පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ මහතා විසින් එල්ල කරන චෝදනාවන්ට පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ප‍්‍රතිචාර දැක්වීය. කොළඹද...
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ මහතා විසින් එල්ල කරන චෝදනාවන්ට පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ප‍්‍රතිචාර දැක්වීය.
කොළඹදී පැවති ජනබල මෙහෙයුමේදී ඔහු විසින් බාරගත් ජලය හා වැසිකිලි පහසුකම් නොදී පැන ගියේ යයිද පවසන මන්ත‍්‍රීවරයා නාමල් බබාට කේලාම් කීම ඔහුගේ රාජකාරියක් යැයිද පැවසීය.
එහිදී කුමාර වෙල්ගම මහතා මෙසේ අදහස් දැක්වීය.
"සේමසිංහ මන්ත්‍රීතුමා ඉතාම කුඩා දරුවෙක්. ඔය සුදු පුතාට කරන්න පුළුවන් එක දෙයයි. කොළඹට ඇවිල්ලා එක එක නායකයන්ට කේලම් කියලා එයාලා තමයි නාමල් මහත්යව අමාරුවෙ දැම්මෙ. නාමල් බබාට කේලම් කිය කියා ඉන්නේ නැතිව අනුරාධපුරේට ගිහින් චන්ද්‍රසේන මහත්තයා එක්ක ඉඳලා එයාගෙ ජ්‍යේෂ්ඨත්වයට සලකන්න මට සලකන්න ඉස්සෙල්ලා. අනිත් එක තමයි නාමල් රාජපක්ෂ මහත්තයා ජන බල මෙහයුමක් කලා. මේ සුදු පුතා කිව්වා එයා භාරගන්නව කියලා ඔක්කොටම වතුර දෙන්න මිනිස්සුන්ට යන්න බාත්රූම් කක්කුස්සි දානවයි කිවුව. අන්තිමට ජන බලය බලනකොට වතුරත් නෑ බාත්රූම් කක්කුස්සිත් නෑ. මිනිහගේ ෆොන් එක ඔ්ෆ් කරල මිනිහා පැනලා ගිහිල්ලා. වැදගත්ම දේ තමයි සිරිසේන මහත්තයා මේ රටේ ජනාධිපතිවරයා හැටියට පත් උනාම ලංකාවේ ඉස්සෙල්ලම පෝස්ටර් එකක් ගැහුවේ ඔය අපේ සුදු පුතයි එයාගේ තාත්තයි සිරිසේන මහත්තයාගෙයි පොටෝ තුනම දාලා මුලු අනුරාධපුරයේම ඇලෙව්වු සිරිසේන මහත්තයට සුබ පතල."
එම වීඩියෝව පහතින්,
COMMENTS