පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් අද (12)...
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් අද (12) සළකා බලන බව අධිකරණ ආරංචි මාර්ග කියා සිටී.
ඒ අනුව මෙම පෙත්සම් අගවිනිසුරු නලීන් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවනු ලැබේ.
මේ පිළිබඳ හිටපු අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ට්විටර් ගිණුමේද සටහන් කර තිබේ.
මේ වන විට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය විමල් වීරවංශ , එක්සත් ජාතික පක්ෂයෙන් මංගල සමරවීර, දෙමළ ජාතික සන්ධානයෙන් ඒම්.ඒ සුමන්තිරන්, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම දෙමළ ජාතික සන්ධානය ද මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සාධාරණයක් බලාපොරොත්තුවෙන් මෙලෙස පෙත්සමක් ගොනු කරන බව එක්සත් ජාතික පක්ෂය කියා සිටියි.
We are at Supreme Court awaiting consideration of our FR petitions against unconstitutional action by President @MaithripalaS by 3 judge bench today. Hopeful SC will give just and equitable relief under the Constitution of the Democratic Socialist Republic. #CoupLK @RW_UNP pic.twitter.com/gl5OqASNG2
— Harsha de Silva (@HarshadeSilvaMP) November 12, 2018
COMMENTS