දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

උතුරේ ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් 80%ක් ජනපති නියමයෙන් නිදහස් කෙරේ

උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය සඳහා ජනාධිපතිතුමා විසින් පත්කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකාය සිව් වන වරටත් ඊයේ (08) පෙරවරුවේ ජනාධිපත...

උතුරේ ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් 80%ක් ජනපති නියමයෙන් නිදහස් කෙරේ

උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය සඳහා ජනාධිපතිතුමා විසින් පත්කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකාය සිව් වන වරටත් ඊයේ (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස් විය.

දීර්ඝ කාලයක් පුරා පැවති යුද්ධයෙන් පසුබෑමට ලක් වූ උතුරු නැගෙනහිර පළාත්වල දියත්කර ඇති සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කරමින් එහි ජන ජීවිතය සමෘද්ධිමත් කිරීම උදෙසා ජනාධිපතිවරයා විසින් පසුගිය අගෝස්තු මාසයේ දී මෙම විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකාය පිහිටුවන ලදී.

ඉකුත් මාස 02 තුළ එය ඉතා සකී‍්‍රය ලෙස උතුරු, නැගෙනහිර පළාත්වල කි‍්‍රයාත්මක කෙරුණු අතර එම කටයුතු ඉහළ ප‍්‍රගතියක් අත්කරගෙන තිබීම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී සිය සතුට පළ කළේය.

මෙම නව වැඩපිළිවෙළ ඉතා ශක්තිමත්ව ඉදිරියේ දී කි‍්‍රයාත්මක කරන බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා වගකීම් ඉටුකිරීමට සාමුහිකව එක්වන්නැයි ද සියලු පාර්ශ්වයන්ට ආරාධනා කළේය.

මෙම විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකාය උතුරු හා නැගෙනහිර පළාත්වල කි‍්‍රයාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ සොයා බලන අතර, තවදුරටත් කි‍්‍රයාත්මක කළ යුතු නව ව්‍යාපෘති සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීම ද සිදු කරයි. ප‍්‍රමුඛ අවශ්‍යතාව පිළිබඳ සලකා බලමින් එම ක්ෂේත‍්‍ර සහ පුද්ගල කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් නව සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මකය.

අද පැවති සාකච්ඡාවේ දී උතුරු නැගෙනහිර පළාත්වල පානීය ජල සම්පාදන කටයුතු විධිමත් කිරීම සහ ඒ සඳහා කි‍්‍රයාත්මක කළ යුතු කඩිනම් වැඩසටහන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරිණි. එම පළාත් තුළ මතුව ඇති සංවර්ධන ගැටලු සහ ජනතා අවශ්‍යතා පිළිබඳ තොරතුරු පළාත් ආණ්ඩුකාරවරුන් විසින් මෙහිදී ඉදිරිපත් කළහ.

උතුරු නැගෙනහිර පළාත්වල ආරක්ෂක අංශ භාරයේ පැවති ඉඩම් නිදහස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙන අතර මීට පෙර ජනාධිපතිවරයා උපදෙස් දුන් පරිදි දෙසැම්බර් 31 වනදාට පෙර එම සියලු ඉඩම් නිදහස් කිරීම් අවසන් කිරීමට ගෙනයන වැඩපිළිවෙලේ ප‍්‍රගතිය ද සමාලෝචනයට ලක් කෙරිණි.

ඒ අනුව උතුරු නැගෙනහිර ආරක්ෂක අංශ භාරයේ පැවති රජයේ ඉඩම්වලින් සියයට 79.01 ක් ද, පෞද්ගලික හිමිකාරිත්වය සහිත ඉඩම්වලින් සියයට 90.02 ක් ද මේ වන විට නිදහස් කර තිබේ. මෙසේ නිදහස් කළ ඉඩම් අතර වලිකාමම් උතුරු ප‍්‍රදේශයේ වසර 27 කට පසුව නිදහස් කළ විශාල ඉඩම් ප‍්‍රමාණයට අමතරව, නඬේස්වරා විදුහල ඇතුළු පාසල් ද, මයිලෙඞ්ඩි ධීවර වරාය ඇතුළු ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන, ආගමික ස්ථාන හා දශක තුනකට අධික කාලයක් වසා දමා තිබුණු මාර්ග ගණනාවක් ද ඇතුළත්ය.

එම පළාත්වල ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ගෙන යන වැඩසටහන් පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු වූ අතර, විදේශීය ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීම මෙන්ම කර්මාන්ත ක්ෂේත‍්‍රයේ පුනරුදය වෙනුවෙන් කි‍්‍රයාත්මක වැඩසටහන් පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

මඩූ පූජා භුමියේ ප‍්‍රතිසංස්කරණ කටයුතුවල ප‍්‍රගතිය මෙන්ම අලිමංකඩ ලුණු ලේවායේ සංවර්ධන කටයුතු අතුළු තවත් විශේෂ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ප‍්‍රගතිය පිළිබඳව ද මෙහිදී විමසා බැලිණි. කඩිනමින් කි‍්‍රයාත්මක වන මෙම සංවර්ධන ව්‍යාපෘති මගින් එම පළාත් දෙකෙහි ජනතාවගේ ජන ජීවිතය වඩා වේගවත් පරිවර්තනයකට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28599,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුරේ ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් 80%ක් ජනපති නියමයෙන් නිදහස් කෙරේ
උතුරේ ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් 80%ක් ජනපති නියමයෙන් නිදහස් කෙරේ
http://am.lk/media/k2/items/cache/2ec2264983c44e0c55e614afb1995b30_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/80.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/80.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy