසටහනට සහභාගි වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"අද සමහර අය අහන ප්‍රශ්නයක් තමයි මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට තව අවුරුදු එකහමාරක් හිටිය නම් තුනෙන් දෙකක බලයක් සමග ආණ්ඩුවක් පිහිටුවන්න තිබුණා නේද කියන එක. මම හොදින් දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඒක කරන එක සුළු දෙයක් කියලා. නමුත් ප්‍රශ්නය වෙලා තිබුණේ අවුරුදු එකහමාරක් යනකොට අපේ රට මොන තත්ත්වයකට පත්වෙලා තියේවිද කියන එක. රට අනතුරේ හෙළා අපට පසෙකට වී බලාසිටින්ට පුළුවන් ද කියලා අප කාටත් හිතන්න වෙනවා.  එදා නොයෙක් අවස්ථා වල ලක්ෂ සංඛ්‍යාත ජනකායන් කොළඹට ඇවිල්ලා ඉල්ලා සිටියේ රට ආගාධයට ඇද දමන මේ රජය පලවා හැරලා නව රජයක් බිහිකරන්න කියන එක. ඒ වගේම මේ රටේ සිටින වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, ගොවියන්, කම්කරුවන් මේ සියලු දෙනාම බලා සිටියේ කවදද ඒ රජය එලවන්නේ කියලා. පැහැදිලිවම එයට හේතු තිබුණා. ආර්ථිකය වනසලා, රණවිරුවන් දඩයම් කරලා, රට බෙදන ව්‍යවස්ථා ගෙනැල්ලා, සෑම අංශයකින්ට රට පහළ ඇද දැමීමමයි පැහැදිලි හේතුව."

"එදා රනිල් වික්‍රමසිංහ රජය බිහිකළේ විජාතික බලවේග. පසුගිය රජය වැටුණට පස්සේ ඔවුන් හැසිරුණු ආකාරයෙන් අපි දැක්කා කාට අවශ්‍ය රජයක් ද මේ රටේ තිබුණේ කියන එක. එදා ශබ්දයෙන් විමසපු විශ්වාසභංගය ස්ථිර වුණා කියනකොට කතානායක ගැලරියේ හිටපු බටහිර තානාපතිවරු අත්පොළසන් දුන්නා. විදෙස් තානාපතිවරු රටකට පත්කරන්නේ එවැනි කටයුතු කරන්න ද ? වර්තමානයේ සියලුම රටවැසියන් දන්නවා හම්බන්තොට වරායේ ඉදලා අපේ සම්පත් විජාතිකයන්ට විකුණුවා, විකුණන්න සැලසුම් හැදුවා කියලා. නිදහස් වෙළඳ ගිවිසුම් හරහා රටට කරන්න ගිය දේ ගැනත් සියලුදෙනා දැනුවත්. රට බේරාගත් රණවිරුවන්ට සිදුකළ නිමක් නැති කරදර පිළිබඳව යළි යළිත් කියන්න අවශ්‍ය නැති බව මම හිතනවා.  මා දකින අභාග්‍යම සම්පන්න දෙය තමයි මොවුන් ගෙන එන්නට සැලසුම් කරලා තිබුණු ව්‍යවස්ථාව. බලරහිත ජනාධිපතිවරයෙක් බිහිකරලා, පාර්මේන්තුවේ බලය අඩු කරලා, ෆෙඩරල් රාජ්‍යයක් ඇති කරලා, පළාත් සභා වලට බලය ලබාදෙන වැඩ පිළිවෙලක් එහි අන්තර්ගත වෙලා තිබුණා. පසුගිය රජය ගෙන ආ 19 වැනි සංශෝධනය හරහා අද රට වැටී ඇති තත්ත්වය දිහා බැලුවහම නව ව්‍යවස්ථාවක් සම්මත කරගත්තා නම් රට කුමන තත්ත්වයකට ඇද වැටෙයි ද කියලා කාටත් හිතාගන්න බෑ. නව ව්‍යවස්ථාවෙන් ගෙන එන්නට සැලසුම් කළ ව්‍යුහයක් තුළ බැරෑරැම් කාරණා කෙසේ වෙතත් රටේ එදිනෙදා පාලනයට අදාළ කටයුතු, අඩුම තරමේ සංවර්ධනයක්වත් සිදුකරන්නේ කොහොමද කියලා තීරණය කරන්න අපහසු තත්ත්වයකයි තිබුණේ."

"මේ විදියට බලද්දි පසුගිය රජය පෙරළා දැමීමෙන් මව්බිමට සිදුවුණු විශාලතම ලාභය තමයි මේ වගේ රටට අහිතකර ව්‍යවස්ථාවක් ගෙන ඒම වැළැක්වීම.  රටේ ආර්ථිකය විනාශ කරපු, අපේ සම්පත් විදේශිකයන්ට විකුණා දැමූ, අපේ රණවිරුවන් යුධාධිකරණ වලට ගෙනයන්න හදපු, දේශීය කර්මාන්ත විනාශ කරපු, අපේ කෘෂිකර්මාන්තය, ගොවියා වළපල්ලට ඇද දැමූ, නව ව්‍යවස්ථා මගින් රටේ පාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම විනාශ කරන්නට සැලසුම් හැදූ ඒ රජයට තව අවුරුදු එකහමාරක් ඉදිරියට යන්නට ඉඩදෙනවාද, දෙන්න තිබුණා ද කියන පැනය තමයි අපිට තිබුණේ.  අද ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. ඒත් ඡන්ද පැවැත්වීම ප්‍රජාතත්ත්‍ර විරෝධී කියා හංවඩු ගසනවා. සමහර විට බටහිර බලවේගත් සිතනවා ඇති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ කියලා. එයයි රටේ අභාග්‍යසම්පන්න බව.  එදා කියූ යහපාලන කතා වලට ජනතාව රැවටුණු ජනතාවම ටික කාලයකට පස්සේ කියන්න පටන් ගත්තා අපට වැරදුණා කියලා. රටේ උන්නතිය උදෙසා එදා අප ගෙනගිය සියලු වැඩපිළිවෙලවල් ඇණහිටින කොට ජනතාව තේරුම් ගත්තා යහපාලනය යනු කටකතාවක් පමණයි කියලා. අපි යම්කිසි ඉලක්කයකට යනවා නම් බාධක වලට මුහුණ දෙන්න සිදුවෙයි නමුත් ඒවා නොසලකා හැර අපි සියලු දෙනාම එකාවන්ව එක් වී යළිත් රට ගොඩනගන සටනට උරදෙමු, අපේ ඉලක්කය කරා යමු යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රට අනතුරේ හෙළා පසෙකට වී සිටින්නට පුළුවන් දැයි ගෝඨා අසයි
රට අනතුරේ හෙළා පසෙකට වී සිටින්නට පුළුවන් දැයි ගෝඨා අසයි
http://am.lk/media/k2/items/cache/e72adb02bdcd6c1895fc4af62d550bf9_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_695.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_695.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy