සහජීවන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී රටේ ඒකීයභාවය සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බව සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දි...
සහජීවන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී රටේ ඒකීයභාවය සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බව සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමි පවසයි.
අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පල කළේය.
උන් වහන්සේ වැඩිදුරටත් මෙලෙස ප්‍රකාශ කළේය.
“දැන් බලන්න මම පුවත්පත් වල දැක්කා ජනාධිපතිවරයා මොරගහකන්ද ජලාශයෙන් උතුරට යවන ජලය, ඒ අය කියනවා අපිට එපා කියලා. එතකොට එහෙ පන්සලක් පිළියම් කරලා පොඩ්ඩක් හරි හදන්න වුණොත් පිළිමයක් හදන්න වුනොත් ඒකට විරුද්ධ වෙනවා. නමුත් මේ පැත්තේ දකුණේ බලන්න, කවදාවත් එහෙම විරුද්ධ වෙනවද. ඔබතුමාලාට ඉඩම් ගන්න පුළුවන්, ඇවිල්ලා පදිංචි වෙන්න පුළුවන් ඒ මොකකටවත් අපි විරුද්ධ වෙන්නේ නැහැ. ඔබතුමන්ලා මේ සහජීවන ප්‍රතිපත්ති ගැන කතා කරනකොට ඒවා ගැනත් හිතන්න ඕනේ. අපි සමඟියෙන් සමාදානයෙන් මේ කටයුතු කරමු,මේ පුංචි රට,මේක එක එක කෑලි වලට කඩන්න එපා.එක එක භාෂා වලට කඩන්න එපා. මේක එක රටක් විදිහට තියන්න කටයුතු කරන්න අපි අධිෂ්ඨාන කරගන්න ඕන. කෝට්ටේ යුගයේ සිංහලම රජ ගොල්ලෝ බෙදිලා සටන් කළා. අන්තිමට වෙන කට්ටිය ඇවිල්ලා මේක යටත් කර ගත්තා. ඒ වගේ අපේ රටටත් සමහර විට ඉන්දියාවෙන් යටත් කර ගනීද එහෙම නැත්නම් චීනෙන් යටත් කර ගනීද එහෙම නැත්නම් අමෙරිකාවෙන් යටත් කර ගනීද කියලා අපිට සැකයි.මොකද අපි විරුද්ධ වෙලා භේද බින්න වෙලා හිටියොත් කවදාකවත් මේ රට දියුණු කරන්න බැහැ. ඒ නිසා අපි සමඟියෙන් සමාදානයෙන් කටයුතු කරමු,අපිට එහෙත් ඕනේ,ඔබට මෙහෙත් ඕනේ''
එම වීඩියෝව පහතින්,

COMMENTS