පසුගිය දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත...
පසුගිය දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මකවන පරිදි අහෝසි කරන්නැයි ශ්‍රීලනිප ප්‍රබලයින් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැඩි බලපෑමක් සිදුකරන බව ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග තොරතුරු වාර්තා කරයි.
එහිදී ඔවුන් ජනාධිපතිවරයාට බලපෑම් කරන්නේ මේවට විට රටේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයේ සම්පූර්ණ වගකීම ඔවුන් භාරගත යුතු බවයි. එලෙස ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්නට කටයුතු නොකළොත් තමන්ට දැඩි දේශපාලනික තීන්දුවකට එළඹීමට තමන් සූදානම් බවත් අදාළ පිරිස ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත.
එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වී මැතිවරණයට ඉදිරිපත්වීමට ගත් තීන්දුවත් සමඟ කළකිරීම සිටින සියලුම ශ්‍රීලනිප පාක්ෂිකයින් සියලු දෙනාම ජනාධිපතිවරයාගේ තීන්දුව දෙස බලා සිටින බවත් අදාළ පිරිසගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි නොකළොත් එක පක්ෂය තුළ දැවැන්ත අරගලයක් දක්වා වර්ධනය වී ශ්‍රීලනිපයට දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුවිය හැකි බවය.
මේ පිළිබඳ ජනාධිපතිවරයා මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නැති අතර තමන් මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ තීන්දුව ඉක්මනින්ම බලාපොරොත්තුවන බවත් අදාළ ශ්‍රීලනිප ප්‍රබලයින් පිරිස ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත.
ශ්‍රීලනිප අනුශාසකවරයෙකු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වට නාමල් රාජපක්ෂ,මහින්දානන්ද අලුත්ගමගේ, මහින්ද යාපා අබේවර්ධන, රෝහිත අබේගුණවර්ධන, පියංකර ජයරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, තාරානාත් බස්නායක, ඩුලිප් විජේසේකර, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නිමල් ලාන්සා, කංචන විජේසේකර, සුමේධා ජී.ජයසේන, ටී.බී.ඒකනායක, ජනක බණ්ඩාර තෙන්නකෝන, ප්‍රසන්න රණතුංග, ශෙහාන් සේමසිංහ, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර, සුසන්ත පුංචිනිලමේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ජානක වක්කුඹුර, තේනුක විදානපතිරණ, චන්දිම වීරක්කොඩි, ඩී.වී.චානක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්හ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත් ඒ හරහා ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමටත් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවලට බලයක් පවතී. පසුගිය වසර 25 මුළුල්ලේම පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ගනු ලැබූ උත්සාහයන්හීදී දේශපාලන පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අසාර්ථකව තිබේ. කෙසේ වුවද නිසි කාර්ය පටිපාටියක් අනුව විනය පරීක්ෂණයක් පවත්වා වරද ඔප්පු වූ පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට බාධා නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අධ්‍යයනයේදී පෙනී යයි. මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසිවු පසු ඔහුට තම මන්ත්‍රී ධුරය අහිමි වේ.
පිල් මාරු කරන්නන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම පිළීබඳ වැඩිදුර තොරතුරු සඳහා පහත ලින්කුව භාවිත කරන්න.
http://www.manthri.lk/en/blog/posts/--26?fbclid=IwAR0LZMIjoglDtlsbX_UeIqJDxRIVdXduBk_4QOAJDeyUpNC_-ba5cweh9Q0

COMMENTS