ජනප‍්‍රිය ගායන හා රංගන ශිල්පියකු වූ රොනි ලීච් මහතාගේ දේහය ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර සිට අද (10) මෙරටට රැගෙන ඒමට නියමිතය. දේහය මහජන ගෞරව...
ජනප‍්‍රිය ගායන හා රංගන ශිල්පියකු වූ රොනි ලීච් මහතාගේ දේහය ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර සිට අද (10) මෙරටට රැගෙන ඒමට නියමිතය.
දේහය මහජන ගෞරව සඳහා අද පස්වරු 6.00 සිට හෙට පස්වරු 2.00 දක්වා බොරැල්ල ජයරත්ත මල් ශාලාවේ තැන්පත් කර තිබේ.
ඉන් අනතුරුව දේහය ගල්කිස්ස ක‍්‍රිස්තුදේව දෙව් මැදුරේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු ගල්කිස්ස සුසාන භූමියේදි හෙට (11) පස්වරු 3.00ට සිදු කිරීමට නියමිතය.
මිය යන විට 65 වන වියේ පසු වූ රොනි ලීච් මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.
සංගිත ප‍්‍රසංගයකට සහභාගී වීමට ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නගරයට ගිය රොනී ලීච් මහතා ප‍්‍රසංගය සාර්ථකව නිමකර යළි දිවයිනට පැමිණීමට නියමිතව සිටියදී හෘදයාබාධයක් හේතුවෙන් පසුගියදා මිය ගියේය.
1973 වසරේදි ගායන ක්ෂේත‍්‍රයට පිවිසි රොනී ලීච් මහතා 1981 වසරේදි සුපර් ගෝල්ඩන් චයිම්ස් සංගිත කණ්ඩායමට ගායකයකු ලෙස එක්විය.
ඔහු ගායනා කළ ජනප‍්‍රිය ගිත අතර තට්ටයා, කවුද බොලේ ඇලිස්, කෙල්ලේ කෙල්ලේ සුදු කෙල්ලේ යන ගීත ද ඔහු රගපෑ චිත‍්‍රපට අතර ඇතින් ඈතට යලි හමුවෙන්නයි , චෙරියෝ ඩාලිං, ,ජොලි බොයිස්, මගෝ ඩිගෝ ඩයි යන චිත‍්‍රපට වේ.
COMMENTS