රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ගැටලූ පවතින බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි. ...
රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ගැටලූ පවතින බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ පැවති නඩු කටයුත්තකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් උන්වහන්සේ මේ බව සදහන් කළේය.
මේ අතර, සිරදඩුවම අත්හිටුවන ලෙස ඉල්ලමින් පුජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති අභියාචනා පෙත්සම අද සලකා බැලීමට නියමිතව තිබේ.
ඒ අනුව, අද උන්වහන්සේට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානය ඇතුලූ තවත් සංවිධානය කිහිපයක නියෝජිතයින් ඊයේ පාගමනක නිරත වුණේ කැළණියේ පිහිටි උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු කෝවිලේ සිටය.
පාගමනින් කැළණිය රජ මහා විහාරස්ථානය වෙත පැමිණි පිරිස, අනතුරුව ඥානසාර හිමියන් වෙනුවෙන් ආශීර්වාද පූජාවක් පවත්වනු ලැබීය.
එම වීඩියෝව පහතින්,
COMMENTS