අ නියත බියකින් තොරව හෙට සිට දරුවන් පාසල් වෙත යොමු කරන ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා රටේ සියලු දෙමාපියන්ගෙන් ඉල්ලා සි...
අනියත බියකින් තොරව හෙට සිට දරුවන් පාසල් වෙත යොමු කරන ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා රටේ සියලු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.
අද (20) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.
දෙවන පාසල් වාරය ඇරඹුණ මෙහොතේ පාසල්වල ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යොදා ඇති අතර රට තුළ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බවද යුද හමුදාපතිවරයා සිහිපත් කළේ ය.
යුද හමුදාපතිවරයා පවසන්නේ, අනත්වාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ වනවිට රට තුළ ආරක්ෂාව තහවුරු කර ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට යුද හමුදාව ඇතුළු ආරක්ෂ අංශ දැඩි කැපවීමකින් කටයතු කර ඇති බවයි.
ත්‍රස්ත ප්‍රහාරයෙන් කෙටි කාලයක් තුළ ත්‍රස්තවාදීන් විනාශ කර හා ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් හා සාමය ආරක්ෂා කිරීම සඳහා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව උපරිම දායකත්වය ලබා දෙමින් සිටින බවයි.
ත්‍රස්ථවාදීන් ඉලක්ක කර ගත් ආරක්ෂක අංශ මෙහෙයුම් සහ රට තුළ යොදා ඇති ආරක්ෂක වැඩපිළිවෙල හේතුවෙන් රජයේ හා පෞද්ගලික අංශයේ සේවයට පැමිණීම හා අනෙක් කටයුතු වර්තමානය වන විට සතුටුදායක ලෙස වර්ධනය වී ඇති බවද මේ වසරේ දෙවැනි වාරය සඳහා පාසල් යළි විවෘත කළ මොහොතේ පාසල්වල ආරක්ෂාව සඳහා, විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබුණ ද බොහෝ දෙමව්පියන් පැතිර ගිය කටකතා හා අසත්‍ය පුවත් හේතුවෙන් දූදරුවන් පාසල් වෙත එවීමට මැලි වු බවද යුද හමුදාපතිවරයා පවසා සිටියේය.
කෙසේ වෙතත් මේ මොහොතේ දී සියලු පාසල් වෙත ආරක්ෂාව සැපයීම ශ්‍රී ලංකා පොලීසියේ හා ත්‍රිවිධ හමුදාවේ ප්‍රමුඛතම සේවාවක් ලෙස සලකා සියලු ආරක්ෂක පියවර ගෙන ඇති බැවින් අනියත බියකින් තොරව, දරුවන් හෙට දින සිට පාසල් වෙත යවන ලෙස ද රට රකින ජාතිය ලෙස යුද හමුදාව සෑම මොහොතකම සියලු දෙනා රැකීමට කැපවී සිටින බවත්, විශේෂයෙන් ළමා පරපුර ආරක්ෂා කිරීම ප්‍රමුඛත්වයක් ලෙස සලකා ආරක්ෂාව සපයා ඇති බැවින් සියලු දරුවන් පාසල් වෙත යොමු කරන ලෙස ද හමුදාපතිවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

COMMENTS