දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඒකාබද්ධයේ මන්ත්‍රීවරු මහින්දගේ අවසරය පිට වෙල්ගමට දොස් කියයි (VIDEO)
Homeප්‍රවෘත්ති

ඒකාබද්ධයේ මන්ත්‍රීවරු මහින්දගේ අවසරය පිට වෙල්ගමට දොස් කියයි (VIDEO)

PropellerAds

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මේවන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ. මීට පෙර ඒකාබද...

කිළිනොච්චි ජනතාවගේ ගැටලූවලට උතුරු ආණ්ඩුකාරගෙන් සහනයක්
ඇමති පාලිත ASP තනතුරක් ඉල්ලයි
අද සිට ලංකාවට හිරු මුදුන්වෙයි
ඒකාබද්ධයේ මන්ත්‍රීවරු මහින්දගේ අවසරය පිට වෙල්ගමට දොස් කියයි (VIDEO)

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මේවන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.

මීට පෙර ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ට වෙල්ගම මන්ත්‍රීවරයාව විවේචනය කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවස්ථාව ලබා දී නොතිබුණ අතර මේවන විට හිටපු ජනාධිපතිවරයාගේ අවසර පිටම මන්ත්‍රීවරුන් වෙල්ගම මන්ත්‍රීවරයාව ප්‍රසිද්ධියේම විවේචනය කිරීමට කටයුතු කරයි.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා චෝදනා කළේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොන්ත්‍රාත් ඉටු කරමින් සිටින බවයි.

එජාපයට ගෝඨා බයක් පැමිණිම ගැන ප්‍රශ්නයක් නැති බවත් වෙල්ගමට ගෝඨා භයක් ඇවිත් තියෙන්නේ ඇයි දැයි ප්‍රශ්නයක් බවත් අලුත්ගමගේ මන්ත්‍රීවරයා පැවසී ය.

“අපේ කට්ටිය මොකටද විපක්ෂයේ වගකීම බාරගන්නේ. රනිල්ගේ තියෙන බය මොකටද අපි කතාකරන්නේ. එනිසා අපි කියනවා වෙල්ගම මහත්තයට කරුණාකරලා රනිල් වික්‍රමසිංහට කඩේ යන්න එපා. එතුමට ඕන දේවල් කතාකරන්න එපා වෙල්ගම ඇමතිතුමා. බොහොම ගෞරවයෙන් ඉල්ලනවා.“ යැයි මන්ත්‍රීවරයා චෝදනා කළේය.

“අපේ සටන මොට කරන්න රනිල්ට වුවමනා දේ අපි අපේ වේදිකාවේ කතා කළ යුතු නෑ. මම මීට කලිනුත් කතාකරන්න ගියහම ජනාධිපතිතුමා කතාකරන්න එපා කිව්වා. එනිසා කතා කළේ නෑ. එනිසා ජනාධිපතිතුමනි සමාවෙන්න ඕන.“ යැයිද මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් පැවසී ය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ ඇතැම් අය පක්ෂය විනාශ කිරීමට සැලසුම් සහගතව ලබා ගත් කොන්ත්‍රාත්තුවක් ඉටු කරන බවයි.

“මේ පක්ෂය හරි ලස්සනට ගෙනාවා පසුගිය මාස හතර පහ තුළ. මේ මාස හතර පහ තුළ පුංචි පුංචි කතා මතුවෙනවා. අහවලා ගේන්න පොහොට්ටුවේ මං ඉන්න කම් ඉඩ දෙන්නේ නෑ. එවැනි තත්ත්වයට පත් වෙන්න එපා.“ යැයිද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරයා සඳහන් කලේ “අපි කියනවා කාගෙවත් ලණු කාලා කඩේ යන්න එපා මහත්තෙයෝ මං කවුරු ගැන කියන්නේ කියලා දන්නවනේ. ආන්න හරි වෙල්ගමද දන්නේ නෑ. කවුරු වුණත් අපිට කමක් නෑ“

එම වීඩියෝව පහතින්,

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඒකාබද්ධයේ මන්ත්‍රීවරු මහින්දගේ අවසරය පිට වෙල්ගමට දොස් කියයි (VIDEO)
ඒකාබද්ධයේ මන්ත්‍රීවරු මහින්දගේ අවසරය පිට වෙල්ගමට දොස් කියයි (VIDEO)
http://am.lk/media/k2/items/cache/fef1efcc86ba2e6c48d3c9ef3060ac38_S.jpg
https://i.ytimg.com/vi/DNNagwtXm54/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/video_16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/video_16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy