දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“රනිල් යළි අගමැති වුනොත් මං පැයක්වත් ජනාධිපති ධූරයේ නොසිට ඉල්ලා අස්වෙනවා” - ජනපති
Homeප්‍රවෘත්ති

“රනිල් යළි අගමැති වුනොත් මං පැයක්වත් ජනාධිපති ධූරයේ නොසිට ඉල්ලා අස්වෙනවා” - ජනපති

PropellerAds

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් නැවත අගමැති කළහොත් තමා ජනාධිපති පුටුවේ පැයක්වත් නොසිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහව...

වීරකැටියේ දෙපිරිසක් ගැටී තරුණයෙකු මරුට
ජනපතිට - අගමැතිට මහ අධිකරණයෙන් සිතාසි
සයිටම් රෝහල රජයට පවරා දෙයි - නොමිලේ සේවා අගෝස්තු 1 වනදා සිට (VIDEO)
“රනිල් යළි අගමැති වුනොත් මං පැයක්වත් ජනාධිපති ධූරයේ නොසිට ඉල්ලා අස්වෙනවා” - ජනපති

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් නැවත අගමැති කළහොත් තමා ජනාධිපති පුටුවේ පැයක්වත් නොසිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවේදී ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
 
තමා 2015 ජනවාරි අට වැනිදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කර එක්තරා තද බල පියවරක් ගත් බවත්, අද ගෙන ඇත්තේ ඊටත් වඩා තද බල පියවරක් බවත් පවසා ඇති ජනාධිපතිවරයා එසේ කළේ රටත් ජනතාවත් ගැන සිතා බව ද සඳහන් කර ඇත.
 
තමා 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කර සිටියදී එජාපයේ ලේකම්වරයකු තමාට ලිපියක් ගෙනැවිත් දුන් බව පවසා ඇති ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කළ යුතු බව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අහවල් වගන්තිය යටතේ ජනාධිපති සතු බලතල අගමැතිවරයාට පවරන බවට අත්සන් කරන්නැයි එහි සඳන්ව තිබූ බව ද පවසා ඇත.
 
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කළ හැකි නමුත් ඒ කියන ආකාරයට ජනාධිපති බලතල ඔහුට පැවරිය නොහැකි බවත් සඳහන් කරමින්, තමා එජාප නායකයින් වෙත ලිපියක් යැවූ බවද ජනාධිපති සිරිසේන මහතා සඳහන් කර ඇත. රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේ ඒ ආකාරයෙත් බව පවසා ඇති ජනාධිපතිවරයා තමා පසුගිය වසර තුන හමාර ගත කළේ ඉතාම අසීරුවෙන් බව ද සඳහන් කර තිබේ.

මේ තත්ත්වය හමුවේ තමා, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කර නව ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළේ තවදුරටත් ඊට ඉඩදිය නොහැකි නිසා බව ද ජනාධිපතිවරයා පවසා ඇත.  

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “රනිල් යළි අගමැති වුනොත් මං පැයක්වත් ජනාධිපති ධූරයේ නොසිට ඉල්ලා අස්වෙනවා” - ජනපති
“රනිල් යළි අගමැති වුනොත් මං පැයක්වත් ජනාධිපති ධූරයේ නොසිට ඉල්ලා අස්වෙනවා” - ජනපති
http://am.lk/media/k2/items/cache/859458c0aabe6efcc450028edcf44e20_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_33.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_33.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy