උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන රැකගැනීමට රජය මැදිහත්ව වියයුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මහනුවර සංචාරයක නිරත වූ හිටප...
උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන රැකගැනීමට රජය මැදිහත්ව වියයුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මහනුවර සංචාරයක නිරත වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (16) පස්වරුවේ ශ්‍රී දළඳා සමිඳුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබාගත්තේය.
ඉන් අනතුරුව මාධ්‍ය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
පසුගිය දා යාපනය විශ්ව විද්‍යාලයේ බුද්ධ රූපයක් තැන්පත් කිරිමට ගිය අවස්ථාවේදි සිදු වු ආරව්ල සම්බන්ධයෙන්ද මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට හිටපු ජනාධිපතිවරයා මෙහිදි පිළිතුරු ලබා දුන්නේය.
එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දැක්විය.
"අද වෙනුවට නැගෙනහිර උතුර බෞද්ධ සිද්ධස්ථානයන්හි විතරක් නෙවෙයි උතුරු මැද පළාතේ පන්සල්වල ප්‍රශ්නය මතු වෙලා තියෙනවා. විශ්වවිද්‍යාලයට යනකොට බුද්ධ රූපයක් තියෙනකොට කාමරේ මොකද වෙන්නේ ? ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ. ඒක යුතුකමක්. රජය මැදිහත් වෙන්න ඕනේ නැතුව හාමුදුරුවෝ ගිහින් නවත්වන්න යෑ."
COMMENTS