හම්බන්තොට, ලුණුගම්වෙහෙර නව බස් නැවතුම්පොළ අසළදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබ...
හම්බන්තොට, ලුණුගම්වෙහෙර නව බස් නැවතුම්පොළ අසළදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, මාතර සිට අම්පාර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ දෙහිඅත්තකණ්ඩිය සිට මාතර බලා ධාවනය වූ ලංගම බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බව ය.
අද දහවල් සිදු වූ අනතුරෙන් තුවාල ලැබූවන් දෙබරවැව, හම්බන්තොට සහ ලුණුගම්වෙහෙර රෝහල්වලට ඇතුළත් කර තිබේ.
තුවාලකරුවන් අතරට බස් රථවල රියැදුරන් ද ඇතුළත් ය.
COMMENTS