මොන ආණ්ඩුව ආවත් තමාට ඇමැති ධුරයක් හිමිවන බවත් ඒ සම්බන්ධව කිසිඳු ගැටළුවක් නැති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී එස්.බී නාවින්න ...
මොන ආණ්ඩුව ආවත් තමාට ඇමැති ධුරයක් හිමිවන බවත් ඒ සම්බන්ධව කිසිඳු ගැටළුවක් නැති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී එස්.බී නාවින්න මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ ඊයේ (01) කුරුණෑගලදී පැවැති එක්සත් ජාතික පාක්ෂික හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
තමා තීරණයක් ගැනීමට පෙර සිය පාක්ෂිකයින්ගෙන් විමසු බවත් තමාට කැමති තීරණයක් ගැනීමට ඔවුන් ඉඩ ලබා දුන්බවත් මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේය.
මේ අතර ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී එජනිස පාර්ලිමේන්තු මන්ත්රී එස්.බී දිසානායක මහතා සඳහන් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 95 දෙනාම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය සමඟ එක්ව සිටින බවයි.
මේ වනවිට පසුගිය රජයේ මැති ඇමැතිවරුන් බොහෝ පිරිසක් තම රජයට සහය දීමට ඉදිරිපත්ව සිටින බවත් ඉන් තෝරාගත් පිරිසක් සමඟ ශක්තිමත් රජයක් බිහිකිරීමට කැපවෙන බවත් දිසානායක මහතා වැඩිදුරටත් පැවැසී ය.
COMMENTS